බටහිර මැඩගස්කරයේ මහාජන්ගා මිටියාවතෙන් හමුවූ මේ දැවැන්ත ප්‍රාග් ඓතිහාසික ගොන්ඩ්වානාතේරියන් කෘන්තකයා (rodent) ගේ හිසතුළ කුමක් සිදුවන්නට ඇද්ද? මැනවින් සංරක්ෂණයව තිබූ මේ කෘන්තක හිස්කබල පින්තූරයේ දක්නට ලැබෙනපරිදි තාත්විකායමානව (virtual) ප්‍රතිර්මාණය කිරීමට හැකිවීම නිසා අවරුදු මිලියන 66 – 72 අතර කාලයකට පෙර ජීවත් වූ අද්භූත සත්ව විශේෂයක ඇතැම් ගති පැවැතුම් විමසුමට ලක් කිරීමේ අවස්ථාව විද්‍යාඥයන්ට ලැබී තිබේ.
නිව්යා්ක්හි ස්ටෝනි බෘෘක් සරසවියේ ආචාර්ය ඩේවිඩ් ක්‍රෝස් ප්‍රධාන කණ්ඩායමක් අධි සවි CT ස්කෑන් යන්ත්‍රයොදා මේ කෘන්තකයාගේ විස්මිත කපාලයට අනුව තාත්විකායමාන ස්වරෑපය ප්‍රති නිර්මාණය කළ විට විකා කෑමට යොදාගන්නා දැවැන්ත මස්පිඩු සහිත ඉල්පුනු අක්ෂි කුහර. දිගුදත් වලින් යුතු හුරුබුහුටි මුහුණක් දැකගන්නට ලැබුණි. මේ අන්දමට සකස් කල තාත්විකායාමාන මොඩලය මගින් මුහුනේ පිහිටි හැම හණුවක්ම. අස්ථියක්ම වෙන්වෙන්ව නිරීක්ෂණය කර බැලීමටද අවස්ථාව සැලසුනි.
කිලෝග්‍රෑම් 10ක් පමණ බර ඇති මේසත්වයා කෘන්තක මූෂිකයන් අතර දැවැන්තයෙකු ලෙස සැලකෙන අතර ක්‍රටේසියස් අවදියේ ජීවත් වූ ඩයිනසෝරයන්ගේ දෙපා අස්සෙන් රිංගා යාහැකි තරම් හුරුබුහුටි ලෙස හැසිරෙන්නට ඇතැයි සැලකේ.
මේ සවිස්තරාත්මක ත්‍රිමාණ මොඩලය යොදා ගැනීමෙන් එකල වඳවී ගිය ක්ෂිරපායි සත්ව වර්ග පිලිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිවේයැයි ක්‍රෝස් බලාපොරොත්තු වෙයි . මෙයට පෙර මෙතරම් ඈත කාලයක විසූ කෘන්තක වර්ග පිළිබඳ දළ අවබෝධයක් ලබා ගත හැකිවූයේ දුරාවාරයේ සොයා ගැනීමට ලැබුනු ෆොසිල බවට පත් වූ දත් හා හකු ඇට කැබලි වැනි කුඩා අවශේෂයන්ගෙන් පමණි. තාත්විකායාමාන ස්වරූප ප්‍රතිනිර්මාණය කිරිම මගින් වඳවී ගිය මුල් කාලීන ක්ෂීරපායී සත්ව වර්ග පිලිබඳව විශද අවබෝධයක් ලබා ගත හැකි බවට මේ පර්යේෂණය කදිම උදාහරණයකි. මේ කෘන්තක වර්ග අනුක්‍රමයෙන් පරිණාමය වීමෙන් මානව වර්ගයා බිහිවීමට තුඩුදුන් ප්‍රිමාටාවන්ද (primate) බහිවන්නට ඇතැයි මතයක් ඇති බැවින් මේ අධ්‍යනය සත්ව විකාශය තේරුම් ගැනීමේ ලා වැදගත් යැයි සැලකේ.
නේචර් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න