හිමාලය ආශ්‍රිතව වෙසෙතැයි සැලකුනු දැවැන්ත හිම මිනිසා පිළිබඳ කතන්දරය ඇත්තක්ද? යෙටි, බිග්ෆුට්. මෙහ්-ටේහ් ආදි නම්වලින් හැඳින් වුණු අඩි7ක් හෝ 10ක් පමණ උස, හිම මත දැවන්ත පා සළකුණු තබමින් ඇවිද ගිය හිම මිනිසා පිළිබඳ විසිතුරු කතන්තර හිමාලය අවට ටිබෙට් රටෙන් හා නේපාලයෙන් පමණක් නොව සයිබීරියාව, උතුරු කැනඩාව, උතුරු චීනය වැනි රටවලින්ද විටින් විට අසන්නට ලැබී ඇත.
නේපාලයේ විසු බ්‍රිතාන්‍ය නියෝජිතයා විසින් 1832 නිකුත් කළ වාර්තාවක සඳහන් වන පරිදි පිළිකුල් සහගත දැවැන්ත මිනිසෙකු ඔහුගේ පරිවාර සේවක කන්ඩායමකට පහරදුන් බව පැවසූ ස්වදේශිකයෝ ඒ සතා රාක්ෂස යන නමින් හැඳින් වූ බව සඳහන් කළේය.
1951දී හිමාලය අවට කඳු තරණය කළ තවත් විදේශිකයෙකු හිම මිනිසාගේ යැයි සැලකෙන අඟල් 18ක් පමණ දිගැති අඩිසළකුණු වල ඡායාරූප පළ කළේය. එහෙත් සෘජු හිරු එළියට අසුවන විට හිම මත පිහිටා ඇති සාමාන්‍ය මිනිසෙකුගේ අඩිසටහන්ක වුවද පැය කිහිපයක් ගතවන විට අඟල් 18ක් පමණ විශාල විය හැකි බව මේ පිළිබඳ විමසූ වෙනත් ගවේශකයෝ පෙන්වා දුන්හ. 1976දී රොජර් පැටර්සන් විසින් කැලිෆෝනියාවේ බ්ලෆ් ක්‍රීක් නමැති හිම මිටියාවතේ ඈතින් ගමන් කරන හිම ගැහැණියෙක් සේ සැලකෙන අයෙකුගේ රූප පෙළක් සිනමා කැමරාවකින් පටිකළ නමුත් බොහෝ විචාරකයෝ එය විශාල ඇඳුමකින් සැරසුනු කෙනෙකුගේ පින්තූර පෙළක් විය හැකි බව පවසමින් එහි සත්‍ය භාවය ගැන සැක පළ කළහ. ආතර් සී ක්ලාක් ගේ 2001 Space odyssey කෘතිය තිරයට නැංවූ අවස්ථාවේ එහි රඟපෑ වැඩිහිටි චිම්පන්සියෝ ඇත්ත වශයෙන්ම චිම්පන්සි ඇඳුමින් සැරසුණු මිනිසුන් වූහ. එහෙත් ඔවුන් නියම චිම්පන්සි පැටවුන් ඇකයේ රුවාගෙන සිටි බැවින් නරඹන්නන්ට ඒ බවක් වැටහුනේ නැත. පැටර්සන් විසින් තැනූ චිත්‍රපටයද එවැනි මිත්‍යාවක් විය හැකියැයි ඇතැමුන් චෝදනා කළහ.
කෙසේ වෙතත් එවැනි දැවැන්ත හිම මිනිසෙකුගේ පැවැත්මකට එරෙහිවන මූලික කරුනු දෙකක් වෙයි. පළමු කොට එවැනි සත්ව විශේෂයක පැවැත්ම ඇත්ත වශයෙන්ම තහවුරුවීමට නම් එකී සත්ව විශේෂයේ ජාන තටාකය ( gene pool) පවත්වාගෙන යාමට තරම් සැලකිය යුතු සත්ව සංඛ්‍යාවක් එකි සත්වයන් ගැවසෙන අඩවියේ විසිය යුතු බවයි. මේ සා නිරීක්ෂන කටයුතු දියුනු වී ඇති යුගයක එතරම් විශාල සත්ව සංඛයාවකට දිගින් දිගටම මිනිසුන්ගෙන් සැඟවී විසිය නොහැක. දෙවැනි කාරණය නම් මේ වනතෙක් මෙකී හිම මිනිසාගේ කෙස්,සම්.අස්ථි හෝ මල ආදී කිසිදු ද්‍රව්‍යමය සාක්ෂියක් සොයා ගැනීමට කිසිවෙකුටවත් නොහැකි වීමයි. එකම එක් අවස්තාවකදී දැවැන්ත හිම මිනිසා පිලිබඳ මේ අභූත කතන්දරය පැතිරවීමට උනන්දු වූ අයෙක් කිසියම් සත්ව කපාලයක කොටසක් හිම මිනිසාගේ යැයි ඉදිරිපත් කළද විමර්ෂණයට ලක් කළ විට එය චිම්පන්සි කපාලයක කොටසක් බව තහවුරු විය.
An Encyclopedia of Claims, Frauds, and Hoaxes of the Occult and Supernatural





ප්‍රතිචාරයක් ලබාදෙන්න