අසාත්මිකතාව අපේ එදිනෙදා ජීවිතයේ නිතර කතා බහට ලක් කෙරෙන මාතෘකාවකි. පුවත් පත් සඟරා වල පමණක් නොව රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල ද මේ ගැන දැන් දැන් නිතර සාකච්ඡුා, විමසුම් කිරීම් වැඩි වී තිබේ. අසාත්මිකතාව ගැන වසරකට කෙරෙන ගූගල් විමසුම් පමණක් මිලියන 100 ඉක්මවයි. මෙයින් අදහස් කෙරෙන්නේ අසාත්මිකතා වර්තමානයේ ඉහළ ගොස් ඇත යන්නද? මේ ගැන ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවකම නොයෙක් කතා බහට තුඩු දී තිබේ.

අසාත්මිකතා කෙනෙකුගේ සිත කළකිරවීමට පත් කරයි. වැළඳුණු කෙනෙකුගේ සාමාන්‍ය ක‍්‍රියාකාරකම් සීමා කිරීමට සමත් වෙයි. ඇතැම්විට ආසාත්මිකතාවේ ප‍්‍රතිඵල භයානක වීමට ද පුළුවන. මීට අමතරව, අසාත්මිකතාවල වර්ධනයක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම සංවර්ධිත රටවල අසාත්මිකතාවලට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ සියල්ලෙහි අතුරු ඵලයක් ලෙස අසාත්මිකතාවන් සඳහා කෙරෙන පරීක්ෂා කට්ටල අලෙවි කිරීමට ද බොහෝ ව්‍යාපාරිකයෝ ඉදිරිපත් වී සිටිති. අසාත්මිකතා නිර්ණය කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ මදිවාට, ඉන් ඇතිවන රෝග ලක්ෂණ සමහරක් වෙනත් තත්ත්වයන් යටතේ ද දැකිය හැකි ඒවාය. සැබැවින් ම අසාත්මිකතාවන් ට ගොදුරු වෙනවාට වඩා විශාල සංඛ්‍යාවක්  එසේ අසාත්මිකතාවනට ගොදුරු වී ඇතැයි කල්පනා කරන බව වෛද්‍ය වෘත්තිකයෝ පෙන්වා දෙති. මින් පෙනී යන්නේ අසාත්මිකතාවලට හේතු, පැතිරීයාම, පරීක්ෂා කිරීම හා ප‍්‍රතිකාර කිරීම ගැන සාමාන්‍ය ජනතාව අතරේ පැහැදිලි අවබෝධයක් නොමැති බවයි.

අපට අසාත්මිකතා ඇතිවන්නේ ඇයි?

සමහර අසාත්මිකතා අනෙක් ඒවාට වඩා වැඩියෙන් අධ්‍යයනයට ලක්කර ඇත. අසාත්මිකතා ඇති වන්නට හේතු මොනවාද? ඒවා වැළඳෙන වේගය වැඩිවන්නට හේතු මොනවාද? යන්න ගැන පර්යේෂකයෝ තවමත් තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිති. අප ක්‍ෂුද්‍ර ජීවින්ට අනාවරණය වීම අඩුවීම අප අසාත්මිකාරකවලට මුහුණ දෙන අන්දම කෙරෙහි බලපාන්නේය යන සිද්ධාන්තය පුළුල් ලෙස අධ්‍යයනය කර තිබේ. පාරිසරික හා ජීවන රටාවනට අදාල සාධක විශාල පරාසයක් එක් ව, ක්‍ෂුද්‍ර ජීවින් විශාල ප‍්‍රමණයකට අප අනාවරණය වීම අඩුකොට ඇත. හානියක් නොමැති දේවලටත් අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය පමණ ඉක්මවා ප‍්‍රතිචාර දැක්වීම වළක්වාලනු ලබන්නේ එලෙස නිරාවරණය වීමෙනි. ජානමය ළැදියාව ඇතුළුව අනෙකුත් සාධක ද වැදගත්ය.phototake-rm-hives_urticaria_skin_rash

තර්ජන, විපත්වලට මුහුණ දීමට මිනිස් සිරුරට ක‍්‍රම ගණනාවක් ඇත. ඇතැම් ඒවා සාමාන්‍ය ස්වභාවයක් ගන්නා අතර තර්ජනයේ භෞතික, රසායනික හෝ ජීව විද්‍යාත්මක  ස්වරූපයට ඒවා අදාල නැත. නිදසුනක් ගත්තොත් යම් දෙයක් (එය කුමක් වුවත්) අපේ ඇස්වලට ළංවන විට අපට නොදැනුවත්වම ඇස් පිය සෙලවේ. දූවිලි සහිත පරිසරයක දී කිවිසුම් යයි. මේ ප‍්‍රතිචාරවලට අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධ නැත. ප‍්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධ වන්නේ, අපේ ශරීරය කිසියම් විශේෂ ද්‍රව්‍යයක් තර්ජනයක් ලෙස අපේ ශරීරය විසින් සළකනු ලබන  විටය. (ප‍්‍රතිශක්ති පද්ධතියේම කොටසක් වන) ශ්වේතානු වෛරස හෝ ඇතැම්  වර්ගවල බැක්ටීරියා වැනි හඳුනාගත් තර්ජනවලට ප‍්‍රතිචාර වශයෙන් සුදු රුධිර ෙසෙල ප‍්‍රතිදේහ වශයෙන් දැක්වෙන අණු නිපදවයි. මෙය හැඳින්වෙන්නේ සංවේදීකරණය ලෙසිනි. එය ප‍්‍රතිශක්ති පද්ධතියේ සාමාන්‍ය ප‍්‍රතිචාරයෙහි කොටසක් ය. තර්ජනය ඊළඟ අවස්ථාවේ එළැඹි විට ප‍්‍රතිදේහ බලපෑමේ හේතුවෙන් ෙසෙල මගින් ප‍්‍රදාහ ද්‍රව්‍ය මුදාහැරේ. එමගින් ඊට විරුද්ධව සටන් කිරීමට ශරීරය පොළඹවයි.

ප‍්‍රතිදේහ වර්ග පහකි. කුඹ ෙසෙලය (mast cell) යනුවෙන් හැඳින්වෙන සුදු රුධිර ෙසෙල වර්ගයකට මෙකී ප‍්‍රතිදේහ  බැඳේ. ඉතින් සංවේදිකරණයට ලක් වූ අයෙකු මෙකී අසාත්මිකාරකය හමු වූ විට ශරීරයට එය ‘මතක’ තිබෙන අතර විශේෂිත ප‍්‍රතිදේහ යාවී ඇති කුඹ ෙසෙල හිස්ටමින් වැනි ප‍්‍රදාහ ද්‍රව්‍ය මුදා හරියි. මෙම ද්‍රව්‍යවල සාමාන්‍ය කාර්ය භාරය ආසාදනවලට එරෙහිව සටන් කිරීම යි. එම ද්‍රව්‍ය මුදා හැරීමේ හේතුවෙන් අසාත්මිකතා ප‍්‍රතිචාර (උදා: කිවිසුම් යාම, කැසීම) ලක්ෂණ ඇති වේ. අසාත්මිකතා ප‍්‍රතිචාර කාණ්ඩ දෙකකට වෙන් කළ හැකිය. IgE නම් ප‍්‍රතිදේහ මැදිහත්වීමෙන් ඇතිවන අසාත්මිකතා ලක්ෂණ අසාත්මිකතා කාරකයට නිරාවරණය වී විනාඩි 15 ක් ඇතුළත පැන නගී. IgE නම් ප‍්‍රතිදේහ මැදිහත් නොවී අසාත්මිකතා ලක්ෂණ ඇතිවීමට සාමාන්‍යයෙන් වේලා ගත වෙයි. ඇතැම් විට අසාත්මිකතා කාරකයට නිරාවරණය වී පැය ගණනාවකට පසුව විය හැකියි. මේවා එතරම් ප‍්‍රචලිත නැති අතර සාමාන්‍යයෙන් ඒවා ගැන වැටහීම ද සාපේක්ෂව අඩුය.

