අපේ විශ්වයේ තැනින් තැන ජීවය පවතිනවාද කියා සොයාබැලීම අභ්‍යාවකාශ විද්‍යාඥයින්ගේ ප්‍රධානම කාර්යක්.ඒ සදහා ඔවුන් විශ්ව‍යේ අණ්වීක්ෂීය ජීවයක් පැවතිය හැකි තැන් ගැන නිරතුරුවම සොයා බලනවා.මෙවැනි ජීවය පැවතිය හැකි ස්ථානයක් ගැන අනාවරණය කරගැනීමට නාසා ආයතනය මගින් දියත් කල කැසිනි ගවේෂණ යානයට හැකිව තිබේ.ඒ සෙනසුරු ග්‍රහයා වටා යන “එන්සලාඩස්“ (Enceladus)  නම් චන්ද්‍රයා මතිනි.එන්සලාඩස් චන්ද්‍රයා මතුපිට ඇති ඝන අයිස් තට්ටුවට පහතින් ඇති විශාල සමුද්‍රය තුළ ජීවය පැවතීමට අවශ්‍ය වන මුලික දෑ වන ලවණ ජලය සහ කාබනික අණු ඇති බවට කැසිනි යානය තහවුරු කිරීමත් සමග විශ්වයේ ක්ෂුද්‍ර මට්ටමේ ඡීවයක් පැවතිය හැකි ප්‍රධාන තැනක් බවට එන්සලාඩස් පත්ව තිබේ.

මෙම සමුද්‍රය චන්ද්‍රයාගේ මතුපිට අයිස් වැස්මේ සිට කිලෝ මීටර 30-40 පමණ ගැඹුරින් පිහිටා ඇති අතර එය ඉතාලියේ ගාර්ඩා විල මෙන් 245 ගුණයක තරම් ජල ධාරිතාවක් ධරා සිටින බව සැලකේ.සෙනසුරුගෙ චන්ද්‍රයන් අතරින් විශාලත්වයෙන් සය වන ස්ථානයේ පවතින එන්සලාඩස්හී විශ්කමිභය කිලෝ මීටර 500 පමණ වේ.මෙම චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රවය ආසන්නයේ ඇති කුඩා පැලීම් තුලින් ජලය ඉවතට විදින බවට 2005 වර්ෂයේදී කැසිනි යානය මගින් තහවුරු කොට තිබුණි.

 සයන්ස් ඉලස්ට්‍රෙඩඩ් සඟරාව ඇසුරෙන් සකස් කළේ කෙහෙළිය අලහකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending