සිරුරේ පිහිටි ඇතැම් ඉන්ඳ්‍රියන් තරබාරුකම වැඩිකිරීමට කටයුතු කරන අතර සමහර ඉන්ද්‍රියන් තරබාරුකම අඩුකිරීමට කටයුතු කරයි. ඒ අතර නවතම පර්යේෂණයකින් පෙනවා දෙන පරිදි බඩවැල තරබාරුකම වැඩිකිරීම මෙන්ම අඩුකිරීම ස්මබන්ධයෙන්ද වැදගත් විය හැකි ඉන්ද්‍රියකි. විද්‍යා පර්යේෂණ ලිපි හඳුන්වාදෙන සයන්ස්මැග් වෙබ් අඩවිය වාර්තාකරන පරිදි Cell සඟරාවේ පළවූ පර්යේෂණ ලිපියක් යෝජනා කරන අන්දමට අපේ බඩවැලේ  වෙසෛන ඇතැම් බැක්ටීරියා  තරබාරු කම අඩුකිරීමේ වැදගත් සාධකයකි . නිවුන් මිනිසුන් මූලික කරගත් මේ පරීක්ෂණයේදී අනාවරණය වූ පරිදි  බඩවැලේ වෙසෙන් මෙවැනි ක්ෂුද්‍ර‍ජීවින්ගේ සංඛ්‍යාව පුද්ගලයෙකු ගේ ජාන මත තීරණය වේ. මේ පර්යේෂණයේදී  එක සමාන නිවුන් යුගල 171 කින් සහ එක කුස උපන් නිවුන් යුගල 245 කින් මෙන්ම ඥාතිත්වයකින් තොර පුද්ගලයන් 173 දෙනෙකු විසින් පහ කරන මල සංසන්දනාත්මක විශ්ලේෂණයට ලක් කරන ලදී. පාරිසරික වෙනස්කම් වැදගත් නිර්නායකයක් විය හැකි නමුත් බඩවැලේ ඇති සමස්ත බැක්ටීරියා ප්‍ර‍මාණය කෙනෙකුගේ ජාන අනුව තීරණය බව නිවුන් අයගේ මල විශ්ලේෂණ සැසඳු විට එළිවිය. එ අතරින්  බඩවැලේ වෙසෙන එක් සුවිශ්ෂ බැක්ටීරියාවක් බඳ පෙදෙසේ තරබාරු කම අඩුකිරීම සම්බන්ධයෙන් වැදගත් වේ. මෙකී බැක්ටීරියාව වැඩිපුර සිටින අයගේ බඳ කෙට්ටු බව පර්යේෂණයෙන් තහවුරු විය. මේ බැක්ටීරියාව මීයන්ගේ සිරුරු වලට ඇතුල් කළ විට මී සිරුරු කෙට්ටුකර තබා ගැනීමට ද හැකි වී ඇත. මේ නිසාක්ෂුද්‍ර‍ජීවීන් භාවිතා කොට තරබාරුකම අඩුකිරීමේ ප්‍ර‍තිකාරයක් පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකියැයි මේ පර්යේෂණ පත්‍රිකාව පවසයි.

සයන්ස් මැග් ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending