නොයෙකුත් ප්‍රමාණයන්ගෙන් යුත් චන්ද්‍රයන් 53 දෙනෙකු සෙනසුරු ග්‍රහයා වටා කැරකෙන බව මෑතකදී නාසා ආයතනයේ කැසිනි චන්ද්‍රිකාවෙන් එවූ පින්තූර වලින් හෙළිදරව් වුණා. ඒ අතරින් සෙනසුරුගේ අමුතු ස්වරූපයක් ඇති මිමාස් නම් චන්ද්‍රයා අපේ හඳ පෘථිවිය දෙසට මුහුණ ලා ඇති අන්දමටම හැමදාමත් එකම පැත්තක් සෙනසුරු දිහාවට හරවාගෙන ඉන්නා චන්ද්‍රයෙක්. ඊට හේතුව මිමාස් තමුන්ගේ අක්ෂය වටේ කරකැවෙන්න ගතවන කාලය සෙනසුරු සූර්යා වටා වරක් ගමන් කරන්න ගතවෙන කාලයට සමාන වීමයි. එහෙත් නාසා ආයතනයේ කැසිනි චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත වලට අනුව මිමාස් චන්ද්‍රයා බෝලයක් වගේ කරකැවෙනවාට වඩා සිදුවන්නේ වෙරිකාරයෙක් වගේ විටින් විට තමන්ගේ ධ්‍රැව අක්ෂය ඹස්සේ වැනෙන බවයි.
මෙයට හේතු කිහිපයක් තිබිය හැකියි. මිමාස් චන්ද්‍රයාගේ මතුපිට කිලුටු මිදුන වතුර තිබුනත් අභ්‍යන්තරයේ ඇති ඝණ මදය හැඩයෙන් රගර් බොල්යක් වගේ දිගටි වෙන්නට පුළුවන්. මදයේ ඇති මේ දිගටි බවත් මුළුමනින්ම රවුමක් නොවන කක්ෂයක් වටා යාමට සිදුවීමත් මිමාස්ගේ දෙපැත්තට වැනෙන ගමනට හේතු වන්නට පුළුවන්.
ඒත් මිමාස්ගේ මේ වැනෙන ගමනට වෙනත් හේතුවක් තියෙන්නත් පුළුවන්. ඒක තමයි මිමාස් මතුපිට සිට කිලෝමීර් 20-30ක් අතර වූ අයිස් තට්ටුවක් යට දියර ජලයෙන් යුත් අභ්‍යන්තර සාගරයක් පැවැතීමයි. ඒ ජල සාගරය මිමාස්ගේ අභ්‍යන්තර කලාපයෙන් වෙන්ව ඇති නිසා මිමාස්ගේ මතුපිට කටුව පැත්තෙන් පැත්තට පැද්දෙනවා වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර සාගරයක් පිළිබඳ මේ අදහස කුතුහලය දනවන එකක් වුණේ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් වලද එවැනි අඳුරු තැන් තිබිය හැකි නිසා පමණක් නොව සූර්යාගෙන් එතරම් ඈත තැනක ජීවය ඇතිවීමට අවශ්‍ය තත්වයක්ද සැඟවී තිබිය හැකි බැවිනුයි. එහෙත් ප්‍රශ්නය වන්නේ කිලෝ මීටර් 400කට නොවැඩි පළලකින් යුත් මිමාස් වැනි කුඩා චන්ද්‍රයෙකුට අභ්‍යන්තර සාගරයක් පවත්වා ගැනීමට අවශ්‍ය උණුසුම කොතෙක් කලක් පවත්වාගෙන යා හැකිද යන්නයි. කාලය විසින් ඒ පැනයට පිළිතුරු සපයනු ඇති.





ප්‍රතිචාරයක් ලබාදෙන්න