ඇල්බට් අයින්ස්ටයින් විසින් චලිතය පිළිබඳව 1905 දී හඳුන්වාදුන් නියාමය විශිෂ්ට සාපේක්ෂතාවය යනුවෙන් හැඳින්වේ. මේ නියාමය මූලධර්ම දෙකක් මත පිහිටා නිපදවූවකි. ඉන් පළමු වැන්න නියත ප්‍රවේගයකින් චලනය වෙන ඕනෑම නිරීක්ෂකයෙකු සම්බන්ධ බල පවත්වන්නේ එකම භෞතික විද්‍යා නියාමයන් බවයි. දෙවැනි මූලධර්මය නම් ආලෝක ප්‍ර‍භවයක වේගය කුමක් වුවත් සැම විටම ආලෝකයට ඇත්තේ එකම වේගයක් බවයි.

විශ්ව සම්මත කාලයක් හා අවකාශයක් තිබිය හැකිය යන මතය මේ සාපේක්ෂතාවය පිළිබඳ නියාමයෙන් ප්‍ර‍තික්ෂේප කෙරේ. ඒ වෙනුවට මේ නියාමයෙන් අයින්ස්ටයින් පැහැදිළි කරන්නේ කිසියම් වස්තුවක දිග හෝ කිසියම් කාල අන්තරයක ප්‍ර‍මාණය කුමක්ද යන්න රඳාපවතින්නේ කවුරුන් විසින් ඒ පිළිබඳ මිනුම ගන්නේද යන කරුණ මත බවයි. උදාහරණයක් වශයෙන් බැහැරින් සිටින කිසියම් නිරීක්ෂකයෙකුට සාපේක්ෂව ආලෝකයට ආසන්න වේගයකින් ගමන් කරන දුම්රියක් ඇතැයි සිතමු. මෙහිදී දුම්රියේ සිටින අයෙකු විසින් දුම්රියේ දිග මැන ගන්නා මිනුමකට වඩා දුම්රිය බෙහෙවින් කෙටි බව දුම්රියෙන් බැහැරව සිටින නිරීක්ෂකයාට පෙනෙනු ඇත. මේ අනුවම දුම්රියේ තබා ඇති ඔරලෝසුවක් ද නිරීක්ෂකයාට බැලිය හැකිනම් එයද ගමන් කරන්නේ සෙමින් බව නිරීක්ෂකයාට පෙනෙනු ඇත.

විශිෂ්ට සාපෙක්ෂතාවය

මේ අදහස මිරිඟුවක් නොවන බව අංශු (particles) යොදා කළ පර්යේෂෙණ වලින් හෙළිවී තිබේ. ඒ අනුව පර්යේෂණාගාරයක හිරවී ඇති අංශු වලට වඩා සැලකිය යුතු පමණ අඩු වේගයකින් වායුගෝලය හරහා සීඝ්‍ර‍වේගයෙන් ගමන් ගන්නා අංශු ක්ෂය වන බව තහවුරු විය. එමෙන්ම විශිෂ්ට සාපේක්ෂතා න්‍යායට අනුව දැවැන්ත වස්තුන්ට රික්තයක් තුළ ආලෝකයේ වේගය තරම් වේගයකින් ගමන් කළ නොහැකිය. මන්ද ඒ සඳහා  අප්‍ර‍මාණ ප්‍ර‍මාණයක ශක්තිය අවශ්‍ය වන බැවිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending