ලොවපුරා කොයි රටක වුවත් අද සමාජය බෙහෙවින් තරඟකාරිය. එම සමාජය තුළ තම දරුවාගේ ඉදිරිගමන ගැන වෙහෙසෙන දෙමාපියන් නිරතුරුව සිය දරුවන් ඉදිරියට ‘තල්ලූ කිරීමට’ (push) පෙළඹීම සුලබව දැකිය හැක්කකි. අනාගතය සරුසාර කරගැනීම පිණිස දොරවල් ඇරගෙන යන්නට දරුවන් යොමු කරන්නේ ‘දොර’ යන්න කුමක්දැයි නොදන්නා මොළකැටි අවධියේ සිටය. දෙමාපියන්, දරවා පිටුපස සිට තල්ලූකිරීම පටන්ගන්නේ පෙර පාසැල් අවධියටත් පෙර සිටය. එහෙත්, දරුවන් ඉදිරි ගමනට යොමු කළ යුත්තේ මුදු මොළොක් බසින් දරුවන්ගේ දක්‍ෂකම අගැයීමට ලක් කිරීමෙන්ද, එසේත් නොමැති නම් කොටි අම්මාවරුන් අනුගමනය කරන දඩුවම් සහ විවේචනය කිරීමේ ක‍්‍රමෝපාය මගින්ද? දරුවන්ට දරුණු ලෙස බැන වදින, වරද පටවන දෙමාපියන් සිය දරුවන් මත ජීවිත කාලයක් බලපවත්නා පරිදි කාංසාවන් පටවන බව අළුත්ම පර්යේෂණ පෙන්නුම් කරයි.

පසුගිය නොවැම්බරයේ එළිදැක්වූ අධ්‍යයනයක් සඳහා පර්යේෂකයෝ වැඩිහිටියන් 4,000 කට වැඩි පිරිසකගේ ළමාවිය මතකයන් එකතුකර ඒවා පසුකලෙක මානසික සෞඛ්‍යය සහ සහසම්බන්ධ කළහ. ඔවුන්ගේ සොයා ගැනීම් වලින් පෙනී යන්නේ ආඥදායක ස්වරූපයේ හෙවත් ආධිපත්‍යයික දෙමාපියන් සහිත ළමුන් ජීවිතයේ පසුකලෙක විපත්තිවලට මුහුණ දීමේදී අසීරුතාවන්ට පත්වන බවයි.
මේ සම්බන්ධව අළුත්ම අධ්‍යයනයක යෙදෙනෙ ස්ටෝනි බෲක් සරසවියේ සායනික මනෝවිද්‍යාඥ ග්‍රෙග් හජ්කැක් ප‍්‍රවුඞ්ෆිට් දක්වන අන්දමට දඬුවමට බර මාපිය කටයුතු වලින් අපමණ බලවත්, ප‍්‍රස්ථිතික (දිගටම පවතින) බලපෑමක් ඇති කරන්නේ එමගින් තම වැරදි වුවමනාවට වඩා ලොකු කිරීමට ළමයාගේ මනස පුරුදු ප‍්‍රගුණ කරන හෙයිනි.
අප අතින් යම් වරදක් සිදුවු විට අපේ නළල මැදට වන්නට පිහිටි නළල පිටුපස ඇති පුරෝලලාට බාහිකය (medial prefrontal cortex) කලින් නිර්ණය කළහැකි විදුලිමය රටාවන් නිපදවයි. මේ රටාව හැඳින්වෙන්නේ දොස්-බැඳි ප‍්‍රතිෂේධනය (error-related negativity – ERN) යනුවෙනි. අප යළිත් එකී වරද කිරීමෙන් වළක්වාලීමට මොළය ක‍්‍රියාකරන්නේ ERN මගින් යයි සැලකේ. ඒ ඒ පුද්ගලයා අතර ERN ප‍්‍රබලතාවෙහි වෙනස්කම්වලට ප‍්‍රවේණි ලක්‍ෂණ බලපාන බව සාක්ෂිවලින් පෙන්නුම් කරයි. එහෙත් දැන් ප‍්‍රවුඞ්ෆිට්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ තරවටු කිරීම් ද මීට බලපෑම් ඇතිකරන බවයි. ළමුන් 300 කට ආසන්න පිරිසක් වයස අවුරුදු 3 දීත් පසුව අවුරුදු 6 දීත් යොදවාගෙන පර්යේෂකයන් සිදුකළ අධ්‍යයනයකින් ද මෙය සනාථ වී තිබේ.
සාමාන්‍යයෙන් ERN සැලකෙන්නේ අපට අනතුරු හැඟවීමේ ලකුණක් ලෙසටය. එහෙත් දරුණු විවේචනයට ලක්වන ළමුන් දෙමාපියන්ගේ ප‍්‍රතිචාර සමාග‍්‍රහණය කර ගැනිමෙන් ERN කාංසාව මුදාරින ට‍්‍රිගරයක් බවට පත්වන බව පුවුඞ්ෆිට් පවසයි. ”ළමයි අතින් වැරදි සිදුවෙනවා. එහෙත් ඔබේ ළමයා වෙනත් ළමුන්ට වඩා වැඩිමනත්ව වරදට තැවෙනවා නම් හෝ ඊට වැඩිපුර ප‍්‍රතිචාර දක්වනවා නම් හෝ අනාගතයේදී කාංසා අක‍්‍රමතාවන්ට ගොදුරුවීමේ අවදානමක් ඇතැ” යි ඔහු පවසයි.
Scientific American හි Harsh, Critical Parenting May Lead to Anxiety Disorder Symptoms ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න