සමනලුන් සහ සලබයන් උන්ගේ පියාපත් විවිධාකාර කටයුතු සඳහා යොදාගන්නවා. පියාසර කිරීමට පමණක් නොව තමන් කෙතරම් විසකුරුදැයි ප්‍ර‍චාරය කිරීම පිණිසත් පරිසරයට අනුරූපවන ලෙස තම වෙස් සැඟවීමටත් සමනලයන්ට පියාපත් උපකාරී වෙනවා. එනිසා හුදෙක් වායුගතික (aerodynamics) හැසිරීම පමණක් සඳහාම තම පියාපත් සැකසුන බත්කූරන් වැනි අනෙක් කෘමීන්ට වඩා සමනලයන් හා සලබයන් පියාඹන ආකාරය වෙනස් වෙතැයි අපේක්ෂා කළ යුතුයි. එහෙත් සමනලයන්ගේ වෙට්ටු දමන අනිශ්චිත පියාසර ස්වාභාවය උන් ගොදුරුකර ගැනීමට බලාසිටින සතුරන්ට සමනලයන්ගේ පියාසර මග කල්තියා හිතා ගැනීම අපහසු කිරීම පිනිස පරිණාමයෙන්ම ලැබුනු දායාදයක්. වඩා විසකුරු වර්ග වල සමනලයන්ට එවැනි අනිශ්චිත පියාසර හරඹයක් දැක්වීම අවශ්‍ය නොවන බැවින් උන් පියාසර කරන්නේ අනෙකුත් වර්ග වල සමනලයන්ට වඩා කෙලින්.

ජපානයේ කියෝටෝ සරසවියේදී  කරන ලද තරලත්ව ගතික සමාකරණයන්ගෙන් (fluid dynamic simulations) සොයාගත් පරිදි සමනලයන් උන්ට ආවේණික වෙට්ටු දැමීමේ පියාසර ස්වභාවය ඇති කරගන්නේ එක් එක් පියාසැලීමක් සඳහා වෙන් වෙන්ව අමතර වායු කැළඹීමක් ජනිත කරගැනීමෙන්. අමෙරිකාවේ බැල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් අධිවේගී ඡායාරූප ශිල්පය යොදා කරන ලද පරීක්ෂණ වලදී පියාසලන අතරතුර සමනලයන් උන්ගේ ශරීරයේ සහ පියාපත්වල පිහිටීම වෙනස් කරගනිමින් සිරුරේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍ර‍ය නිරන්තරයෙන් සකසා ගන්නා බව අනාවරණය වුණා. මොනාක් වර්ගයේ සමනලයන් මේ සම්බන්ධයෙන් කොතරම් කාර්යක්ෂමදැයි කිවහොත් තම සිරුරේ දිග තරම් ඉතා කෙටිදුරකදී වැඩි ආයාසයකින් තොරව හිටි වනම අංශක 90ක කෝණයකින් හැරී පියාසර මග වෙනස් කරන්නට පුළුවන්.

 

බීබීසී කෛස් සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending