මොළය විශාලවීම නිසා මිනිසාට නොයෙක් වාසි සැලසුනද ඒ නිසා ඇතිවී තිබෙන යම් අවාසි ගැන මේ ලිපිියෙන් විමසා බැලෙයි
‘මොළයේ අමාරු’ යයි කට වචනයට කියන මානසික ආබාධ මිනිස් අප අතරේ බෙහෙවින් ප්‍රචලිතයි. විද්‍යාව අනුදක්නා පරිදි නොමිනිස් විශේෂද මනෝචිකිත්සක රෝග ලක්ෂණවලින් පෙළෙති. එහෙත්, අඩුතරමින් මිනිසුන්ට පොදු එක් ව්‍යාධියකින් සතුන්ට නම් ගැලවීගත හැකි වී තිබේ. එනම් භින්නෝන්මාදයයි(schizophrenia). ගණන් බලා ඇති අන්දමට වැඩිහිටියන් 0.4 සිට 1.0% කට මෙම ව්‍යාධිය බලපායි. සතුන් අතරේ සයිකෝසියා (psychosis) මාදිලි පරීක්‍ෂණාගාරවලදී දැක ගත හැකි වුවත් එසේම ‘අමුතු’ ආකාරයේ හැසිරීම් රටා සතුන් අතරේ දැකිය හැක්කේ කූඩු තුළටම සීමා කරනු සතුන් අතරේ වුවත් බොහෝ විශේෂඥයන් පවසන්නේ සයිකෝසියාව සාමාන්‍යයෙන් (ප‍්‍රරූපීව) අන් සත්ව විශේෂ අතර දැක ගැනීමට නොමැති බවයි. එහෙත් විෂාදය (depression) මැඩපැවැත්විය නොහැකි ග්‍රස්තිකර රෝගාබාධය(obsessive-compulsive disorder) සහ කාංසා ගති ලක්‍ෂණ (anxiety traits) බොහෝ නොමිනිස් විශේෂයන් අතරෙහි දැක ගැනීමට පුළුවන. මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ව්‍යසනමය හැකියාවක් ඇති, බොහෝ විට මාරකවන රෝගය තවමත් මානව වර්ගයා පමණක් පෙළන්නේ ඇයිද යන්නයි.
මෑතක බහුලව සිදු කෙරුණු පර්යේෂණ ප්‍රතිඵල අනුව භින්නෝන්මාදයේ සම්භවය බොහෝ කොට ජානමය වන බව ප්‍රකට කරුණකි. සයිකෝසියාවට පූර්ව පෙළඹීමක් ඇති කරවන ජාන ස්වාභාවික වරණය තුළින් ඉවත් කරන්නට ඇතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. භින්නෝන්මාදය සඳහා සම්භාවිතාව මිනිස් මොළය තුළ හට ගත්තේ කෙසේද යන්නට ඉඟි සපයන අධ්‍යයනයක ප්‍රතිඵල ජීව විද්‍යාව සහ පරිණාමය (Molecular Biology and Evolution) හි මේ වසරේ මුලදී පළ විය. අධ්‍යයනය මගින් එලෙස ඉඟි සපයන අතරම පිළිගත හැකි ප්‍රතිකර්මානුකූල ඉලක්ක ද යෝජනා කරයි. පෙනී යන ආකාරයට හැඟෙන්නේ සංකීර්ණ ඥානනය හැකියාව ඇති විශාල මොළයක් මානවයාට ලැබීම සඳහා අවාසනාවන්ත ලෙස ගෙවීමට සිදු වී ඇති වන්දිය සයිකෝසියාව බවයි.
භින්නෝන්මාදය බහුලව ව්‍යාප්තවන්නේ සාපේක්ෂව මානවයන් අතර නිසා ඊට සංකීර්ණ පරිණාමීය පසුබිම් කතාවක් තිබිය හැකි බව අධ්‍යයන මෙහෙයවන ජොඑල් ඩඩ්ලි යෝජනා කරයි. සිනායි කන්දේ අයිකාන් වෛද්‍ය විද්‍යාලයේ ජානමිතිය (අණුක ජීව විද්‍යාවේ ජෙනෝම පිළිබඳ අංශය) පිළිබඳ මහාචාර්යවරයෙකි. භින්නෝන්මාදය මානව වර්ගයා අතර දිගටම පැවතීමත්, පෙනී යන පරිදි එය මානවයන්ට සුවිශේෂීවීමත් පැහැදිලි කිරීම එකී පසුබිම් කතාවට හැකි වෙනු ඇතැයි ඩඩ්ලි අදහස් කරයි. ත්වරණය වූ මානව කලාප හෙවත් human accelerated regions, or HARs යනුවෙන් නම් කෙරෙන අපේ ජෙනෝමයේ කොටස් ගැන ඩඩ්ලි සහ ඔහුගේ සගයෝ උනන්දුව දක්වති. HARS යනු අනෙකුත් සත්ව විශේෂ තුළ සංරක්ෂිත වූ එහෙත් චිම්පන්සියන්ගෙන් අප වෙන් වූ පසු මානවයන් තුළ සීස්‍ර පරිණාමනයට ලක් වූ DNAවල කෙටි ප්‍රදේශයන්ය. මානව විශේෂයටම සුවිශේෂීවූ ඇතැම් වාසි සැපයීම මෙයට හේතු වන්නට ඇත. තමන්ටම ප්‍රෝටීන සඳහා කේතනය කරනු වෙනුවට HARS බොහෝ විට අසල්වැසි ජාන නියාමනයට උපකාරි වෙයි. භින්නෝන්මාදය මෙන්ම HARS යන දෙකම බොහෝ කොට මානව – සුවිශේෂී වන හෙයින් මේ දෙක අතර සම්බන්ධයක් තිබිය හැකි දැයි පර්යේෂකයෝ සොයා බැලූහ.
ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ මනෝචිකිත්සක ජානමිති සුසංධානයෙන් (Psychiatric Genomics Consortium) තෝරා ගත් දත්තය. මෙම සුසංධනය භින්නෝන්මාදය හා සම්බන්ද ජානමය ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සිදු කරන ලද දැවැන්ත අධ්‍යයනයකි. මානව ජෙනෝමය ඔස්සේ භින්නෝන්මාදයට අදාළ ජාන HARS වලට ආසන්නව ඒ කියන්නේ අහම්බෙන් සිදුවෙතැයි අපේක්ෂා කරනවාට වඩා ආසන්නව සිටී දැයි ඔවුහු ප්‍රථමයෙන් සොයා බැලූහ. එසේ ආසන්නව සිටින බව පෙනී ගිය අතර ඉන් ගම්‍ය වූයේ භින්නෝන්වාදයට දායක වන ජාන නියාමනයේදී HARS කාර්ය භාරයක් ඉටු කරන බවයි. එපමණක් නොව, චිම්පන්සියන්ගේ හා මානවයන්ගේ වෙනස්කම් රටා සංසන්දනය කිරීමේදී හෙළි වූයේ HARS සම්බන්ධ භින්නෝන්මාද ජාන, අනෙකුත් භින්නෝන්මාදන ජානවලට වඩා බලගතු ජානමය වරණ පීඩනයකට යටත්වන බවයි. මෙම නිරීක්ෂණයෙන් ගම්‍යවන කාරණය වන්නේ මෙකී ජානවල මානවයන්ගේ ප‍්‍රභේද ඒවායේ ගැබ්ව ඇති අවදානම නොතකා අපට අත්‍යවශ්‍ය වන බවය.
HARS හා සම්බන්ධ භින්නෝන්මාද ජාන, පුරෝල්ලාට බාහිකයෙහි (prefrontal cortex) ප්‍රකාශිත අනෙකුත් ජනා කෙරෙහි බලපාන ජෙනෝම කලාපවලදී දැක ගත හැකි බව ඩඩ්ලි ප්‍රමුඛ කණ්ඩායම විසින් සොයා ගනු ලැබ ඇත. පුරෝලලාට බාහිකය යනු ඉහළ මට්ටමක චින්තනයට සම්බන්ධ නළයෙහි පිටුපස කොටසයි. පුරෝලලාට බාහිකයේ කර්තව්‍යය දුබලවීම සයිකෝසියාව කෙරෙහි දායකවෙතැයි සැලකේ. පුරෝලලාට බාහිකය ඇතුළත මානව ස්නායුවේදීය විවිධ ප්‍රධාන කර්තව්‍යයන්ට මෙකී චූදිත ජාන සම්බන්ධ බවද ඔවුහු සොයා ගත්හ.
‘අධ්‍යයනයේ අවසාන ඉලක්කය වන්නේ, භින්නෝන්මාදයෙහි ජානමය ව්‍යුහය පිළිබඳව අතිරේක අන්තර් දෘෂ්ටින් සැපයීමට පරිණාමය ආධාර වේ දැයි සොයා බැලීමයි. එවිට අපට රෝගය හොඳින් අවබෝධ කර ගැනීම හා රෝග විනිශ්චය කර ගැනීමට හැකි වෙනු ඇත.’ යයි ජොඑල් ඩඩ්ලි පවසයි.
Scientific American හි Schizophrenia May Be the Price We Pay
for a Big Brain ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න