රසායන (chemicals) පිළිබඳ ජනතාවගේ ජීවන රටාව තුළින් දකින තත්ත්වය සහ රසායන ගැන යථාර්ථය අතර එන්ට එන්ටම වර්ධනය වන අසම්බන්ධතාව විද්‍යාඥයන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. ඔවුන්ගේ කනස්සල්ලට හේතු වන්නේ රසායන යනු මොනවාද ඒවා මගින් කළ හැක්කේ කුමක්ද යන්න ගැන ජනතාව තුළ වැරදි වැටහීම් ඇතිිවීම පමණක් ම නොවේ. එසේ කිරීමෙන් ජීවන රටාවන්ට අනුකූල ව ගන්නා ලබන තීරණ, පවුල් සෞඛ්‍යය හා සමාජ ප‍්‍රතිපත්ති කෙරෙහි ඇතිවන ප‍්‍රතිඵලය ගැනයි ඔවුන්ගේ විමතිය.

පවුල්-පවුල් සහ සමාජ කණ්ඩායම් අතර රසායන ගැන විවිධ මති මතාන්තර ගොඩ නැගී ඇතුවා පමණක් නොව ගොඩ නැගෙමින් ද පවතී. එම ප‍්‍රජා අතර රසායන ගැන දැක්වෙන්නේ, සුවිශේෂී මෙවලම් (අත් වළලූ, මුදු වැනි) හෝ උපකරණ පැළදීමෙන් භාවිත නොකර සිටිය හැකි එමෙන්ම නැතුවාට කමක් නැති දේ හැටියට යි. එලෙසම සෞඛ්‍යයට අහිතකර හෝ පරිසරයට හානිකර දේ හැටියටය. එහෙත් රසායන පිළිබඳ ලෝක යථාර්ථය මීට හාත්පසින් ම වෙනස් ය. එනම් සියළු දෙයම සෑදී ඇත්තේ රසායනවලින්ය, එමෙන් ම කෘතිම රසායන, ඊනියා ‘ස්වභාවික’ ඒවාට වඩා බොහෝ අවස්ථාවල දී මිනිසුන්ගේ සෞඛ්‍ය කෙරෙහි වඩාත් ආරක්ෂාදායකය. තවද, රසායන පිළිබඳව පදනමකින් තොරව බහුතර පිරිස් දක්වන සැක සාංකාවන්ගෙන්  ධෛ ර්‍්‍යමත්ව විද්‍යාත්මක හෝ වෛද්‍යවිද්‍යානුකූල අතින් හීන අදහස් හෝ ‘ප‍්‍රතිකර්ම’ වැළඳ ගැනීමට පිරිස් පෙළඹීම ද දැකිය හැකිය.

images

ජීවන රටාව හා නූතන දිවි පෙවෙතට අදාලව සෞඛ්‍යය, පෝෂණය, ආහාර, පවුල, පරිසරය ආදිය ගැන කෙරෙන සංවාද සාකච්ඡුා මෑතක වසර දහය පහළොව ඇතුළත බෙහෙවින් ඉහළගොස් තිබේ. ගුවන් විදුලිය හා රූපවාහිනිය හරහා සාකච්ඡුාමය වැඩසටහන් , පුවත්පත් සඟරාදියෙහි පළවන විශේෂ ලිපි, අන්තර් ජාලයේ අසීමිත තොරතුරු ජාලාව හේතුකොට ගෙන මේවාට අදාලව සමාජය තුළ විවිධ මති මතාන්තර ව්‍යාප්ත වේ, තහවුරු වේ. මේ ව්‍යාප්තියත් සමගම රසායන යනු මොනවාද? ඒවායින් සිදු කරන්නේ කුමක් ද? යන්න ගැන විවිධාකාරවූ මතිමතාන්තර, විශ්වාසයන්  වර්ධනය වී තවත් ව්‍යාප්ත වී ඇත. මෙය කොපමණ ව්‍යාප්ත ද කියතහොත් රසායන පිළිබඳ සත්‍ය කරුණු කෙනෙකුට ඇත්තටම දනවන්නේ පුදුමයකි. සහජ ලෙස පිළිගැනීමට නොහැකි තරම් ය. විවිධ පාරිභෝගික ද්‍රව්‍යය ගැන ඒවායේ නිෂ්පාදකයන් වෙළඳ දැන්වීම් හරහා කෙරෙන විවිධ දැනුම්දීම් හා ප‍්‍රචාරයන් මෙම තත්ත්වය තවත් ව්‍යාකූල කරයි.

රසායනවලින් තොරව කිසිවක් පැවතිය නොහැකි බව ජනතාව නොදන්නේද? ‘අනුමත කළ රසායන’ යනු ආහාරයට ගැනීමට අනුමත කිරීමක් බව දන්නේ කී දෙනෙකුද? කෙනෙකු සාමන්‍ය ආහාර වේලක් ගත්තත්, ‘වැඩි දියුණු කළ වට්ටෝරුවක් සහිත සුවිශේෂී ව සකස් කරන ලද’ ආහාර වේලක් ගත්තත් වෙනසක් නොමැතිව  ශරීරය ක‍්‍රියාකරන්නේ එකම ආකාරයට බව සමහරු නොදනිති. රසායන සම්බන්ධයෙන් කොපමණ නම් වැරදි සංකල්ප ඇත් ද කීවොත් ජනතාව එක අතකින්, බොහෝවිට නුවමනා අන්දමින් බියටත් සන්තාපයටත් පත්වනවාක් මෙන් ම අනෙක් අතට නුවමනා ලෙස ස්වයංතෘප්තව ඇතැම් දේ ගැන නිසි සැලකිල්ල නොදක්වා සිටිති.

ඉතින් රසායන ගැන ඇති පොදු දැනුම හා රසායන යථාර්ථය අතර මෙතරම් අසම්බන්ධතාවයක් වර්ධනය වන්නේ ඇයි? මෙය එක්තරා විදිහකට ‘විකල්ප’ නිෂ්පාදන අලෙවි කිරීම පිණිස සිදු කෙරෙන ප‍්‍රබල හා සංවිධානාත්මක ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. මේ ව්‍යාපාර වගේම ජීවන රටා පිළිබඳ දැනුවත් කරන්නන්ගේ අදහස් ද රසායන හා සිරුරේ ක‍්‍රියාකාරීත්වය ගැන වපුරන මිථ්‍යා මතවාදවලට දායක වෙයි. අනෙක් අතට විද්‍යා ප‍්‍රජාව මෙකී ජීවන රටා උපදේශකයන් හා සමග, සංවාදයක් ගොඩ නැගීමට, ඔවුන් හා සාකච්ඡුාවට එළඹීමට නොපෙළඹී ඔවුන් විද්‍යාලෝකයෙන් ඈත් කර තැබීම ද මේ තත්ත්වයට යම් ආකාරයක බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් ම ජනතාව මත ප‍්‍රබල බලපෑමක් ඇති කරන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතාකරුවන් නිසි ආකාරයෙන් දැනුවත් කිරීමේ වගකීමක් ද විද්‍යා ප‍්‍රජාව වෙත පැවරේ.

රසායන පිළිබඳ ජනප‍්‍රිය මත හා ඒවායේ යථාර්ථය ගැන ඉදිරියේ දී තතු කලාපයක පළ කරන ලිපියකින් තවත් විස්තර ගෙන ඒමට නියමිතයි.

Sense about Science: making sense of chemical stories ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending