ගැල්ක්සියක් යනු සජීවි වස්තුවක් නොවන බැවින් මියයාම පිළිබඳ ප්‍ර‍ශ්නයක් ගැලැක්සියකට ඇතිනොවේ. එහෙත් ගැලක්සි වෙනස් වීම් වලට ලක්වේ. අප අහසේ දක්නා ගැලක්සි බොහෝමයක්ම වසර බිලියන ගනනාවක් තිස්සේ පවතින ඒවාය. කිසිදු වෙනසකට බාජනය නොවි වසර මිලියන ගණනක් එකම ආකාරයකට පැවැතීමටද ගැලැක්සියකට හැකිය.

එහෙත් අනෙක් සියළු දෙයක් මෙන්ම ගැලැක්සිද පරිණාමිය වෙනසකට ලක්වෙයි. බොහෝවිට එයට හේත්ව වන්නේ අසල්වැසි ගැලැක්සියකින් එන ගුරුත්වාකරෂණය නිසා ඇතිවන බලපෑම් නිසාය. උදාහරණයක් වශයේන ගත්තොත් අප වසන ක්ෂීරපායී ගැලැක්සිය අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය හා ගැටිය හැකිය. තව අවුරුදු බිලියන ගනනාවක් ගතවූ විට ක්ෂිරපායී ගැලැක්සිය එකිනෙකාට බලපාන තරමට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට සමීප වනු ඇත. එවිට ගැලැක්සි දෙකේම ස්වරූපය විකෘති වී අනතුරුව එකිනෙක හා ඒකාබද්ධ වනු ඇත. මේ හේතුව නිසා අති විශාල තාරකා සංඛ්‍යාවක් උද්ගත වන අතර ප්‍ර‍තිඵලය ලෙස ඇතිවන ඒකාබද්ධ ගැලැක්සිය අද අප දකින තැටියක හැඩයෙන් වෙනස්ව දිගටි ස්වරූපයක් ගනු ඇත.

අමෙරිකානු ජාතික අභ්‍යවකාශ මධ්‍යථානයේ තාරකා විදයාඥ ජෝන් බාස්කර් විසිනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending