‍ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලද ගම් වදින වල් අලින්ගෙන්  බව බෝග වලට මෙන්ම මිනිස් ජීවිත වලට සිදුවන හානිය සුලුපටු නොවේ. වල් අලින් ගම් වැදිමෙන් වැලැක්වීමට ලංකාවේ මෙන්ම ඉන්දියාවේද සාමානයයෙන් යොදා ගන්නේ ආරක්ෂිත විදුලි වැටවල් සහ ගැඹුරු කානු ගම්මාන වල මායිමි වශයෙන් යොදා ගැනීමෙනි. එහෙත් එවැනි බාධක නොතකා වල් අලින් ගම්වැදි අවස්ථාවන් බෙහෙවින් වාර්තා වී ඇත.

වල් අලින් ගම් වැදීම වැලැක්වීමට ශබ්දය යොදා ගැනීම සම්බ්න්ධයෙන් කළ අධ්‍යයනකට අනුව මෙතෙක් යොදාගත් ක්‍ර‍ම වලට වඩා වල් අලින්ට නුරුස්නා තර්ජනාත්මක ශබ්ද යොදා ගැනීම ප්‍ර‍තිඵලදායී බව පෙනී ගොස් තිබේ.  මිනිසුන්ගේ ඝෝෂාකාරී ශබ්ද, ව්‍යාඝ්‍ර‍න්ගේ හා දිවියන්ගේ ගෙරවිලි සම්බන්ධයෙන් වල් අලින් දක්වන ප්‍ර‍ිචාර පදනම් කරගෙන සිදු කළ මේ අධ්‍යනයේදී සාර්ථකව වල් අලින් ගම්මාන වලට ඇතුල්වීමෙන් වලක්වා ගත හැකි බව තහවුරු විය. සිය පැටවුන් ගොදුරු කරගන්නා බැවින් ඉන්දියානු ව්‍යාඝ්‍ර‍න්ට ඉන්දියානු වල් අලින් සාමාන්‍යයෙන් බියවේ. දිවියන් සම්බන්ධයෙන් ඒ අන්දමේ බියක් නොදක්වන නමුත් දිවියෙකුගේ ගෙරවිලි හඬද අලින්ට නුරුස්නා හඬකි.

මේ අධ්‍යයනයේදි ගම්මානවලට නුදුරු තැන්වල අලින් ලඟාවන විට ඉබේ ක්‍රියාත්මකවන සෙන්සර් වලට සම්බන්ධ ශබ්ධ වාහිනී යන්ත්‍ර‍ සවිකරන ලදී. කල්තියා පටිගත කළ ව්‍යාඝ්‍ර‍ ගර්ජනා, දිවියන්ගේ ගෙර විලි හා මිනිස් ඝෝෂාවන් අලින් ලංවන විට මේ ශබ්ධ වාහිනි යන්ත්‍ර‍ලින් නිකුත්වේ. ගම්මානවලට වල් අලින් කඩාවැදීමට තැත්කල අවස්ථාවන් 41ක් සම්බන්ධයෙන් අධ්‍යනය කළ විට ව්‍යාඝ්‍ර‍ගර්ජනා යොදා ගැනීමෙන් එකී අවස්තාවලින් 90%කදීම අලි ගම්මාන වලට කඩා වැදීම වලක්වා ගත හැකිවිය.  ඒ හා සමානව දිවියන්ගේ ගෙර විල්ල නිසා 73% කින් සහ මිනිස් ඝෝෂා නිසා 57% කින්ද අලින්ගේ ගම් කඩාවැදීමට කළ තැත් කිරීම් වළක්වා ගතහැකිවිය. එහෙත් මේ අන්දමින් ශබ්දය පමණක් නිරන්තරයෙන්ම යොදා ගැනිමෙන් අලි පැමිනීම වලක්වාගත හැකිවෙතයි විශ්වාස කිරීම ගුණදායක නොවන බව ඇතැම් සත්වචර්යා විශේෂඥයෝ පෙන්වා දෙති. මන්ද අලි වනාහී මනා මතකයක් ඇති සතුන් වර්ගයකි. එනිසා ව්‍යාඝ්‍රයෙක් දැකීමකින් තොරව ව්‍යාඝ්‍ර‍ ශබ්ධයක් ඇසීමට සැලැස්වීමෙන්  පමණක් දිගින් දිගටම අලි මුලාවක වැටේදැයි සැක සහිතය.

අධ්‍යයනය සඳහා පිළියෙල කළ මේ ශබ්ධවාහිනී ක්‍ර‍මය අධෝරක්ත කිරණ තාක්ෂණය යොදා දුරස්ථව ක්‍රියාකරන අතර වැඩි අපහසුවකින් තොරව ගම්වැසියන්ටම සවිකරගත හැකිය.

ලංකාවේ අලි මිනිස් ගැටුම් වැලැක්වීම සම්බන්ධයෙන් චාල්ස් සන්තියාපිල්ලේ සහ බෘස් රීඩ් යන විද්වතුන් විසින් මෙයට පෙර ඔරික්ස් සඟරාවේ පල කළ ලියවිල්ලකට අනුව වල් අලි ගම් වැදිම බහුලව සිදුවන්නේ ගොයම් පැසෙන කාලයට බැවින් පැසෙන ගොයම් සුවඳට වල් අලින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇත්තේයැයි යෝජනා කර තිබුනි. ඒ අනුව ජාන විකරණ තාක්ෂණය යොදා ගොයම් සුවඳ වෙනස් කිරීම වල් අලින් ගම් වැදීම අධෛර්යමත් කිරීමට හේතුවෙතැයිද ඔවුහු අදහස්  කළහ. කෙසේවෙත්ත් එකම නිශ්චිත ක්‍ර‍මයක් මත රඳා නොසිට විවිධ ක්‍ර‍ම එකට යොදාගැනීමෙන් තොරව වල් අලි වැනි ඥානවන්ත සත්වයන් වර්ගයක් අධෛර්යමත් කිරීම පහසුකටයුත්තක් නොවන බවද ඔවුහු පවසති.

ඹරික්ස් සඟරාවේ පලවූ  Playback of felid growls mitigates crop-raiding by elephants Elephas maximus in southern India නම් ලිපිය ඇසුරෙනි

“ඉන්දියානු ගම්වලට කඩාවදින වල් අලි එලවීමට ව්‍යාඝ්‍ර‍ ගර්ජනා යොදා ගැනීම”ට එක් ප්‍රතිචාරයක්

  1. අනර්ඝ ලිපෙලකි . ඔබලාට අනෙක වාරයක් ස්තුතියි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending