වසර පුරා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංසරණය වන ආකාරය පෙන්නුම් කරන මේ වීඩියෝ ආදර්ශනය නාසා ආයතය විසින් නිරීක්ෂණය කරනලද දත්ත මත සකස්කරගත් එකකි.  මේ ආදර්ශනයෙන් පෙන්වන පරිදි වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍ර‍මාණයක් නිකුත් කෙරෙන්නේ උතුරු අමෙරිකාව, යුරෝපය හා චීනයෙනි.  උත්තරාර්ධ ගෝලයේ  ශීත සෘතුවේදී කාබන්ඩයොක්සයිඩ්  සංසරණය අධික වේ.  එය රතුපැහැයෙන් දැක්වේ. ශීත සෘතුව අවසන් වූ පසු ගහකොළ දලුලා ලියලන විට පත්‍ර‍වල ප්‍ර‍භාසංස්ලේෂණය නිසා  කාබන් ඩයොක්සයිඩ් ප්‍ර‍මාණය අඩුවේ.

ලොවපුරා කාබන්ඩයොක්සයිඩ් සංසරණය වන ආකාරය පිලිබඳ දශක ගනනාවක් තිස්සේ රැස්කරගත් දත්ත අනුව නාසා ආයතනය විසින් මේ කොම්පියුටර් සමාකරණ මොඩලය නිපදවා ඇත. යමහල් වැනි ස්වාභාවික ප්‍ර‍භවයන්ගෙන් මෙන්ම ඛනිජ ඉන්ධන දැවීම වැනි මිනිස් ක්‍රියාකාරීකම් නිසාද ජනිත වන කාබන් ඩයොක්සයිඩ් සංසරණය ද  මෙයට ඇතුලත්ය.

මෙ ආදර්ශනය 2005 මැයි මස සිට 2007 ජුනි දක්වා වූ කාලය තුළ රැස්කරන ලද දත්ත මත පදනම් වූවකි. ඒ කාලය  තුළ වායුගොලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍ර‍නය වායුගොලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 375 සිට 395 දක්වා ඉහළ ගොස් තිබුනි. මේ වසර මුලදී එම ප්‍ර‍මාණය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 දක්වා ඉහළ නැග ඇත. මෙ ප්‍ර‍මාණය මිලියනයකට කොටස් 550 දක්වා ඉහළ යාම ලෝක වාසී සියල්ලන්ටම බලපාන ව්‍යසනයකට හේතු විය හැකියැ‘යි විදයාඥයෝ පවසති.  කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරිම සාර්ථක ලෙස පාලනය කරගත නොහැකි වුවහොත් මේ යන වේගයට අනුව ඉදිරි 50ස් වසර ගතවිමට පෙර ඒකී ව්‍යසන මට්ටම එළඹිය හැකිය.

ලයිව් සයන්ස් ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending