අපේ අතුණු බහන් වල වෙසෙනෙ බැක්ටීරියාවලින් පහකෙරෙන මලද්‍රව්‍යය කුඩුකර තැනූ කුඩුවර්ගයක් අනුභව කිරීමෙන් සිරුරේ බර අඩුකරගත හැකි බව ඉම්පීරියල් සරසවියේ සිදුකළ පර්යේෂණයක් ඇසුරෙන් නිව් සයන්ටිස්ට් සඟරාවට ඇන්ඩි කොග්ලන් ලියු ලිපියකින් පෙන්වා දෙයි.
එහි සඳහන් පරිදි පුද්ගලයෙකුගේ සිරුරේ බර ස්ථාවරව පවත්වාගෙනයාම ශරීර සෞඛ්‍යට හිතකර බව පවසන ලන්ඩනයේ ඉම්පිරියල් සරසවියේ ආචාර්ය ගැරි ෆ්‍රොස්ට් බටහිර පන්නයේ ආහාර ගන්නා අය වයසින් වැඩිවන විට අවරුද්දකට කිලෝග්‍රෑම් 0.3 සිට 0.8 දක්වා බරින්ද වැඩිවන බව පවසයි.
අපේ ආහාරවල ඇති කෙඳි ජීර්ණය වන විට අතුනුබහන්වල ජිවත්වන බැක්ටීරියා වලින් ප්‍රොපිඔනේට් (propionate) නැමැති මේද අම්ලයක් නිකුත්වෙයි. මේ ප්‍රොපිඔනේට් මහ බඩවැලේ ඇති GLP-1 සහ PYY නමැති තෘප්ති හෝමෝන නිකුත් කරන සෛල සක්‍රිය කරවයි. එවිට “දැන් ආහාර ගත්තා ඇති” යන සංඥාව මොළයට යැවෙයි.
එහෙත් අතුණු බහන් වල වෙසෙන බැක්ටීරියා වලින් පමණක්ම මේ බඩගිනි නිවෙන සංඥාව යැවීමට නම් කෙනෙකු විසින් කෙඳි සහිත අහාර විශාල ප්‍රමාණයක් අනුභව කළ යුතුය. මේ අඩුපාඩුව මගහැරීම පිණිස ෆ්‍රොස්ට් සහ ඔහුගේ කණ්ඩායම ඉනුලින් ප්‍රොපිඔනේට් එස්ටර් ( inulin-propionate ester) හෙවත් IPE නමින් අධිසාන්ද්‍රිත අණු වර්ගයක් නිපදවීය. ෆ්‍රොස්ට් පවසන අන්දමට මේ IPE නම් අණුවර්ගය බටහිර පන්නයේ ආහාර වළඳන කෙනෙකු සාමාන්‍යයෙන් ගන්නා කෙඳි සහිත ආහාර ප්‍රමාණය මෙන් අටගුණයක් තරම් ප්‍රබලය.
IPE වල ආහාර රුචිය වඩන ගුණ පරීක්ෂා කිරීම පිණිස පර්යේෂණ කණ්ඩායම කුඩුකළ IPE පළතුරු යුෂ හා කළවම් කොට පුරා හයමාසයක් 25 දෙනෙකුගෙන් යුතු බරින් වැඩි කණඩායමකට දුන් අතර පාලන කණ්ඩායම (control group) වශයෙන් යොදාගත් අයට සාමාන්‍ය කෙඳි සහිත ආහාර ලබාදුන්නේය.
එම කාලය තුළ IPE කුඩු භාවිත කළ 25දෙනා අතරෙන් සිරුරේ බර ප්‍රමාණය 3%ක් ඉක්මවා වැඩි වූයේ එක් අකෙුගේ පමණි. එහෙත් පාලන කණ්ඩායම සදහා යෙදොගත් 24 දෙනොගේන හය දෙනෙකුගේ බර 3% කට වඩා වැඩි වී තිබුණි. මෙයට එක් හේතුවක් විය හැක්කේ එකී හය මාසාය තුළ IPE කුඩු භාවිතා කළ අය අනුභව කළ ආහාර ප්‍රාණය 9%කින් පමණ අඩු වූ නිසා විය හැකිය.
සෞඛ්‍ය සම්පන්න ස්වේච්ඡාදායකයින 20 දෙනෙකු යොදා කරන ලද දෙවැනි පරීක්ෂණයකින්ද ආහාර රුචිය අඩුකිරීම සම්බන්ධයෙන් IPE වල බලපෑම තවදුරටත් තහවුරු විය. බුෆේ ආහාර වේලකින් ඇති තරම් අනුභව කරන ලෙස IPE භාවිත කළ අයගෙන් ඉල්ලා සිටි විට ඹවුන් සාමාන්‍ය කේඳි සහිත ආහාර ගත් කණ්ඩායමට ගත්තාට වඩා 14% අඩුවූ ආහාර ප්‍රාමාණයක් අනුභව කළේය. එමෙන්ම IPE භාවිත කළ අයගේ GLP-1 සහ PYY යන තෘප්ති හෝමෝන ප්‍රාමාණයද ඉහළ ගොස් තිබුණි.
IPE ගැන ෆ්‍රොස්ට් පවසන අන්දමට “මෙය බර අඩුකරන පෙත්තක් මෙන් නොවේ. ඇත්තටම එය බර වැඩිවීම නතර කරන ආහාර රසකාරයකයකි.”
අර පරිස්සමින් ආහාර ගනිමින් බර අඩුකර ගැනීමට තැත්කරන අයට කිනම් අකාරයකින් IPE ප්‍රායෝගිකව පිහිටට යොදා ගත හැකිවේදැයි බැලීම පර්යේෂකයන්ගේ මීළඟ කාර්යයි. ඒ සඳහා ඹවුහු IPE සහි පළතුරු යුෂ හා පාන් වැනි ද්‍රව්‍ය නිපදවා අළෙවි කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට අනෙකුත් සහායක ආයතන හා කටයුතු කරමින් සිටිති.
Gut සඟරාවේ පළවූ පර්යේෂණ ලිපියක් ඇසුරෙන් නිව් සයන්ටිස්ට් සඟරාවට ඇන්ඩි කොලගැන් ලියූවක්.





ප්‍රතිචාරයක් ලබාදෙන්න