නිර්වායු ජීරකය පිළිබඳ කෙටි හැඳින්වීමක්
පශු පාලන කටයුතුවලින් මෙන්ම කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන අංශවල ඵෙන්ද්‍රීය අපද්‍රව්‍ය මගින් ජනනය වන පොහොර කළමණාකරනයෙහි මූල්‍ය හා පාරිසරික වාසි සලසා ගැනීමට ජීව වායු ප‍්‍රතිප‍්‍රාප්තිය මග පෑදිය හැක. පොහොර සහ අනෙකුත් ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය නිර්වායුමය වශයෙන් ජීරකයක් (digester) තුළ වියෝජනය හෙවත් විජීරණය (decomposed) වූ විට ජීව වායු නිපද වේ.
නිර්වායු ජීරක පද්ධතියක වාසි ගණනාවකි. හරිතාගාර වායු විමෝචන (මීතේන්) එමගින් අඩුවේ. පොහොර ගබඩා කර තැබීමේ දී හා යෙදීමේ දී ඇතිවන ගන්ධය සීමා කර ගැනීමට ද මින් මග සැලසේ. මීතේන් වායුව හසුකරගෙන භාවිතයට යෙදීමට ඉන් ඉඩ ලැබෙන අතර ජීරක ද්‍රව්‍යවල ඝන හා ද්‍රව කොටස් ඵලදායී ලෙස අතුරු නිෂ්පාදන (ලගින තැන්,පාංශු පෝෂක ආදිය) වෙන් කර ගැනීමට ද හැකිවේ.
නිර්වායු ජීරක පද්ධති, සම්මත පොහොර සංචිතයකට වඩා වෙනස් ය. මන්ද ඒවා විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ජීව වායු නිෂ්පාදනය ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට සහ බලශක්ති නිෂ්පාදන ඉඩ සැලසීමට හැකිවන පරිදි වීම නිසාය. මෙකී බලශක්තිය, ජීව වායු සහ අතුරු නිෂ්පාදන භාවිත කිරීමෙන් හෝ අළෙවි කිරීමෙන් ගොවිපළ වලට සත්ව අපද්‍රව්‍ය පිරිවැය ඉතිරි කර ගැනීමට, ලාභ ඉපැයීමට හා පාරිසරික කළමණාකාරිත්වය සඳහා අවස්ථාව සැලසේ.
නිර්වායු ජීර්ණය යනු කුමක්ද?
නිර්වායු ජීර්ණය යනු ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය ඔක්සිජන් නොමැතිව (ඒ කියන්නේ නිර්වායුමය වශයෙන්) ද්‍රව හෝ උකු මිශ‍්‍රණයක ස්වරූපයෙන් බැක්ටීරියා මගින් විජීරණය වූ විට ඇතිවන ජීව විද්‍යාත්මක ක‍්‍රියාදාමයකි. මෙහි දී බැක්ටීරියා ‘‘ක‍්‍රියාත්මකවීමේ දී’’ ජීව වායුව මුදා හැරේ. එය දළ වශයෙන් මීතේන් වායුව 60% කින් හා කාබන්ඩයොක්සයිඞ් CO2 40% කින් සමන්විතයි. මෙකී වායුව ප‍්‍රතිප‍්‍රාප්තිකරණය, පිරියම් කිරීම මෙන් ම බලශක්ති ජනනය කිරීම පිණිස සාම්ප‍්‍රදායානුකූල ෆොසිල ඉන්ධන වෙනුවට යොදා ගත හැකි වේ. පාලිත නිර්වායු විජීරණයෙන් පසුව ඉතිරිවන අපද්‍රව්‍ය ගන්ධයෙන් පහළ මට්ටමක පවතින අතර පෝෂණයෙන් අනූනය.
නිර්වායු ජීර්ණ ක‍්‍රියාදාමය ස්වභාවිකව හෝ ජීව වායු යන්ත‍්‍රයක් වැනි පාලනය කෙරුණු පරිසරයක් තුළ සිදුවිය හැකිය. ගොම පොහොර වැනි ඵෙන්ද්‍රීය අපද්‍රව්‍ය වායුරෝධක සහ විවිධාකාර බැක්ටීරියා භාජනයක බහා තැබීමෙන් ක‍්‍රියාදාමය සිදුවේ. (ජීරකය යනුවෙන් දැක්වෙන) නිර්වායු ජීර්ණ ක‍්‍රියාදාමය පියවර තුනකින් සමන්විතය.
- ප‍්‍රථම පියවර ශාක හෝ සත්ව අප ද්‍රව්‍ය විජීරණය යයි (මලල). මෙමගින් සීනි වැනි ප‍්‍රයෝජ්‍ය ප‍්‍රමාණයේ අණුවලට ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය බිඳ දමනු ලැබේ.
- දෙවැනි පියවර විජීරණය වූ ද්‍රව්‍ය ඵෙන්ද්‍රීය අම්ල බවට හැරවීමයි.
- අන්තිම පියවරේ දී අම්ල, මීතේන් වායු බවට හැරවේ.
නිර්වායු ජීර්ණ තාක්ෂණ බොහොමයක් වානිජ මට්ටමින් ලබා ගත හැකි අතර කෘෂිකාර්මික අප ද්‍රව්‍ය සමග භාවිතයට සහ නාගරික හා කාර්මික අප ද්‍රව්‍ය පිරියම් කිරීමට යෝග්‍ය බව පෙන්නුම් කර තිබේ.
US Environmental Protection Agency වෙබ් අඩවියේ Anaerobic Digestion ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න