රත් වූ බඳුනක් නොදැනුවත්ව ඇල්ලුවොත් අපේ ප්‍රතිචාරය කෙබඳු විය හැකිද? එක්කෝ අප අතින් ඒ බඳුන අත හැරේ. නැතිනම් අප විසින් ඉතාමත් ක්ෂණිකව ඉන් අත් ඉවත් කර ගනු ලැෙබ්. මේ ප්‍රතිචාර දෙකම සිදුවන්නේ සිතා මතා නොවේ. නොදැනුවත්වම, ඉතා ක්ෂණිකවයි. එහෙම නම් එය සිඳුවුණේ කොහොමද? ඒ සියල්ල සම්බන්ධීකරණය කළේ අපේ ස්නායු පද්ධතියයි(nervous system). බඳුන රත් වූ බව ඊට දැනී, එය අත් අරින ලෙස හෝ ඉන් ක්ෂණිකව අත ඉවතට ගන්නා ලෙස මාංශ පේශීවලට සංඥාව දෙයි. ඔබේ ස්නායු පද්ධිතය ඔබේ මොළය, කණ්ටකීය රජ්ජුව හෙවත් සුෂුම්නාව, පර්යන්ත ස්නායු සහ ස්වයං සාධක (ඉබේ සිදුවන) ස්නායුවලින් සමන්විත වේ. ඔබේ සියලුම සංචලන, සිතුවිලි හා සංනිවේදන සම්බන්ධීකරණ සිදුකෙරෙන්නේ එමගිනි. (ඔබට ඇතිවන) මේ ලිපියේ අරමුණ අපේ ස්නායු පද්ධතියේ ව්‍යුහය සහ කාර්යය විභාග කරබැලීම, ස්නායු සෛල එකිනෙක සහ විවිධ පටක අතර සංනිවේදනයේ යෙදුනත් කෙසේද සහ ස්නායුවලට හානි පැමිණි විට පෙර ස්නායු අභාවයට යාම නිසා ඇතිවන ඵලවිපාක මොනවා දැයි සොයා බැලීමයි.
ස්නායු පද්ධති
- ඔබේ බාහිර සහ අභ්‍යන්තර වටපිටාව දැන ගනියි
- ඔබේ මොළය, සුෂුම්නාව හා වෙනත් පටක අතර තොරතුරු සංවේදනය කරයි.
- ස්වේච්ඡාවෙන් සිදුකෛරෙන චලනයන් සම්බන්ධිකරණය සිදු කරයි.
හුස්ම ගැනීම, හදවත ගැහෙන වේගය, රුධිර පීඩනය හා රුධිර උෂ්ණත්වය වැනි අනිච්ඡානුග (සිතා මතා නොකරන) කාර්යයන් සම්බන්ධීකරණය හා නියාමනය කරයි.
ස්නායු පද්ධතියේ කේන්ද්‍රය මොළයයි. හරියට පරිගණකය මයික්‍රොප්‍රොසෙසරය මෙනි. පරිගණකයේ ද්වාර සහ වයර් මෙන් සුෂුම්නාව සහ ස්නායු තමයි සම්බන්ධන connections
). ස්නායු පද්ධතියේ විවිධ ප්‍රදේශ අතර මෙන්ම ස්නායු පද්ධතිය හා අනෙකුත් පටක හා අවයව අතරද විද්‍යුත් රසායන සංඥා ගෙන යන්නේ ස්නායුය. ස්නායු වර්ග හතරකට බෙදනු ලැබේ.
- කපාල ස්නායු (Cranial nerves) මේවා ඔබේ අවයව (ඇස්, කන්, නාසය හා මුඛය) ඔබේ මොළය හා සම්බන්ධකරයි.
- මධ්‍යම ස්නායු (Central nerves) මොළය හා සුෂුම්නාව අතර ප්‍රදේශ සම්බන්ධකරයි.
- පර්යන්ත ස්නායු (Peripheral nerves) සුෂුම්නාව ග්‍රාතා හා සම්බන්ධ කරයි.
- ස්වයං සාධක ස්නායු (Autonomic nerves) මොළයයි, සුෂුම්නාවයි ඔබේ අවයව (හෘදය, අමාශය, අන්ත්‍රය හා රුධිර වාහිනී ආදිය) හා සම්බන්ධ කරයි.
මධ්‍යම ස්නායු පද්ධතිය, කපාල ස්නායු හා මධ්‍යම ස්නායුද ඇතුළත්ව මොළය හා සුෂුම්නාවෙන් සමන්විත වේ. පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වන්නේ, පර්යන්ත ස්නායුවලිනි. ස්වයං සාධක ස්නායුවලින් සමන්විත වන පද්ධතිය හඳුන්වනු ලබන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ලෙසයි. රත්වූ යමක් මෙතින් අපේ අත් ඉවතට ගැනීම වැනි වේගවත් ප්‍රතීක ක්‍රියා (reflexes) හා සම්බන්ධ වන්නේ පර්යන්ත ස්නායු හා සුෂුම්නාවයි. සිතුවිලි ක්‍රියාදාමයන්ට සහ අවයවවල ස්වයං සාධක නියාමනයට මොළයේ විවිධ කොටස් සම්බන්ධ වේ. ඒවා මාංශ පේශීවලට හා අයවයවලට ලබාගෙන සම්ප්‍රේෂණය කරනු ලබන්නේ, සුෂුම්නාව සහ පර්යන්ත/ ස්වයං සාධක ස්නායු මගිනි.
සුෂුම්නාව සහ නියුරෝන (ස්නාසාව)
සිරුරේ පිටුපස ඇති සෑම කශේරුකාවකම කුහර විවර හරහා සුෂුම්නාව හෙවත් කණ්ටකීය රජ්ජුව ව්‍යාප්ත වේ. මොළයේ සිට සහ මොළය දක්වා මෙන්ම බැහැරව සිරුර වෙත වෙනත් විවිධ ස්නායු සෛල දේහ (ධුසර පදාර්ථ gray matter) සහ ස්නායු ක්‍රියාදාමයන් හෝ ධවල පදාර්ථ (white matter) ලෙස දැක්වෙන ඇක්සෝන (ෙසෙල දේහයේ සිට ස්පන්දක ගෙන යන ස්නායු ෙසෙලයක කොටසක්) එහි අඩංගු වේ. සෑම කශේරුකාවකම ඇති විවිර තුළින් පර්යන්ත ස්නායු ඇතුල් වී පිටව යයි. කශේරුකාව තුළ දී ස්නායුවක්ම පෘෂ්ඨීය මූල (dorsal) සංවේදී ස්නායු සෛල ක්‍රියාදාමයන් හා සෛල දේහ) සහ උදරිය මූල (ventral) චාලක ස්නායු සෛල ක්‍රියාදාමයන්) ලෙස වෙන් වෙයි. ස්වයං සාධක ස්නායු සෛල දේහ, සුෂුම්නාවට සමාන්තරව සහ කශේරුකා ඇතුළත දිවෙන දාමයන් ඔස්සේ පිහිටන අතර ඒවායේ ඇක්සෝන සුෂුම්නා ස්නායු කෝෂ තුළ පිටවේ.
HOW STUFF WORKS හි How Nerves Work ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න