අසාත්මිකතා හා ප‍්‍රතිචාර නිසා ඇතිවන රෝග ලක්ෂණ ගැන පහසුවෙන් පුරෝකතනය කළ නොහැකිය. එකිනෙකට වෙනස් වර්ගවල ප‍්‍රතිචාර මගින් එකම ලක්ෂණ මතු විය හැකිය. එකම වර්ගයේ ප‍්‍රතිචාර මගින් වෙනස් පුද්ගලයන් තුළ වෙනස් රෝග ලක්ෂණ පහළ විය හැකිය. ඇතැම්විට එකම පුද්ගලයා තුළ පවා එය ඉටුවන සෑම අවස්ථාවකම විවිධ ලක්ෂණ මතුවිය හැකිය. තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට බලපාන හේතුවක් වන්නේ ඇතැම් අසාත්මිකතා නොවන තත්ත්වයන් නිසා හටගන්නා ලක්ෂණ අසාත්මිකතා ප‍්‍රතිචාර ලක්ෂණ වලට සමානය. නිදසුනකට ඇදුම හා එක්සීමා රෝග සෑම විටම අසාත්මිකතා නිසාම හට නොගන්නා අතර ඒවා නිසියාකාරව රෝග විනිශ්චයකට භාජනය කිරීම නිසි ප‍්‍රතිකාරය සඳහා වැදගත් වේ.

අසාත්මිකතා ප‍්‍රතික‍්‍රියාවන් වළක්වා ගැනීමට වඩාත් ඵලදායී ක‍්‍රමය වන්නේ අසාත්මිකතා කාරකවලින් වැළකී සිටීමයි. එහෙත් මෙය පහසු නැත. කෘශ උණ(hay fever) හෙවත් (සාමාන්‍ය ව්‍යවහාරයේ කියන පරිදි අසාත්මිකතාව ඇති වන පීනස් ගතිය) පෙළෙන්නන් ජනෙල් වසාගෙන සිටින්නේ නම් වසරේ ඇතැම් කාලවල සුළඟින් පැමිණෙන අසාත්මිකතා අඩුකර ගත හැකි වුවත් සම්පූර්ණයෙන් වැළකී සිටිය නොහැකිය. ඇතැම් ප‍්‍රතිකාරවල අරමුණ වන්නේ අසාත්මිකතා ප‍්‍රතිචාරයක රෝග ලක්ෂණ දක්වන ප‍්‍රදාහමය ද්‍රව්‍යයේ හි බලපෑම අඩුකිරීමයි. ප‍්‍රතිහිස්ටමින් (Antihistamines – අසාත්මිකතාවේ බලපෑම් නිෂ්කි‍්‍රය කිරීමට යොදා ගන්නා ඖෂධ) කඳුළු ගැලීම, සම කැසීම වැනි ලක්ෂණ අඩු කරමින් හිස්ටමින්(histamine) හි ක‍්‍රියාකාරිත්වයට හරස් වෙයි. සමහර ප‍්‍රතිකාර වලින් උත්සාහ කරන්නේ අසාත්මිකතා ප‍්‍රතිචාරයක රෝග ලක්ෂණ ගැන වග බලා ගැනීමයි. වාතයේ ඇති අසාත්මිකතා කාරක වලින් ඇති වන ලක්ෂණ වලින් සහනය පතා වාෂ්ප ඉරීම මීට නිදසුන්ය.

කෙසේවෙතත්, රෝග ලක්ෂණ වලට ප‍්‍රතිකාර කිරීමෙන් සාමාන්‍යයෙන් සැලසෙන්නේ කෙටිකාලීන සහනයක් පමණකි. රෝග මූලයට ප‍්‍රතිකාර කිරීම හැඳින්වන්නේ අසාත්මිකාරක ප‍්‍රතිශක්ති චිකිත්සාව(Allergen immunotherapy) එහෙමත් නැත්නම් අසංවේදීකරණය(desensitization) යනුවෙන්. ඉන් සිදුවන්නේ වෛද්‍ය සුපරික්ෂාව යටතේ අතට විදින එන්නත් හෝ දිවට ලැබෙන බිංදු ලෙස වැඩි වැඩියෙන් අසාත්මිකාරක ලබාදීමයි. ඉන් අපේක්ෂා කෙරෙන්නේ එම අසාත්මිකතාවට ශරීරයේ ඇතිසංවේදීතාව අඩුකිරීමයි. කෙසේවෙතත්, මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන තවදුරටත් පර්යේෂණ පැවැත්වේ. කෙසේවෙතත් ඒවා පිළබඳ ක‍්‍රමාණුකූල සමාලොචන වඩාත් උචිත ප‍්‍රතිකාර ගැන ජනතාවට තොරතුරු සැපයීමට සමත්වනු ඇත.

SENSE ABOUT SCIENCE: Making Sense Of Allergies ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending