පිළිකා රෝගය අපේ ශරීරය හා මාරාන්තික හැංගිමුත්තන් සෙල්ලමක නිරත වෙයි. බොහෝ වෙලාවට ඉන් පරාජයට පත්වන්නේ පිළිකාව මර්දනයට යැවෙන ඖෂධය නැතිනම් පිළිකා රෝගියාය. පිළිකා රෝගය සඳහා ඖෂධ ලබාදීමේදී මතුවන ගැටළු කිහිපයකි. පිළිකා සෛල සහ සාමාන්‍ය නිරෝගී ෙසෙල වෙන්කොට හඳුනා ගැනීමේදී මේ ඖෂධ වලට ප‍්‍රශ්න ඇතිවේ. එමෙන්ම ඖෂධවල ප‍්‍රබල ප‍්‍රහාරය සාමාන්‍ය සෛල මතට එල්ල විය හැකියි. එවිට සිදුවන්නේ අසළ ඇති පිළිකා සෛල නිරුපද්‍රිතව ගැලවී ගන්නා අතර නිරෝගි සෛලවලට සිදුවන හානිය නිසා රෝගියා දුක්ඛිත අතුරු ආබාධයන්ට මුහුණ පෑමයි. (පිළිකා ඇති කරවන) උග‍්‍ර මාත්සරික අර්බුද (malignancies) හෙවත් පිළිල වලට මිනිස් සිරුරෙන්ම ආධාර උපකාර ලැබේ. ඒ ශරීරයේ ප‍්‍රධාන ආරක්‍ෂක අවිය වන ප‍්‍රතිශක්තිකරණ පද්ධතියෙනි. එම පද්ධතිය බොහෝ විට පිළිකා මර්ධන ඖෂධ දකින්නේ හානිකර බැක්ටීරියා හෝ වෙනත් පිටස්තර ආක‍්‍රමණිකයන් ලෙසය. ඒ අනුව, ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සිරුරට යැවෙන පිළිකා රෝග මර්දන ඖෂධවලට පහර එල්ල කොට ඒවා කඩා බිඳ දමයි. එසේ කඩා සුනුවිසුණු වු ඖෂධ කොටස් ඒවායේ ඉලක්කගත සතුරා වෙත යෑමට ප‍්‍රථම අක්මාවේ, වකුගඩුවල සහ පිලාවේ ඇති සිරුරේ කුණුකසල බහාලන බදුන් වෙත යෑමෙන් එම අවයව වලට හානි ඇතිකරවයි. අහම්බෙන් හෝ එකී ඖෂධ වලට පිළිකාව වෙත ළඟාවීමේ හැකියාව ලැබුණ ද මාත්සරික වගාවේ යටි අකුල් අතරේ ඉන් බොහොමයක් හිරවීම නිසා පුර්ණ වශයෙන් පිළිකා සෛල පසාරු කිරීමට අවස්ථාව මග හැරී යයි.
මෙකී බියජනක මාත්සරික ඝනවගාව හරහා වඩා හොඳින් ගමන් කර පිළිකා සෛල ජීවත්වන තැනටම ගොස් ඒවාට පහරදීමට ඖෂධවල මග සැලසීමට නැනෝ වෛද්‍ය තාක්‍ෂණයේ නවතම ප‍්‍රගතිය සමත්ව සිටියි. මෙහි ප‍්‍රධාන සාධකය වන්නේ ඉතා සුවිශේෂ ලෙස සකස් කරනු ලබන ඖෂධ වාහනයකි. මෙම වාහනය, ආරක්‍ෂක පිටවැස්මකින් ආවරණය කරුණු රස චිකිත්සක ඖෂධ (chemotheraphy drugs) සිරුර හරහා රැගෙන යයි. ඉතාමත් සියුම් සංඝටකයන්ගෙන් සැදුම්ලත් මේ වාහනය හරස් අතට දිග මීටරයකින් බිලියන ගණනාවකින් කොටසකි. ටෝකියෝ සරසවියේ කසුනොරි කැටබ්කා (kazunori katobka) සහ සගයන් වැනි පර්යේෂණයෝ රතු රුධිරාණුවකින් 250 න් අංශුවක් තරම් කුඩා හෙපටයිටිස් C වෛරසයක ප‍්‍රමාණයේ කොපුවක ප‍්‍රබල ජෛව චිකිත්සක ඖෂධ ඇතුල් කිරීමට සමත්ව සිටිති. මේවායේ ප‍්‍රධාන වාසියක් වන්නේ, සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වැරදි අන්දමට හඳුනාගෙන අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කිරීම ද වැළකීමයි. අනුක මට්ටමින් ගතහොත් මේ ඖෂධ සිරුරේම නිපදවන්නකට වඩා ළංවීමය. නිරෝගී සෛලවෙත ගොස් පිළිකාව ඇතුළටම රිංගීමේ හැකියාව මේවාට ඇත.
