ඊට පිළිතුරු දීමට පෙර මෙන්න මේ කාරණාව සලකා බලන්න. ගෙයින් පිටත මෙන්ම එළිමහනේ උෂ්ණත්වය එක සමානව පවතින දින දෙකකදී එක දිනයක් තද සුළං සහිත නම් එදින අපට දැනෙන්නේ සාපේක්‍ෂව අනෙක් දිනයට වෙනස් ආකාරයකටය. ඊට හේතුව සුළඟින් අපේ සිරුරේ මතුපිටින් උෂ්ණය ඉවත් කෙරෙන නිසා උෂ්ණත්වය එක සමානව පැවතුණත් සිරුරට දැනෙන්නේ අඩු සීතලකි.

සුළං අපගේ සිතෙහි ස්වභාවයට බලපාන ආකාරයට හා අපේ සිරුරු අඩු උෂ්ණත්වයට ප‍්‍රතික‍්‍රියා දක්වන ආකාරයට, ආර්ද්‍රතාවය හෝ වාතයේ තතමනය අපගේ සිතෙහි ස්වභාවයට බලපාන අතර අපේ සිරුරු ඉහළ උෂ්ණත්වයට ප‍්‍රතික‍්‍රියා දක්වයි. සිරුරු සිසිල් කිරීමේ යාන්ත‍්‍රණයක් අපේ සිරුර තුළම පිහිටා ඇත. රස්නය වැඩි වු විට කුඩා දහඩිය බින්දු සමෙහි මතුපිටට වෑස්සේ. ජලය වාෂ්පීකරණය වන විට රස්නය ද අවශෝෂණය (උරාගැනීම) වන බව ඔබ දන්නා කරුණකි. ඒ අනුව, පෙර කී අන්දමට සම මතුපිටට වෑස්සුණු දහඩිය බිංදු, වාෂ්පීකරණය වන විට සිරුරේ රස්නය උරා ගනී. එහෙත් එළිමහනෙහි වාතයේ ආර්ද්‍රතාවය වැඩි නම්, ඒ කියන්නේ වාතයේ ඇති ජලබිංදු වැඩි නම්, සමෙන් වෑස්සෙන දහඩිය බිංදු වාෂ්පීකරණය වීම සෙමින් සිදුවේ. අපේ සිරුරෙහි උෂ්ණත්වය අඩු කිරීම පිණිස දහඩිය උපකාරී වෙතත් වාතයේ ආර්ද්‍රතාව වැඩි වු විට දහඩිය වාෂ්ප වීම මන්දගාමී වෙයි. අවානකින් හෝ පත්තරයකින් පවන් සළන විට සිරුර අවට සන්තෘප්ත වාතය (වාෂ්පයෙන් පිරි වාතය) ඈත් වීමෙන් දහඩිය බිංදු ඉක්මනින් වාෂ්පීකරණය වේ. පවන් සලන විට සහනයක් ලැබෙන්නේ එහෙයිනි.

ඉතින් එළිමහනේ උෂ්ණත්වය එක සමාන දින දෙකක දී ආර්ද්‍රතාව වෙනස් වන්නේ නම් අපට පිටත උෂ්ණත්වයෙහි පැහැදිලි වෙනසක් දැනේ. ඉහළ ආර්ද්‍රතාව සහිත දිනය අපට දැනෙන්නේ සාපේක්‍ෂව උෂ්ණාධික ලෙසිනි. ආර්ද්‍රතාව වැඩි විට සිරුර සිසිල්ව තබා ගැනීමට නිපදවන දහඩිය වාෂ්පීකරණයවීම සිදුවන්නේ සෙමිනි. එහෙයින් සිරුරට උෂ්ණත්වය වැඩියෙන් දැනේ. ඉතින් තාප දර්ශකය යනු විවිධ මට්ටමේ ආර්ද්‍රතාවන් මගින් අපට දැනෙන උෂ්ණත්වයේ වෙනස් කම් කියාපාන වගුවකි. උෂ්ණාධික දිනයක අධික තාපය හේතුවෙන් ඇතිවන අසනීප හා අපහසුතා ගැන සැලකිලිමත් වීමට මෙම තාප දර්ශකය ප‍්‍රයෝජනවත් වේ.

 

THE HANDY ANSWER BOOK for KIDS (and Parents) හි Why does high humidity make a day feel warmer? ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending