මෙතෙක් සොයාගෙන ඇති පක්ෂීන් අතුරෙන් විශාලතම අත්තටු ඇති පක්ෂියෙකුගේ ෆොසිලයක් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරලීනාවෙන් සොයා ගැනේ. පෙලාගොර්නිස් සැන්ඩර්සි (Pelagornis sandersi ) යනුවෙන් නම් කෙරුණු මේ පක්ෂියාගේ ෆොසිලය වසර මිලියන 25 පැරණි යයි ගණන් බලා ඇත. ෆොසිලයෙන් පැහැදිලි වෙන පරිදි පක්ෂියාගේ අත්තටු දෙක අඩි 24 කි. වඳවී ගොස් ඇති පක්ෂි විශේෂයක් වන දකුණු ඇමරිකාවේ කොන්ඩොර් ගිජුලිහිණි බඳු Argentavis magnificens නම් පක්ෂි විශේෂයේ අඩි 20ක් වන පියාපත් පරාසයට වඩා මදක් වැඩිය. දැනට ජිවත් වන විශාලතම පියාඹණ පක්ෂි විශේෂය වන අඩි 11ක් දිගු අත්තටු සහිත ඇල්බත‍්‍රසායන්(albatross) මොවුන් හමුවේ වාමනයන් බඳුවේ.
කුඩා අහස් යානයක් බඳු මෙම දැවැන්ත පක්ෂියාගේ ෆොසිලය යස අපූරු තත්ත්‍වයෙන් සුරැකිව තිබූ නිසා පරිගණක ආකෘති යොදා ගෙන පක්ෂියාගේ පියාසර රටාව ප‍්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත ඇති තරමින් ලබා ගැනීමට පාෂාණීධාතු විද්‍යාඥ ඩැනියෙල් සෙප්කාට (Daniel Ksepka) හැකි විය. එහි ප‍්‍රතිඵල ලෙස අනුමාන කළ හැකිවූයේ පෙලාගොර්නිස් සැන්ඩර්සි කාර්යක්ෂම ග්ලයිඩරයෙකු හෙවත් තටු නොසළා පහසුවෙන් අහසේ එහා මෙහා පාවි යාමට හැකි පක්ෂියෙකු බවයි. පියඹායාම ඇරඹීමට අවශ්‍ය අතිරේක ජවය ලබා ගැනීම පිණිස සාගර රළ මුදුණත් යොදාගන්න අතැයි ද ග‍්‍රිනිච් හි බෲස් කෞතුකාගාරයයේ අභිරක්ෂක ක්සෙප්කා අදහස් කරයි. පෙලාගොර්නිස් සැන්ඩර්සි පක්ෂියාගේ පියසර රටාව ඇල්බත‍්‍රසයන්ට බොහෝ දුරට සමාන නමුත් මේ තේජස් වී අපූරු පක්ෂින් ඇත්තටම ළං වන්නේ වර්තමානයේ වෙසෙන කුකුළන්ට බව සෙප්කාගේ අදහසයි. කෙසේවෙතත් එම පක්ෂීන්ගේ මස් නම් කුකුල් මස් රස නොවන බව හෙතෙම වැඩිදුරටන් පවසයි.
Discover December, 2014 සඟරාවේ ලිපියක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත.





ප්‍රතිචාරයක් ලබාදෙන්න