හිරි ගඩු පිපෙන්නේ හිතට හදිසි බයක් ඇති වුණහමයි කියලා තමයි අපි බොහෝ දෙනා සිතන්නේ. ‘මේ බලන්නකෝ මගේ අතේ හිරිගඩු පිපිලා…මේ මයිල් කෙලින් වෙලා’ යනුවෙන් පවසනවා ඔබත් අසා ඇති. තවත් සමහරු හිතන විදියට මයිල් කෙලින් වෙන්නේ කෝපයට ‘අනේ අම්මප මේවා අහන කොට මගේ ඇෙඟ් මයිල් කෙලින් වෙනවා.’ යනුවෙන් ඔවුන් පවසන්නේ ඒ හන්දයි. ඒත් හිරි ගඩු පිපී මයිල් කෙලින් වීම ඈත අතීත යට අයත් සතුන්ගේ ප‍්‍රතීක ක‍්‍රියාවක් (reflex action). සීතලෙන් බේරීම සඳහා වඩා හොඳ පරිවරණයක් (ඇවිරීමක්) සැපයීම පිණිසයි එසේ වන්නේ. කෙසේවෙතත්, මානවයන්ගේ ගතෙහි කෙස් බොහෝමයක් ම අහිමි වී ගොස් ඇති හෙයින් දැන් මේ ප‍්‍රතීකයෙන් ඉටුවන කාර්යයක් නොමැත.
එහෙම වුණත් රෝම උද්ගාමී පේශිය යනුවෙන් හැඳින්වෙන මිනිසුන්ගේ කෙස් මුල ඇති කුඩා ග‍්‍රන්ථිය තුළ ‘මයිල් කෙලින් ’ කරවන කුඩා මාංශ පේශී තවමත් ශේෂව පවතිනවා. මේ මාංශ පේශී තද වූ විට (අපි හිරිගඩු වශයෙන් හඳුන්වන) කුඩා ගඩු ඉස්මතු වෙනවා. pilomotor ප‍්‍රතීකය ලෙසින්ද, හැඳින්වෙන මෙම අනිච්ඡුානුග ක‍්‍රියාවේ දී මයිල් කෙලින් වීම නිසා වාතයේ ස්තරයක් සමට තබා හිර කරයි. එහෙත් දැන් මානවයන්ගේ රෝම කොපමණ තුනී ද කෙටි ද කීවොත් එහේ උණුසුම සැපයෙන කාර්යය මෙම ප‍්‍රතීකයෙන් ඉටු වන්නේ නැහැ.
ප‍්‍රතීකය ඇතිවන්නේ සීතලට එරෙහිව ප‍්‍රතික‍්‍රියාවක් ලෙස පමණක් නොවෙයි. බිය වැනි සිතට තදබල හැඟීමක දී ද(emotion) එසේ වෙනවා. අනික එය අනෙක් ක්‍ෂීරපායින්ටත් පොදුයි. බියට පත් වූ විට පමණට වඩා විශාලව පෙන්වීමට ඉබේටම බළලාගේ මයිල් පිම්බෙන්නේ ඒ නිසාවෙන් තමයි. සුනඛයන්ගේ බෙල්ල උඩ මයිල් කෙලින් වීමේ දී ද ක‍්‍රියාත්මක වන්නේ මේ යාන්ත‍්‍රණයමයි.
හිරි ගඩු යල්පැන ගියේ මෙයට වසර මිලියනයකට පෙර සිටයි. දැන් මානවයන්ගේ සිරුරු ලොම්වලින් වැසී නොමැති නිසා හිිරි ගඩු වලින් ඉටුවන කාර්යයක් නම් නැත. ඒත් ඉතින් මේ සංසිද්ධිය හානියකින්ද තොරයි. හැබැයි යල් පැන ගිය ශරීරාංග තියෙන්නේ මානවයන්ට පමණක් නොවෙයි. අපි තල්මසෙක් ගමු. තල්මසුන් සිය මුළු ජීවිත කාලයම ජලයේ ගත කළත් උන් ඇත්තටම ක්‍ෂීරපායින් බව දන්නවානේ? මුල්ම යුගයේ උන්ගේ මුතුන් මිත්තන් ගොඩබිමත් වාසය කළා. ඒ හන්දා ඉතින් පාදත් ඕනෑ කරා. ඔබට තල්මසෙකුගේ කංකලය හෙවත් සැකිල්ල හොඳින් පරීක්ෂා කිරීමට අවස්ථාව ලදොත් බොහෝ කලකට පෙර උන්ට අහිමි ව ගිය මේ ගාත‍්‍රා පිළිබඳ කිසියම් සාක්ෂි තවමත් දැකගත හැකිවේවි. දැන් ඒවා තල්මසුන්ගේ සිරුරේ පිටුපස ඉතාම කුඩා අස්ථි බවට පත්වෙලා. ඒක අසා දැන ගත්තාට නම් ඔන්න හිරිගඩු පිපී මයිල් කෙලින්වෙන එකක් නම් නැහැ ඕන්.
Wonderopolis හි Why Do You Get Goose Bumps? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න