මොළය වැනි තැනක ඇති මාරක ටියුමරයක් ඉවත් කිරීමේදී ශල්‍ය වෛද්‍ය වරයෙකු මුහුණ දෙන එක් බරපතල අභියෝගයක් වන්නේ ටියුමරය ඉවත් කිරීමට මොළයෙන් මොනතරම් ප්‍ර‍මාණයක් කපා ඉවත් කළ යුතුද යන්නයි. ප්‍රවේසම්වීම සලකා අවශ්‍ය ප්‍ර‍මාණයට වඩා අඩුවෙන් කපා ඉවත් කළහොත් ටියුමරය නැවත වැවෙන්නට පටන් ගනී. පමණට වඩා කපා ඉවත් කළහොත් මොළයේ ඇති නිරෝගී සෛල වලට හානි වීමෙන් වෙනත් ආබාධ ඇතිවිය හැකියි. එහෙත් තීන්ත වර්ගයක් ලෙස යොදාගත හැකි නව ආකාරයක අණුවක් නිසා ශල්‍ය කර්මවලදී  ටියුමරය සහිත කොටස අපහසුවකින් තොරව හඳුනා ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙයි. මේ ක්‍ර‍මය පිළිබඳ පර්යේෂණ පවත්වන ෆ්‍රෙඩ් හචින්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ටියුමර සෛලවල පමණක් ඇලෙන මේ තීන්ත වර්ගය අධෝරක්ත කිරණ එළියෙන් දිළිසේ.  එවිට ශල්‍ය වෛද්‍යවරුන්ට ටියුමරය ඇති කොටස පමණක් තෝරා බේරා ඉවත් කළ හැකි වෙයි.

ටියුමර හා ඇලවෙන මේ අණු වර්ගය මුලින්ම සොයාගනු ලැබුවේ ගෝනුසු විෂ වල අඩංගුවී තිබියදීය. එහෙත් දැන් ඒ අණු වර්ගය ගෝනුස්සන්ගේ ආධාරයකින් තොරව රසායානාගාර තුළ සංස්ලේෂණය කර ගැනීමට හැකිව තිබේ. මේ අනු ද්‍රාවණයට අධෝරක්ත එලියෙන් දිලිසෙන සංයෝගයක් එක් කිරීමෙන් ටියුමරය ශල්‍යකර්මකින් ඉවත් කිරීම පහසු කෙරේ.  මොලයේ සැදෙන ග්ලිඕමා නමැති ටියුමරයෙන් පෙළෙන රෝගීන් 21 දෙනෙකු යොදා 2015 අවසන් වීමට පෙර මේ ක්‍ර‍මය සායනික පරීක්ෂණයට ලක් කිරීමට අදහස් කෙරේ.

 

Science අඩවිය අැසුෙරනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending