උගුර කැසීම ඇතුළුව උගුරේ සුළු ආබාධ සඳහා ගන්නා ලොසින්ජර වර්ග වෙළඳ පොළෙහි සුලබය. ඒවායේ ප‍්‍රයෝජ්‍යතාව ගැන ජනමාධ්‍යවල දැන්වීම් ද පළවේ. ප‍්‍රතිශ්‍යාව සෑදීගෙන එන අවස්ථාවල හා වෙනත් අවස්ථාවලදී ද උගුරේ ඇතිවන අපහසුතාවන්ට මෙම ලොසින්ජර මගින් කිසියම් සහනයක් අත්්කර දෙන බව ඒවා භාවිතයට ගන්නා අයගේ මතයයි. එසේ නම් එම සහනය ඇතිවන්නේ උගුරු ලොසින්ජරයේ කුමන රසායනිකයකින්ද? නැතිනම් සංයෝගයකින්ද? එම ක‍්‍රියාවලිය සිදුවන්නේ කෙලෙසද? අපි සොයා බලමු.
උගුර ලොසින්ජරවල අඩංගු ක‍්‍රියාකාරී සංයෝගයන් ගණනාවක් තිබිය හැකි නමුත් ලොසින්ජර බොහොමයක අඩංගු වන්නේ එක්තරා සුවිශේෂී සංයෝග තුනකින් දෙකක් හෝ එකකි. මෙම ලොසින්ජරවල බහුලව යොදා ගන්නා රසායන සංයෝග තුන වන්නේ: ඇමයිල්මෙටක්‍රෙසොල් (amylmetacresol), ඩයික්ලොරොබෙන්සිල් මද්‍යසාරය(dichlorobenzyl alcohol) හා හෙක්සිල්රෙසොසිනොල්ය(hexylresorcinol). බොහෝ අවස්ථාවල ඇත්තටම සිදුවන්නේ ඇමයිල්මෙටක්‍රෙසොල් සහ ඩයික්ලොරයිඞ් බෙන්සිල් මද්‍යසාරය එක්ව යොදා ගැනීමය. හෙක්සිල්රෙසොසිනොල් වැඩිකොටම යොදා ගැනෙන්නේ හුදකලාවය. මෙලෙස උගුර ලොසින්ජරවල අඩංගු, සහනය සලසන සංයෝග හඳුනා ගත්තද ඒ්වා මගින් සහනය සලසනු ලබන්නේ කෙලෙසද යන්න දැන ගැනීමද වටනේය.
මුලින්ම සඳහන් කළ යුත්තේ මෙකී සංයෝග තුනෙහිම ප‍්‍රතිපූතික හෙවත් ප‍්‍රතිනාශක (antiseptic) ගුණාංග ඇතුළත් වන බවයි. එහෙයින් ඒවා මගින් සමහර බැක්ටීරියා වර්ග විනාශ කළ හැක. ඉතින් ඇත්තටම මේ ගුණය ප‍්‍රයෝජනවත් වන්නේ බැක්ටීරියා හේතුවෙන් උගුර වනවීමක් ඇති වූ විටය. එහෙත් මේ ගැන සිදුකෙරුණු අධ්‍යයන අනුව බැක්ටීරියා බලපෑමෙන් ඇතිවන්නේ උගුරු ආසාදනවලින් 20% ක් පමණකි. ඉතිරිය ඇතිවන්නේ වෛරස මගින්. සමහර අධ්‍යයන අනුව උගුර වනවීමට වෛරස ආසාදන 95%ක් ම හේතු වේ. ඇමයිල්මෙටක්‍රෙසොල සහ ඩයික්ලොරයිඞ් බෙන්සිල් එක්ව යොදා ඇති ලොසින්ජර මගින් බෙහෙවින් කුඩා ප‍්‍රමාණයක වෛරස නැසිය හැකිය. එහෙත් මෙයත්, ලොසින්ජරවල ප‍්‍රතිනාශක ගුණයෙන් මත් පමණක් උගුර වනවීමට සහනය නොසැලසේ.
එක්තරා දුරකට ගතහොත්, මෙකී ලොසින්ජර සහන සලසන ආකාරය ගැන තවමත් පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කෙරී නැත. එසේ වුවද, මෑතක සිදුකෙරුණු අධ්‍යයනවලින් ගම්‍ය වන්නේ උගුර ලොසින්ජරවල සංසිඳුවන ගුණය ඇතිවන්නේ ඒවායේ අඩංගු සංයෝග සෝඩියම් නාලිත්සමග අන්තර් ක‍්‍රියා කිරීමෙන් බවයි. ඉතා සරලව දැක්වුවහොත්, සෝඩියම් නාලියක් යනු ඇතැම් තත්ත්වයන් යටතේ ෙසෙලවලට සෝඩියම් අයනවලට(sodium ions) ඇතුල්වීම මග පාදන්නා වූ ද්වාර බඳුය. මේ මගින් විවිධ කාර්යයන් ඉටු කෙරුණු විය හැකි වුවද මෙහි දී සලකා බැලෙන්නේ වේදනාව සමනය කිරීම සම්බන්ධයෙනි.
වෝල්ටීයතා කඩුළුලන ලද සෝඩියම් නාලි (sodium channels) යනුවෙන් හඳුන්වනු ලබන සෝඩියම් නාලි වර්ගයක්, උගුර වණවීමේ දී ඇතිවන වේදනවා හෝ රිදුම සංඥා කිරීම පිණිස මොළයට ස්නායු සංඥා යැවීමට උපකාරී වේ. උගුර ලොසින්ජරවල
අඩංගු සංයෝග අන්තර් ක‍්‍රියා කරන්නේ ඒවා සමගයි. ඒවා මෙකී සෝඩියම් නාලි බන්ධනය කර බාධා කිරීමෙන් නිර්වින්දන ගතියක් හටගන්වයි. එවිට මොළයට වේදනාව පිළිබඳ සාමාන්‍ය පරිදි යැවෙන සංඥාව වැළකෙයි. මෙම බලපෑම සාමාන්‍ය වශයෙන් පොදුවේ භාවිතා වන ස්ථානීය නිර්වින්දන සංයෝගවල බලපෑමට හා සම කළ හැක. උගුර වණවීමක් ඇතිවිට උගුර ලොසින්ජරවලින් සහනයක් ඇතිවන්නේ මන්දැයි මෙමගින් පැහැදිලි කර ගත හැකිවෙයි.
කෙසේ වෙතත්, උගුර ලොසින්ජරවල අඩංගු වන්නේ එම සංයෝග පමණක් නොවේ. ලොසින්ජරය වඩාත් ප‍්‍රියමානප වීම සඳහා ඒවාට රසගන්වන සංයෝග ද එක් කෙරේ. සමහර ඒවාට මෙන්තෝල් එක්කෙරෙන අතර මෙන්තෝල් වලද ප‍්‍රතිනාශක හා නිර්වින්දන ගුණ අඩංගුය. බෙන්සොකේන් (benzocaine) වැනි අන් නිර්වින්දන ද ඇතැම් විට එකතු කරනු ලැබේ. ඩෙක්ස්ට්‍රොමීතොෆන් (dextromethorphan)වැනි කැස්ස වැරීමේ සංයෝග මෙන් ම පීනයිලෙප්රින් (phenylephrine) වැනි නාසයේ හිරවීම අඩු කරන සංයෝග ද මේවාට එකතු කරන අවස්ථා ඇත.
Compound Interest යන වෙබ් අඩවියේ The Chemistry of Throat Lozenges ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න