එක් එක් සත්ව වර්ගයාගේ පිරිමි ලිංගේන්ද‍්‍රිය ඔවුන්ගේ ශරීරයේ විවිධ ස්ථානවල පිහිටා ඇති අතර ඒවා සුවිශේෂී හැඩවලින්ද යුක්තයි. ලිංගේන්ද‍්‍රිය ආරම්භවූයේ කෙසේ ද යන්න එහෙම නැතිනම් ඒවායේ ප‍්‍රභවය ද එමෙන්ම සුවිශේසිය.ි ’’ ලිංගේන්ද‍්‍රිය සහ ගාත‍්‍ර එකටම පරිණාමනය වන්නට ඇත යන මතය දිගටම පැවතුනක්‘‘ යයි නව අධ්‍යයනයක ප‍්‍රධානී ස්විට්සර්ලන්ත ජාතික ජෛව විද්‍යාඥ පැටි‍්‍රක් ටීස්කොප් පවසයි.අත් සහ කකුල් මෙන් ම බාහිර ලිංගේන්ද්‍රියයන් ද භෞමික වාසස්ථානයකට අනුවර්තනය වීමේ ප‍්‍රතිඵලයකි. පසුපාද හා ලිංගේන්ද්‍රීය කලල වර්ධනය මෙතරම් සමාන මන් දැයි නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කෙරේ. සර්පයන්, කටුස්සන් මීයන් යොදා ගනිමින් සිදුකළ මේ අධ්‍යයනයට අරමුදල් සපයනු ලබන්නේ ස්විට්සර්ලන්ත ජාතික විද්‍යා පදනමයි.

පෘෂ්ඨවංශිකයන් මුහුදු හැර දමා ගොස් ගොඩබිම ජයගත් අවස්ථාවේ ඔවුන්ගේ ගාත‍්‍රා නව පරිසරයට ගැලපෙන අයුරු අනුගත විය. එහෙත් අනුගත වුනේ ගාත‍්‍රා පමණක් නොවේ. ඔවුන්ගේ ප‍්‍රජනන අවයව ද එලෙසම අනුගත විය. මත්ස්‍යයන් හා උභය ජීවින් (amphibians) දිය යට ප‍්‍රජනනය කරන අතර, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායියන් එසේ කරන්නේ ගොඩබිමෙහි ය. ඔවුන්ගේ බීජ වියළි යාම වළක්වා ගැනීම පිණිස ඔවුන් සිය ජන්මාණු ෙසෙල ශරීරය තුළ එකට එක්වීමට ඉඩ හරිති.
‘‘ගසක කඳෙන් අතු පැන නගින්නාසේ…..’’
‘‘බාහිර ලිංගේන්්ද්‍රිය ඇති නිසාවෙන් අභ්‍යන්තර සංස්චේතනයට ඉඩකඩ සැලසේ’’ යයි ටීස්කොප් Nature සඟරාවට ලිපියක් සපයමින් කියා සිටියි. සර්පයන්ගේ, කටුස්සන්ගේ, කුකුළන්ගේ හා මීයන්ගේ පිරිමි ලිංගේන්ද්‍රීය ප‍්‍රභවය ගැන හෙතෙම ස්විට්සර්ලන්තයේ, ප‍්‍රංශයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සගයන් හා එක්ව කරුණු අනාවරණය කරගෙන ඇත. මේ සොයා ගැනීම සරලව විස්තර කළොත් කලලයක් ප‍්‍රථමයෙන් දක්වන්නේ නළයක් හෙවත් බටයක ස්වරූපයයි. එය දිගටම වර්ධනය වෙද්දී ඉහළ හා පහළ ගාත‍්‍රා අංකුර ‘‘දළු’’ ලෑමට පටන් ගනියි. ‘‘හරියට ගසක කඳෙන් අතුලනා අන්දමටය’’ යි ටීස්කොප් පවසයි. මීයන්ගේ පසුපස ගාත‍්‍රා අංකුර සෑමවිටම ප‍්‍රජනන අවයව වර්ධනය වන්නා වූ කලලමය ව්‍යුහයන්ගෙන් වෙන්ව පවතී. කෙසේ වෙතත්, සර්පයන්ගේ හා කටුස්සන්ගේ නම් ලිංගේන්ද්‍ර වර්ධනය වන්නේ පසුපස ගාත‍්‍රාවලට බෙහෙවින් සමාන ආකාරයටය.
අර්ධ-ශිශ්න
පර්යේෂකයන් සුක්ෂමව සැලැසුම් කළ පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි ලිංග විශේෂිත ජාන ක‍්‍රියාකාරී වන්නේ පසු අවධියක දීය. සර්පයන්ගේ හා කටුස්සන්ගේ පාර්ශ්වික ප‍්‍රජනන අවයව කට්ටලය වන අර්ධ-ශිශ්න (Hemipenises) මෙසේ පසුපස ගාත‍්‍රාවලින් වර්ධනය වන්නට ඇත. (එහෙත් පරිණාමයේ මුල් අවදීයේ දී ම වාගේ සර්පයන්ට ඒවා අහිමි විය). ටීස්කොප් මූලික පර්යේෂණවල යෙදෙනවා මිස ඔහුගේ සොයා ගැනීම් තවමත් ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා මග පෑදීමක් කරන මට්ටමක නොපවති. එහෙත්, සහජයෙන් පැවැත එන ඇතැම් රෝගවලදී විකෘති අත් පා හා බාහිර ලිංගේන්ද්‍ර හානි හා සම්බන්ධ මන් දැයි යන්න අර්ධ වශයෙන් හෝ පැහැදිලි කිරීමට පර්යේෂණ ප‍්‍රතිඵල ඉවහල් වෙතැයි ටීස්කොප් අදහස් කරයි. හේතුව රඳා පවතින්නේ, සමාන වර්ධනීය ක‍්‍රියාදාම මෙන්ම ලිංගික අවයව සහ පසුපස ගාත‍්‍රා අතර අණුක බන්ධුතාව මතය.
Swiss National Science Foundation යන වෙබ් අඩවියේ The relationship between genitals and hind legs ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න