වායු දූෂණය නිසා ඇතිවන විපාක ළමයින්ගේ Deficit Hyperactivity Disorder (ADHD) හෙවත් අවධාන ශක්තිය අඩුවීමේ ආබාධයට හේතුවක් වන බව නව විද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. සංසන්දනාත්මකව බැලූවිට අනෙකුත් දරුවන්ගේ මව්වරුන්ට වඩා පස් ගුණයක ප්‍රමාණයක වායුදුෂණයකට අවධාන ශන්තිය අඩු දරුවන්ගේ මවිවරුන් ගර්භනී අවධියේදී මුහුණ දී තිබු බවද මේ සමීක්ෂණයෙන් අනාවරණය විය. අමෙරිකාවේ කොලොම්බියා සරවිය විසින් නිව්යෝක් නගරයේ වායු දූෂණය සම්බන්ධයෙන් මේ පර්යේෂණය කළ අතර එහි වාර්තාව පසුගිය බදාදා නිකුත් විය.
ඛනිජතෙල් දැවීමේදී වාහන වලින් නිකුත්වන පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs), සහ අනෙකුත් විෂකුරු කාබනික ගර්භනී අවධියේදී නිරන්තරයෙන් ආඝ්‍රාණය කරන්නට සිදුවීමෙන් එවැනි මව් වරුන්ගෙන් උපදින දරුවන්ගේ අවධානය යොමුකර ගැනීමේ හැකියාව වයසඅවුරුදු 9 වන විට කැපී පෙනෙනෙ මට්ටමින් අඩුවිය හැකි බව මින් පෙර කළ පර්යේෂණ වලින් ද තහවුරු කළ කරුණකි. “අපේ පර්යේෂණයට අනුව ළමයින්ගේ අවධානය අඩුවීම පිලිබඳ ගැටලුවට සැහෙන පමණකින් හේතුවන්නේ පරිසර දූෂණය බව පෙන්වා දී තියෙනවා” යනුවෙන් කොලොම්බියා පර්යේෂණ කණ්ඩායමේ නියුතු වූ පරිසර සෞඛ්‍ය විද්‍යාඥවරියකු වන ෆෙඩරීසියා පෙරෙයිරා පැවසුවාය.
නිව්යෝක් නගරයේ අප්‍රිකානු අමෙරිකන් සහ ඩොමිනිකන් මව්වරුන් 233 දෙනෙකු ආශ්‍රිතව කරන ලද මේ පරීක්ෂණයේදී මව්වරුන් ප්‍රසූති අවධියේදී පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs) වලට අනාවරණය වූ ප්‍රමාණය ගණනය කිරීමට මව්වරුන්ගේ ජාන හා එක්ව තිබූ බෙන්සෝ ඒ පයිරීන් (benzo[a]pyrene) ප්‍රමාණය මැන බැලුවා. බෙන්සෝ ඒ පයිරින් සැලකෙන්නේ පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs) වල රසායනික සලකුණක් ලෙසයි. ඉන්පසුව ඉපදුනු ළමයින්ට වයස අවුරුදු 9ක් වූ විට සාමාන්‍යයෙන් ළමයින්ගේ අවධාණය අඩුවීමේ ආබාධ ලක්ෂණ දැනගැනීමට මව්වරුන් අතර බෙදාහරින ලද ඉලක්ක ප්‍රශ්නාවලියක් ඇසුරෙන් ළමයින් අතර අවධාරණය අඩුවීමේ ප්‍රමාණාත්මක වෙනස ගණනය කරනු ලැබුවා. ඒ අනුව අඩුම පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs)ප්‍රමාණයකට නිරාවරණය වූ මව්වරුන්ට වඩා වැඩිම පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs) ප්‍රමාණයට ආවරණය වූ මව්වරුන් බිහිකළ ළමයින්ගේ අවධායනය පවත්වා ගැනීමේ හැකියාව පස්ගුණයකින් අඩුබව සොයාගෙන තිබෙනවා.
අමෙරිකානු රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානයට අනුව හැම අමෙරිකානු ලමයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ADHD අවධානය අඩුවීමේ රෝගයෙන් පෙළේ. මේ තත්වයෙන් පෙළෙන දරුවන් ඉහළ අධයාපනයට යොමුකිරීමට අසීරුබවත් බොහෝවිට ඹවුන් වැඩිහිටි ජීවිතයේදී අඩු ආදායම් ලබන්නන් බවට පත්වෙන බවත් සමීක්ෂකයෝ පවසති.
අවධානය අඩුවීමේ ආබාධය, වටහා ගැනීමට අපහසුවීම වැනි හැසිරීම් සහ පරිසර දූෂණය අතර ඇති සම්බන්ධතාවය වෙනත් බොහෝ රටවල් ආශ්‍රය කොට කරන ලද විමර්ශන වලින්ද පෙන්වා දී ඇති බව මේ වාර්තාව ගැන සිය ප්‍රතිචාරය දක්වන නිව්යෝක් නගරයේ ඇලෙක්සැන්ඩර් කොහෙන් ළමාසෞඛ්‍ය මධ්‍යස්ථානයේ ළමාරෝග විශේෂඥ ඇන්ඩ්‍රෑ ඇඩිස්මන් ගර්භිනී අවධියේදී මව්වරුන් වායුදූෂණයට ගොදුරු වීම නිසා ඉපදෙන ළමයින්ට විවිධ වයස්වලදී සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම ටිකකලක සිටම ඔහුගේ අවධානයට යොමුවූ දෙයක් බවද පැවසුවා.
පැට්‍රල් ඩීසල් ආදී ඛනිජතෙල් දහනයෙන් නිකුත්වන පොලිසයික්ලික් ඇරෝමැටික් කාබන් (PAHs) ළමා සෞඛ්‍යයට බලපාන අන්දම ගැන මින් පෙර කළ පර්යේෂණ වලින්ද වයස අවුරුදු 3-7 අතර වයස්වල අඩුබුද්ධිඵලය, නිරන්තර අසහනය හා අඩු වර්ධනයට පොලිසයික්ලික් ඇරෝමැටික කාබන් සම්බන්ධ බව තහවුරු කර තිබෙනවා. ඒ හැර ඔර්ගනෝෆොස්පේට් කෘමිනාශක, පොලික්ලෝරිනේටඩ් බයිපෙනිල්ස්, තැලේට්ස් සහ පර්ෆ්ලුරිනේටඩ් සංයෝග (organophosphate pesticides, polychlorinated biphenyls (PCBs),phthalates සහ perfluorinated compounds) වැනි රසායන ද්‍රව්‍ය වල බලපෑම සහ අවධානය අඩුවීම අතර සම්බන්ධයක් ඇති බව මින්පෙර කළ මෙවැනි පර්යේෂණ වලින් හෙළිකර තිබෙනවා





ප්‍රතිචාරයක් ලබාදෙන්න