ගෝලීය උණුසුම වැඩිවීම ගැන වැරදි අවබෝධයන් ඇතිවීමට එක් හේතුවක් වී ඇත්තේ උෂ්ණත්වය වැඩිවිමේ දත්ත වලින් පෙන්වන කෙටිතාලීන ඝෝෂාව හා දිගුකාලීන සංඥාව අතර වෙනස තේරුම් නොගැනීමයි. මේ සක්‍රිය ප්‍ර‍ස්තාරයෙන් පෙන්නුම් කරන්නේ දශකයකට සෙන්ටිග්‍රෙඩ් අංශක 0.16 බැගින් ඉහළ යන ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය පෙන්නුම් කරන දත්තයන්ම කෙටිකාලීන උෂ්ණත්ව විචල්‍යන් හුවා දක්වමින් කඩින් කඩ උපුටා පෙන්වීමෙන් ගෝලීය උණුසුම ඉහළ යාම පිලිබඳ කළබල නොවිය යුතුයැයි නොමග යැවිය හැකි බවයි. එවැනි ප්‍ර‍යත්න වලදී ප්‍ර‍ස්තාරයේ ඕනෑම අභිමත කොටසක් ප්‍රවේසමෙන් තොරාගෙන උෂ්ණත්වය ඉහළ යාම කෙටිකාලීන විපාකයක් බවත් ඉහළ යන උෂ්ණත්වය නැවතත් පහළ යන බවත් පෙන්වා මුළා කළ හැකිය. එහෙත් ප්‍ර‍ස්තාරයේ සක්‍රියව පෙන්වන අන්දමට පසුගිය දශක හතර සම්බන්ධයෙන් එසේ ඉහළ පහළ යන කොටස් පහම එක්වගෙන බැලූ විට දීර්ඝකාලීන ප්‍ර‍වනතාවය උෂ්ණත්වය වැඩි නොවීමයැයි කිව හැක්කේ කාටද? කෙටිකාලීනව උෂ්ණත්වය ඉහළ පහළ යාමට එල්නිනෝ බලපෑම එකොලොස් අවුරුදු සූර්ය චක්‍ර‍ය වැනි වෙනත් කරුණු හේතුවේ. එහෙත් එමගින් ඇතිවන කෙටිකාලීන බලපෑම් මිනිස් ක්‍රියාකාරීකම් වලින් වැඩිවන ගොලීය උණුසුම නිසා උෂ්ණත්වයේ සාමාන්‍ය දිගින් දිගටම ඉහළ යාමෙන් ඇති වන දීර්ඝකාලීන විපාක තරම් බරපතල නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending