සමකය ආසන්න යේ සිටින අපගෙන් ඔය ප‍්‍රශ්නය ඇසුවොත් අපට සිතෙන්නේ ඔය දෙකම අතිශය සීතලය යනුවෙනි. එය ඇත්තය. එහෙත් ප‍්‍රශ්නය සැකසී ඇත්තේ ධ‍්‍රැව දෙකෙන් වඩාත් සීතල කුමක් ද යන්න දැන ගැනීමටයි. එසේ නම් පිළිතුර වනුයේ, දකුණු ධ‍්‍රැව ප‍්‍රදේශය වන ඇන්ටාක්ටිකාව, උතුරු ධ‍්‍රැව ප‍්‍රදේශය වන ආක්ටිකාවට වඩා සීතලය යන්නයි. එහෙත් එසේ වන්නේ ඇයි?
ආක්ටික් ප‍්‍රදේශය සාපේක්‍ෂව උණුසුම් වන්නේ එම ප‍්‍රදේශයේ විශාල භූ ස්කන්ධයක් නොමැති හෙයිනි. එමෙන්ම ආක්ටික් ප‍්‍රදේශයේ අයිස් ආවරණය ඇතැම් විට බිඳීමෙන් ආක්ටික් සාගරයේ උණුසුමෙන් කොටසක් වාතයට එක්වීම නිසාවෙනි. (ආක්ටික් සාගරය ”උණුසුම්” යයි සිතා ගන්නට නොහැකි බව සැබවි. එහෙත් වාතයෙහි උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ දැමීමට හැකිවන තරමට ආක්ටික් සාගරයෙහි ප‍්‍රමාණවත් තාප ශක්තියක් හෙවත් උෂ්ණයක් ඇත). අනෙක් අතට ඇන්ටාක්ටිකා ප‍්‍රදේශය සම්පුර්ණයෙන්ම වාගේ ඇන්ටාක්ටිකාව නම් මහද්වීපයෙන් සමන්විතය. ඇන්ටාක්ටිකාව යනු (මීටර 1,982 සාමාන්‍යයක ඝනකම) අයිස් තට්ටුවකින් වර්ග කිලෝමීටර මිලියන 8.8 කින් සැදුම්ලත් මහාද්වීපයකි. එහි ශීත සෘතුවේ උෂ්ණත්වය ඇතැම්විට ආක්ටික් ප‍්‍රදේශයට වඩා සෙල්සියස් අංශක 10 ක් පමණ අඩුය.
THE HANDY ANSWER BOOK for KIDS (and Parents) හි Which is colder, the North Pole or the South Pole? ආශ‍්‍රයෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න