ජීව විද්‍යාත්මක කාරණා ගණනාවකින් සලකා බලන විට මානවයෝ, දැනට සිටින අනෙකුත් ජීවින්ට සමාන වෙති. නිදසුනක් ගතහොත්, අනෙකුත් සත්වයන් මෙන්ම ඔවුන් ද සෑදී ඇත්තේ ෙසෙලවලිනි. එම සතුන්ගේ රසායනික සංයුතිය වගේම සංයුතියකින් යුක්තය. අනෙකුත් බොහෝ සතුන්ට සමාන අවයව පද්ධති සහ ශාරීරික ගති ලක්ෂණ ඇත. බෝවීම සිදුවන්නේ ද සමාන ආකාරයකටය. ජාන තොරතුරු පද්ධතිය ද එක ආකාර ස්වරූපයක් ගන්නා අතර මානවයාද  ආහාර ජාලයක කොටසකි.

අනෙකුත් සත්ව විශේෂ මෙන්ම මානව විශේෂය ද අනෙකුත් ජීවින්ගෙන් පරිණාමනය වුණේය යන විශ්වාසය ෆොසිල සහ අනුක සාක්ෂිවලින් සනාථ වෙයි. සාක්ෂි තව තවත් එකතුවෙමින් පවතින අතර දින වකවාණු සහ වංශාවලී ගැන විද්‍යාඥයෝ දිගටම වාද විවාද වල නිරත වෙති. එහෙත් සංක්ෂේප වශයෙන් ගතහොත් කතාවේ පුළුල් වැටිසන පොදුවේ පිළිගැනීමට ලක්ව තිබේ. මානවයන්, වඳුරන් හා වානරයන් ද එමෙන් ම අනෙකුත් ක්‍ෂීරපායින් වර්ග කිහිපයක් ද ඇතුළත් සමාන ජීවින් වර්ගීකරණය කෙරෙන ප‍්‍රිමාටේස් (අගේ‍්‍රශයන්) අනෙකුත් ක්‍ෂීරපායියන්ගෙන් පරිණාමනය වන්නට පටන් ගත්තේ වසර මිලියන 100 කට අඩු කාලයක සිටය. මානවයන් බඳු ප‍්‍රිමාටේස් විශේෂ ගණනාවක්ම ඉස්මතු වී බෙදීයාම සිදුවූයේ වසර මිලියන 5 කට පමණ පෙරය. එහෙත් දැන් ඉන් එක විශේෂයක් හැර අනෙක් විශේෂ සියල්ල නෂ්ටප‍්‍රාප්තය. ඉතිරිවුණු විශේෂය නූතන මානව විශේෂයට මග පෑදීය.

තවත් සමහර විශේෂ සමාජයීය වශයෙන්, සංවිධානය වෙති. ප‍්‍ර‍්‍රධාන කොට එසේ කරන්නේ ආරක්ෂාව සැලසීම, ආහාර එකතුකිරීම හෝ ප‍්‍රජනනය වැනි විවිධ එකිනෙකට වෙනස් කර්තව්‍යයන් ඉටු කිරීමෙනි. ඒ කෙසේ වෙතත්, ඔවුහු සිය ජානමය උරුමය මගින් සීමා කෙරුණු සාපේක්ෂව ස්ථාවර රටා අනුගමනය කරති. මානවයන්ගේ සමාජ චර්යාවන් බෙහෙවින් පුළුල් පරාසයක් ගනී – කාඞ් සෙල්ලම් කිරීමේ සිට ගීතිකා ගායනා කිරීම, විවිධ භාෂා ප‍්‍රගුණ කිරීමේ සිට නීති සම්පාදනය දක්වා සමාජ චර්යා ඊට අයත්ය.

අනෙකුත් සංකීර්ණ ජීවින් විලසම මිනිස්සු ද ප‍්‍රමාණය, හැඩය, සමේ වර්ණය, ශරීර අනුපාතයන්, සිරුරේ කෙස්, මුහුණේ හැඩරුව, මාංශපේෂිවල ශක්තියය, වමත් දකුණත් හුරුව ආදි කරුණු කාරනා අතින් වෙනස්කම් දක්වති. එහෙත්, සියළුම මානවයන්ගේ අභ්‍යන්තර සමානකම් හා සංසන්දනය කිරීමේදී එකී වෙනස්කම් සුළුය. එක් වී බෝවීමට ඇති හැකියාව (ප‍්‍රජනන හැකියාව), රුධිර වියලයනයට (blood transfusions) ඇති හැකියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවයව බද්ධ කිරීමේ හැකියාව ආදී වශයෙන් ලොව  ඕනෑම තැනක ජනතාවට කායිකව මිශ‍්‍ර වීමේ හැකියාව එකී අභ්‍යන්තර සමානකම ප‍්‍රදර්ශනය කරන සාධකයකි. සැබැවින් ම මානවයෝ එකම විශේෂයකට අයත්වෙති. මිනිස් කණ්ඩායම් අතර සංස්කෘතිමය වෙනස්කම් ඉමහත් සේ පෙනෙන්නාසේම, මිනිසුන්ගේ සංකීර්ණ භාෂා, තාක්ෂණ හා කලාවන් ඔවුන් ව අනෙකුත් විශේෂයන්ගෙන් වෙන් කොට දක්වයි.

මානව වර්ගයාගේ ඉතිහාසයේ වඩාත් වැදගත් සිද්ධියක් මෙයට වසර 10,000 කට පෙර සිදු විය. ඒ දඩකරු අන්නගවේෂකයන් (දඩයම් කිරීම හා ආහාර එකතු කිරීම hunting and gathering) සිට ගොවිතැනට යොමුවීමයි. මේ පෙරැුළිය ජනගහනය සීඝ‍්‍රයෙන් ඉහළ යාමට මගපෑදීය. එම ආදි වර්ධන අවස්ථාවේ මානව විශේෂයේ සමාජ නිර්මාණශීලිත්වය නිසා ගම්මාන සහ අනතුරුව පුරවර බිහිවීම ද නව ආර්ථික හා දේශපාලන පද්ධති ද වාර්තා සටහන් කර තබා ගැනීමේ හැකියාව ද – ඒ වගේම සංවිධානාත්මකව යුදවැදීම ද ඇරඹිණ. මෑතක ගොවිතැන වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව සහ බෝවන රෝග පාලනය කිරීමේ හැකියාව ද අත්පත් කරගැනීමත් සමගම ජනගහනය වැඩිවීමේ සීඝ‍්‍රතාව ඉක්මන් වී ඇත. අද ලොව ජනගහනය බිලියන හත ඉක්මවයි.

HUman I

මානව වර්ගයා ජීව විද්‍යාත්මක, සමාජමය හා සංස්කෘතිමය වන්නාසේ ම තාක්ෂණ විද්‍යාත්මක ද වන්නේය. වේගය, කඩිසරබව (agility), ශක්තිය, දරා සිටීමේ හැකියාව (සහිෂ්ණුතා බලය – stamina), පෙනීම, ඇසීම හෝ සීමාන්තික පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගතහොත් අනෙකුත් විශේෂයන්ට සංසන්දනය කිිරිමේ දී අපේ විශේෂත්වයක් නොමැත. ඒ කෙසේ වෙතත්, විවිධ තාක්ෂණ ගණනාවක් ම හේතුකොටගෙන මේ භෞතික ලෝකය හා අන්තර් ක‍්‍රියා කිරීමට අපට ඇති හැකියාව වර්ධනය වී ඇත. එක් අර්ථයකින් ගතහොත්, අපේ ජීව විද්‍යාත්මක අවාසි මගහරවා ගැනීමට අපේ නව නිමැවුම් උපකාරී වී ඇත. වාර්තා ලියා තබා ගැනීමට ඇති හැකියාව විශාල ප‍්‍රමාණයක තොරතුරු එක්රැුස් කිරීමට හා බෙදා හදා ගැනීමට මග පාදා ඇත. අනෙකුත් සතුන්ට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට එමෙන්ම බොහෝ ස්ථානවල (ජලයේ, ගොඩබිම අහසේ සහ අභ්‍යවකාශයේ පවා) යාමට ද වාහන නිසා අපට හැකි වී තිබේ. එහෙයින් ම, ඈත එපිට හව්හරණ පැතියනොහැකි තැන්වලට පවා යාමට අවස්ථාව සලසා ඇත. ඉටු කරන කාර්යයන් ඉතා සූක්ෂමව පාලනය කිරීමට හා ආශ්චර්ය දනවන මට්ටමේ බලයකින් හා වේගයකින් ඒවා ඉටු කිරීමට, ආයුධ හෙ මෙවලම් අපට හැකියාව ලබා දෙයි. දුරේක්ෂ (ටෙලස්කෝප), කැමරා, අධොරක්ත සංවේදක මයික‍්‍රෆෝන ඇතුළු අනෙක් උපකරණ අපේ දෘෂ්‍යමය හා ශ‍්‍රව්‍යමය හා ස්පර්ශක තවත් ඉන්ද්‍රියන් ප‍්‍රබල කර එමෙන් ඒවායේ සංවේදිතාව බොහෝ වැඩිකර ඇත. කෘතීම උපාංග බද්ධ කිරීමේ හැකියාව මෙන් ම රසායනික හා ශල්‍ය වෛද්‍ය මැදිහත්වීම් තුළින් ශාරීරික නොහැකියාවන් සහිත පුද්ගලයන්ට පවා සිය පරිසරය තුළ ඵලදායි ලෙස ක‍්‍රියාකිරීමට වරම් ලබා දී ඇත. මේ සියල්ල ගත් කල මානවයා අනන්‍ය බව නිගමනය කළහැකිවේ.

Science for All Americans – Project 2061 Chapter 6 හි Human Identity  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending