ඉංග‍්‍රීසියෙන් Tone-deaf කියන්නේ තාන බිහිරි හෙවත් හඬක තාරතාවය හඳුනා ගැනීමට නොහැකි වීමටයි. මේක අපි බොහෝ දෙනෙකුට තේරෙන අන්දමට කියනවා නම් තාලයකට කවියක්, සින්දුවක් කියාගන්න බැරිකමයි. ඉතින් එෙහෙම වෙන්නේ ඇයි?
සමහරු ඇත්තටම උපතින්ම තාන බිහිරි තමයි. තාන බිහිරි කීවාට අනෙක් අයට වගේම සාමාන්‍ය විදිහට කන් ඇහෙනවා. බුද්ධි ඵලය(IQ) හා ස්මෘති ක‍්‍රියාකාරිත්වය(memory function) සමාන්‍ය මටටමේ පවතිනවා. එහෙත් ඒ අයට සරල මෙලඩියක් හෝ
රිද්මයක්, තාලයක් මතක තියාගන්න බැහැ.
ඉතින් ඒ නිසාම තාලයකට ගායනාවක් කරගන්න බැහැ. සහජ තාන බිහිරිතාව ඇතිවන්නේ නම් කලාතුරකින්. කෙසේවෙතත් එහෙම ඇතිවෙන්නේ ඇයිද කියන එක නම් තවම විද්‍යාඥයෝ දන්නෙත් නැහැ. සංගීත රසඥතාව (musicality) ඒක්තරා දුරකට පාරම්පරිකව, ආවේණිකව එහෙමත් නැතිනම් ආරෙට එන්නක්. (ඒ නිසා වෙන්න ඇති ප‍්‍රසිද්ධ ගායක ගායකවන්ගේ දරුවනුත් ඒ ආරට යන්නේ). ඉතින් සහජ තාන බිහිරිතාව ඇති වීම සඳහා ජානමය බලපෑමක් තිබෙනවා විය හැකියි.
එහෙම නම් අද ඉරිදා ගෙදර ඉන්න ගමන් සින්දුවක් කියලා බලමු ද තාන බිහිරිතාව තියෙනටාද නැද්ද දැනගන්නත් එක්ක?
Science illustrated හි Born tone deaf? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න