ප්‍රෝටීන යනු සජීවි සෛල වල ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටුකරන සංකීර්ණ අණු වර්ගයකි. අනෙකුත් අණු හා සසඳන විට ප්‍රෝටීන් අණු ප්‍රමාණයෙන් විශාලය. එම අණු ඇමයිනෝ අම්ල(amino acids) නම් වූ කුඩා හා සරල අණු සිය දහස් ගණනකින් යුත් දිගු දාම වලින් සමන්විත වේ. “අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ” (essential amino acids) වශයෙන් සැලකෙන phenylalanine වැනි ඇමයිනෝ අම්ල අප ශරීරය තුළ නිපදවීම සිදු නොවන බැවින් ඒවා අප ගන්නා ආහාර මගින් ප්‍රමාණවත් තරම් ඵකතු කර ගැනීම ඉතා වැදගත් වේ. සමහර ප්‍රෝටීන ප්‍රතිදේහ(antibody) වශයෙන් ක්‍රියා කරන අතර ඒවාට වයිරස ආදී බාහිර අංශූන් ශරීරයට ඇතුළ් වීමඅවහිර කළ හැක. අනෙකුත් ප්‍රෝටීන වර්ග අතරට, සෛල තුළ දහස් ගණනක් ප්‍රතික්‍රියා සිදු කරන හා DNA තුළ වූ ජානමය තොරතුරු කියවමින් නව ප්‍රෝටීන සංස්ලේෂණයට උපකාරී වන ප්‍රතිග්‍රාහක (receptors) හා ඵන්සයිම (enzyme) ඇතුළත් වේ.
ශාඛ හා සතුන් තුළ ඇති සියලුම ප්‍රෝටීන නිපදවනුයේ ප්‍රධාන ඇමයිනෝ අම්ල විස්සක් ඵකිනෙකට වෙනස් වූ අනුපිළිවෙල් (sequence) වලින් සංයුක්ත වීමෙනි. යම් ප්‍රෝටීනයක‍් සඳහා වූ නිශ්චිත අනුපිළිවෙලට එහි ප්‍රාථමික ව්‍යුහය යැයි කියනු ලැබේ.සෛලයක් නව ප්‍රෝටීනයක් නිපදවන විට, එය මුලින්ම රේඛීය ඇමයිනෝ අම්ල දාමයක් සාදන අතර ඉන්පසු ද්වීතීයික ව්‍යුහයක් බවට පත්වේ. අවසානයේ ප්‍රෝටීන නැමීම (folding) නම් වූ ක්‍රියාවලියක් හරහා එය ත්‍රිමාණ හැඩයකට පත් වේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න