මෙම නව ප‍්‍රතිකාර ක‍්‍රමය වැඩිදියුණු කළ ඇමරිකා එක්සත් ජනපදයේ රයිස් සරසවියේ සෛල ජීව විද්‍යාඥ ඩිමිත‍්‍රි ලැපෙල් එය හඳුන්වන්නේ චතුර් චිකිත්සක වේදය (quadrapeutics) යනුවෙනි. ඊට හේතුව නව ක‍්‍රමයට, ක‍්‍රමවේද හතරක් එනම්, නැනෝ අංශු (nanoparticles), ලේසර, ඖෂධ සහ විකිරණය යන සතරයි. විප්ලවකාරී වෙනසක් ඇති කෙරෙන මේ නව ප‍්‍රතිකාර ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ මෙලෙසයි.
1.පිළිලය (tumour-අර්බුදය) පිහිටි ස්ථානයට රස චිකිත්සක ඖෂධ ඉතා සුළු මාත‍්‍රාවක් පිරවු කලීල රන් නැනෝ අංශු එන්නත් කිරීම.
2.අධොරක්තාසන්න ලේසරයකින් නැනෝ අංශූ පුපුරුවා හැරීම. ලේසරයේ බලපෑම රන් මතින් තීවු කෙරේ. ඒ නිසා ඉතා අඩු මට්ටමක විකිරණ මාත‍්‍රා යොදාගැනීමට මග පෑදේ.
3.ලේසර් ධාරාව නැනෝ අංශුවලට වදිත්ම ඒවා පුපුරා යයි. ඉන් ඇතිවන ශක්ති ප‍්‍රසාරණය ක්‍ෂණිකව බුබුලක් නිර්මාණය කෙරේ. එය පුපුරායත්ම, බෝමධයකින් සිදුවන ආකාරයට, අවට ඇති පිළිකා සෛල විනාශ වී යයි.
4.නැනෝ අංශු පුපුරා යෑමේදී මුදා හැරෙන රස චිකිත්සක ඖෂධ පිළිලය ඇති ප‍්‍රදේශයේ තවමත් ඉතිරිව ඇති පිළිකා සෛල වෙත තවත් මරු පහරක් එල්ල කරයි. නැනෝ අංශූ පුපුරායාමේ හේතුවෙන් දැනටමත් හානි පැමිණ ඇති පිළිකා සෛල බිත්ති හරහා ඉක්මනින් රස චිකිත්සක ඖෂධ ඇතුල්වෙයි. ඒ අනුව ෙසෙල මධ්‍යයේ ඇති ප්ලාස්මයට කෙළින්ම පහර දී ඒවා විනාශ කිරීමට හැකිවේ.
පිළිකා පිළිල (අර්බුද) ඉවත් කිරීමේදී නැනෝ තාක්‍ෂණ ක‍්‍රමවේදය බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයකි. කෙසේ වෙතත්, පිළිල (අර්බුද) මැදි කරගත් ඕනෑම ක‍්‍රමයකදී මෙන්ම මෙහි දී ද, තවදුරටත් පිළිකාව වර්ධනය වීම හා යළි ඇතිවීම වැළැක්වීම පිණිස ඒකීකරණ ප‍්‍රතිශක්ති චිකිත්සාවද අවශ්‍ය වේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න