නුපන් දරුවෙකුගේ කන ඇගෙනවාද? ගැබිණි මවකට බඬේ ඉන් දරුවා සමග කතා බහ කරන්න පුළුවන්ද? මේවා ගැන සමාජයේ නොයෙකුත් මතිමතාන්තර ප‍්‍රචලිතව පවතී. ඒවායින් සමහරක් හුදු විශ්වාසයන් පදනම් කරගත් ඒවා. සමහරක්, එහෙන් මෙහෙන් අහුලාගත් මත හා අදහස් පුට්ටුකර තනාගත් ඒවා. වෙනත් කරුණු කාරණා ගැන මෙන්ම මේ ගැනත් තතු විමසා සිටින්නේ විදු ඇසින් කලල අවධිය හා අවට ලෝකය අතර සම්බන්ධතාව ගැන විද්‍යා පර්යේෂණ කෙතෙකුත් සිදු කර ඇත. කුස තුළ සිටින දරුවෙකුට ඇහෙන්නේ කෙලෙසද? යන්නට පිළිතරු දිය හැක්කේ එවැනි පර්යේෂණ පදනම් කරගෙනයි.
ඒ ගැන ඇමරිකා එක්සත් ජනපදයේ දී මෑතක ඉතා සාර්ථක පර්යේෂණයක් සිදුකර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ කුස තුළ සිටින නුපන් දරුවන් විවිධ ශබ්දවලට නිශ්චිතවම ප‍්‍රතිචාර දක්වන බවයි. පර්යේෂකයන්ගේ අවධානය ඇත්ත වශයෙන්ම යොමු වුයේ හමුදාවේ සේවය කරන ගර්භණී කාන්තාවන් තම රාජකාරී වටපිටාවේදී ඇසෙන ශබ්ද ප‍්‍රමාණය ගැනය. හමුදා සේවයට කාන්තාවන් යොමු වීම වැඩිවන අවධියක හමුදා පරිසරයකදී ඇසෙන අධික ශබ්දවලින් නුපන් දරුවන් කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙන්නේ දැයි දැන ගැනීම පර්යේෂණවල අරමුණ විය. ඒ අනුව පර්යේෂකයෝ මුලින් බැටළුවන් යොදාගෙන අධ්‍යයනය ඇරඹුහ.
පැටවකු ප‍්‍රසූත කිරීමට සිටින බැටළුදෙනකට සැත්කමක් සිදුකළ ඔවුහු බැටළු දෙනගේ ගර්භාෂය (uterus) තුළ මයික‍්‍රෆෝනයක් යවා එය ගැබ තුළ වැඩෙන බැටළු පැටවාගේ කනට සවිකළහ. එම මයික‍්‍රෆෝනය උපයෝගී කරගෙන බැටළුදෙනගේ ගර්භාෂයෙහි මෙන්ම බැටළු දෙන සිටින පරිසරයේ අවට ශබ්ද පටිගත කරනු ලැබීය. අනතුරුව, ශබ්ද විකාශන යන්ත‍්‍රයකින් බැටළුදෙන වෙත ශබ්ද යොමු කෙරුණු ුතර ඒවා ගර්භාෂයෙන් මයික‍්‍රෆෝනය හරහා පටිගත කෙරිණ. පටිගත කරන ලද දෑ ඉන් පසුව ස්වේච්ඡුා සේවකයන් පිරිසකට අසන්නට සලස්වන ලදී. පටිගත කළ ශබ්දවලින් 1/3 සිට 1/2 දක්වා ප‍්‍රමාණයක් ස්වේච්ඡුා සේවකයන්ට තේරුම් ගත හැකි මට්ටමක පැවතිබව එහිදී හෙළිවිය. ශබ්ද විකාශනයෙන් වාදනය වු වචන පවා ස්වේච්ඡුා සේවකයන්ට ආපසු කිමට හැකි විය.
මෙය සිදුවන ආකාරය මෙසේයි : සම්පීඩන තරංගයක් වන ශබ්ද තරංග දේවල් කම්පනයට ලක්කරයි. එමෙන්ම, තරල (දියර) ඉතා කාර්්‍යක්‍ෂම ලෙස ශබ්ද තරංග ගෙන යයි. එහෙයින් බැටළුදෙනකගේ හෝ ස්ත‍්‍රියකගේ උදර ප‍්‍රදේශයට කම්පන වැදී අනතුරුව සමේ මාංශපේෂී හරහා ගමන් කර ගර්භාෂයට වදී. එසේ වදින කම්පන ගැබ තුළ තරල කම්පනයට ලක්කරන අතර එම කම්පන ගැබ තුළ මෝරන කලලයෙහි කන්වෙත රැුගෙන යයි. එලෙස සළකන විට ගැබ තුළ නුපන් බිළිඳා නිරතුරුව ඔබගේ හඬට සවන් යොමා සිටියි. වෙනත් අධ්‍යයන වලින් හෙළිවී ඇත්තේ දරුවා බිහිවු විට මවගේ හඬඩ යොමුවන අතර ඔවුන් හඬන විට මව අනුකරණය කරමින් එසේ කිරීමට පවා පෙළඹෙන බවයි. මෙයට වසර කිහිපයකට පෙර කරන ලද අධ්‍යයනයක් පෙන්නුම් කලේ ප‍්‍රංශ හා ජර්මන් මව්වරුන් බිහිකළ දරුවන් වෙන වෙනම ගත් කළ හඬ නැගීමෙහි පැහැදිලි වෙනස් රටා ඇති බවත්, ඒවා මව්වරුන් භාවිත කරන භාෂා රටාවන්ට සමාන වන බවත්ය.
The Naked Scientists හි How does an unborn baby hear? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න