ඈත අභ්‍යවකාශයේ NGC 1291 නමැති ගැලැක්සියේ සිදවූ අන්තරීක්ෂ ළදරු උත්පාතය (Cosmic baby boom) යනුවෙන් හැඳින්විය හැකි සංසිද්ධියක් නාසා ආයතනය විසින් නිකුත් කළ ඇති මේ ඡායාරූපයෙන් පෙනේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 33කට ඔබ්බෙන් පිහිටි මේ ගැලැක්සියේ දක්නට ලැබෙන බාහිර දීප්තියට හේතුව එය ආවේශ වුනාක් මෙන් තාරකා බිහිකරමින් සිටීමයි. මෙය අන්තරීක්ෂ ළදරු උත්පාතය යනුවෙන් හැඳින්වූයේ එමගින් ළදරුතාරකා විශාල සංඛ්‍යාවක් බිහිවෙන බැවිනුයි. නාසා ආයතනයේ ස්පිට්සර් අභ්‍යවකාශ දුරදක්නයෙන් ගන්නා ලද මේ ඡායාරූපයේ මැද කොටසෙන් පෙනෙන්නේ දැනටමත් ඉන්ධන අවසන් වෙමින් යන පැරණි තාරකා ඇති ප්‍රදේශයයි. ඒවායෙන් නිකුත්වන ආලෝක තරංග කෙටිය, එබැවින් නිල්පැහැයෙන් යුක්තය. ගැලැක්සියේ පිට රවුම තුළ වායු කැළඹී සංකෝචනය වෙමින් දූවිලි අංශු අත්‍යන්ත ලෙස ගිනියම් වෙමින් තාරකා බිහිවෙන ආකාරය රතු පැහැ රවුමෙන් පෙන්නුම් කරයි. දීප්තියෙන් දිදුලන මේ දූවිලි අංශු වලින් ආලෝකය නිකුත්වන්නේ වඩා දීර්ඝ තරංග ආයාමයකින් යුක්තව බැවින් එය පෙනෙන්නේ රක්ත වර්ණ සුළියක් මෙනි.

නිව්සයන්ටිස්ට් සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending