ග්‍රහක පථයේ (asteroid belt) චාරිකාවක යෙදෙන අප පසුගිය සතියේ ඩොන් අභ්‍යාවකාශයානයේ සිට වෙස්ටා ග්‍රහකය නිරීක්ෂණය කරමින් සිටියෙමු. දිගු කාලයක් තුළ එය මතට වෙනත් ග්‍රහක කඩා වැටිම නිසා ඇති වූ භූමි ලක්‍ෂණ අතර කැපී පෙණෙන ‘හිම මිනිසා’ විරුදාවලිය ලත් සුවිසාල ආවාට තුන ගැන අපි කතා කළෙමු. අද තතු ගෙන එන්නේ එහි ඉතිරි කොටසයි.

හිම මිනිසා ආවාට තුනෙන් විශාලතම එකෙහි විෂ්කම්භය කිලෝමීටර 60 කි. විශාල ආවාටවල වයස ගණන් බලන්නේ ඒවා තුළ පිහිටි කුඩා ආවාට සංඛ්‍යාව මගිනි. හිම මිනිසා ආවාට තුනෙන් විශාලතම ආවාට දෙක එකම තරුණ වයසේ ය. බාගදා ඒවා සෑදෙන්න ඇත්තේ ග්‍රහක යුගලයක් එකට කඩා වැටිමෙන් විය හැකියි. හිම මිනිසා ආවාට කුඩාම එක ඊටත් වඩා තරුණ වයසේ බවක් පෙනී යයි.

දක්ෂිණ ධ්‍රැවය දර්ශනය කරන විට පෙනී යන්නේ දැවැන්ත ආවාටයක් මැද පිහිටි කන්දකි.රීයාසිල්වියා(Rheasilvia) යනුවෙන් නම් කෙරුණු මෙම ආවාටයෙහි විෂ්කම්භය කිලෝමීටර් 500ක් පමණ වේ. විශ්ලේෂණයකින් පෙනී ගියේ එය වසර බිලියනයක් පමණ පැරණි බවයි. කිලෝමීටර් 400ක් පමණ පැතිර ඇති පැරණි ආවාටයක් එමගින් අර්ධ වශයෙන් වැසී ඇත. රීසිල්වියා මැද ඇති කන්ද එහි පතුලේ සිට කිලෝමීටර් 25 ක් පමණ උසට නගී. ඒ අනුව මේ සෞර ග්‍රහ මණ්ඩලයේ උසම කන්ද වන අඟහරුමත ඇති ඔලිම්පස් කන්ද ළඟට ඇති දෙවැනියට උසම කන්ද එය යි.

ආවාට දෙක සෑදීමට මඟ පෑදු ඝට්ටනය සමස්ත වෙස්ටා ග්‍රහකයට ම බලපෑවේ ය. සමහරවිට ගෝලාකාර හැඩය නොමැතිව වෙස්ටා ග්‍රහකයේ ඕවලාකාර හැඩය ඇති වීමට එය හේතුවන්නට ද ඇත. සමකයේ ඇති ඇලි ද මේ ඝට්ටනයේ කම්පනය නිසා ඇති වූවා විය හැකියි.  රීසිල්වියා ආවාටය ඇති වීමට තුඩු දුන් ඝට්ටනය වෙස්ටා ග්‍රහකය සුනුවිසුණු කිරීමට තරම් ආසන්න විය. එමගින් වෙස්ටා වෙන් 1%ක් පමණ හෑරී, ග්‍රහක පථයට එක් විය. එලෙස එක් වූ වෙස්ටා පවුලේ කුඩා ග්‍රහක කැබැලිවලට ඇත්තේ වෙස්ටා සමාන කක්ෂයන්ය.

වෙස්ටා ග්‍රහකයේ භූ විෂමතා ඉස්මතුකර දක්වන අනුරූපවලට අමතරව වෙස්ටා වේ මතුපිට ඛනිජ විද්‍යාත්මක ගවේෂණයට ඉඩ සලසන වර්ණ පෙරහන කිහිපයක් ඩෝන් කැමරාවේ ඇත.

අනෙකුත් ග්‍රහක මෙන් නොව වෙස්ටාව, විකිරණශීලී අංශුමාත්‍ර දිරාපත්වීම හා සංඝට්ටන කරන කොට ගෙන රත්වීමෙන් අතීතයේ දී උණු වී පවතින්නට ඇත. එසේ උණු වූ පැවැති විට ප්‍රභේදනය (differentiation) සිදුවන්නට ඇත. බර ලෝහ (යකඩ) බොහෝ කොට හරය තුළට කිඳා බසින අතර සැහැල්ලු සිලිකේට් පාෂාණ උඩට එයි.

ප්‍රභේදනය සමග සංගත ඉහළ ඝනත්වයක් වෙස්ටාවට ඇති බව ඩෝන් පෙන්නුම් කරයි. හොඳම ආදර්ශයට පාෂාණමය ප්‍රාවරණයක් හා බැසෝල්ට් (පාෂාණ වර්ගය) පිරි කබොලකින් වට වූ කිලෝමීටර 110 අරයකින් යුත් යකඩ හරයක් ඇත. මෙලෙස බලන විට වෙස්ටාෂා ව්‍යුහය වඩා ළංවන්නේ ග්‍රහකයකට වඩා ග්‍රහ ලෝකයකටය. මෙයින් ගම්‍ය වන්නේ පෘථිවිය තමන්ගේ ම යකඩ හරයක් තනා නොගත් බවයි. ඒවා වැඩිකොටම සපයනු ලබන්නට ඇත්තේ විශාල ග්‍රහපිණ්ඩ මගින් විය හැකියි.

ග්‍රහක පථයේ චාරිකාවේ ම කොටසක් ලෙස අපි ලබන සතියේ පෘථිවි ආසන්න ග්‍රහක (Near-Earth Asteroids) ගැන සොයා බලමු.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

“ග්‍රහක පථය (asteroid belt) (Part II)”ට එක් ප්‍රතිචාරයක්

  1. […] කැබලිය. ඒවා රීසිල්වියා ඝට්ටනයෙන් (2015 ජූලි 15 දා තතු බලන්න) ආපසු යොමු කෙරුණු වෙස්ටා කොටස්ය. මෙම […]

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending