මිහිතලය මත අද වන විට ජීවීන් විශේෂ මිලියන 5 සිට මිලියන 100ක් අතර වෙතැයි ජීව විද්‍යාඥයෝ ගණන් බලති. ඓන්ද්‍රීය රූප අධ්‍යයනයෙන්, ජෛවී රසායනයෙන් හා ජාන අනුක්‍රමික දත්තවලින් හෙළිවන සාක්‍ෂි අනුව පෘථිවිය මත සියලුම ජීවීන් ජානමය වශයෙන් සම්බන්ධය. එමෙන්ම, සියලුම ජීවීන්ගේ වංශාවලී සම්බන්ධතාවයන් ‘ජීවන වෘක්‍ෂය’ නමැති සුවිසල් පරිණාමීය ගසකින් නියෝජනය කළ හැකිය. එහෙම නම් ජීවන වෘක්‍ෂයෙන් නියෝජනය වන්නේ ජීවීන්ගේ වංශ ප්‍රවේණියයි(phylogeny of organisms). ඒ කියන්නේ කාලයාගේ අවෑමෙන් වෙනස්වන ජිවීන්ගේ වංශාවලීවල ඉතිහාසයයි. එමගින් කරුණු දෙකක් ගම්‍ය කරයි. වංශානු ක්‍රමය හරහා කලින් ස්වරූපවලින් විවිධ විශේෂයන් පැන නගින්නේය යන්න එක් කාරණාවකි. අනෙක් කාරණාව වන්නේ, ඉතාමත් කුඩා ක්‍ෂුද්‍ර ජීවියාගේ සිට විශාලතම ශාකය හා පෘෂ්ඨවංශියා දක්වා සියලුම ජීවීන්, සමස්ත ජීවිතයම යා කෙරෙන වංශ ප්‍රවේණිමය වෘක්‍ෂයක අතුරිකිලි ඔස්සේ ජාන සංක්‍රමණයවීම මගින් සම්බන්ධවන බවයි.
අද සිටිනා ජීවීන් යනු ඇත්තටම මෙකී දැවැන්ත වෘක්‍ෂයේ පත්‍ර වැන්නේය. ඉතින් අපට ඔවුන්ගේ ඉතිහාසය ජීවන වෘක්‍ෂයේ ශාකා අතු දක්වා සොයා ගැනීමට හැකිවේ නම් වසර දහස් ගණනකට හෝ මිලියන ගණනකට හෝ මිලියන සිය ගණනකට හෝ පෙර ජීවත් වූ ඔවුන්ගේ පූර්වජයන් අභිමුඛ වෙනු ඇත.
සියලුම ජිවීන්, වංශ ප්‍රවේණී සුවිසල් වෘක්‍ෂයක් මගින් ජානමය වශයෙන් සම්බන්ධය යන මතිය හෙවත් අදහස විද්‍යාවෙන් ඉස්මතු වූ වඩාත්ම රොමැන්ටික මත අතුරෙන් එකකි. මානවයාගේ සහ කුරුමිණියකුගේ යන විශේෂ දෙකටම පොදු පූර්වජයා ගැන නිකමට කල්පනා කරන්න. එය කෙතරම් ආශ්චර්ය ජනක සිතුවිල්ලක්ද? එකී ජීවියා, පූර්වජයා බොහෝ දුරට පණුවෙක් ඔව්, කිසියම් වර්ගයක පණුවෙක් වන්නට ඇත. අතීතයේ එක්තරා අවස්ථාවකදී මේ ආදිතම පණු විශේෂය පණු විශේෂ දෙකක් ලෙස දෙකට බෙදී වෙන් වන්නට ඇත. ඉන් අනතුරුව එම විශේෂ දෙක නැවතද, එසේ බෙදුණු විශේෂ නැවතද එලෙස නැවත නැවත බෙදී වෙන් වූයේ ඒ සෑම බෙදීමක (විශේෂ ප්‍රාප්තිය හෙවත් නව විශේෂ හට ගැනීම) ප්‍රතිඵලය වූයේ, නව ස්වාධීනව පරිණාමනය වන වංශාවලීන්ය. තම ඥාතීන් පිරිසක් කුරුමිණියන් ලෙස ද ඔවුන්ගේ සහෝදර සහෝදරියන් මිනිසුන් හෝ ගිරාෆ් සතුන් ලෙස ද පරිණාමය වන බවක් වසර මිලියන සිය ගණනකට පෙර සිටී එකී පණුවන් දැන නොසිටින්නට ඇත.
කාලය ගතවෙද්දී ආදිතම ස්වරූපයේ සිට වඩාත් භින්න(derived) ස්වරූපයක් කරා ජීවීන් පරිණාමය වී ඇත. නව වංශාවලීන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ පූර්වජ ගතිලක්‍ෂණ බොහොමයක් රඳවා ගනු ලැබේ. ඒවා අනතුරුව ක්‍රමයෙන් විකරණය වී, ඔවුන් ජීවත්වන පරිසරයට වඩා හොඳින් හැඩ ගැසීමට උපකාරීවන නවතම ගති ලක්‍ෂණ(traits) මගින් අනුපූරක විණ. ජීවීන්ගේ වංශ ප්‍රවේණිය අධ්‍යයනය කිරීම අපට ශාක, සත්වයන් සහ ක්‍ෂුද්‍ර ජීවීන් අතර සමානකම් හා වෙනස්කම් පැහැදිලි කිරීම උපකාරී වේ. සියලුම ජීව විද්‍යාත්මක උපශීර්ෂයන් හි පර්යේෂණ සඳහා මග පෙන්වීමට ජීවන වෘක්‍ෂය මෙලෙස ප්‍රබල රාමුවක් සපයයි. තවද ඒ හේතුව නිසාම ජීව විද්‍යාත්මක දැනුම සංවිධානය කිරීම පිණිස උත්කෘෂ්ට ආකෘතියකි.
පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ මෙයට වසර මිලියන 3.8කට පමණ පෙරය. එතැන් පටන් කොට හැකි සෑම පරිසරයකටම පාහේ හැඩ ගැසෙමින් පරිණාමය හා නානාංග කෘත වූයේ ස්වාභාවික වරණය යන ක්‍රියාදාමය තුළිනි. වර්තමානයේ මේ මිහිතලය මත සත්ව ශාක හා වෙනත් ජීවී ස්වරූප මිලියන 1.9ක් ඇතැයි ගණන් බලා ඇත. පෘථිවි ග්‍රහයාගේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජීවය දැකිය හැකිය. ගැඹුරු මුහුදේ ජලතාප විවරවල, ධ්‍රැව ප්‍රදේශවල හිම මිදෙන තත්වයන් සිට සමකයේ සශ්‍රික වාසස්ථාන දක්වා සෑම තැනකම ජීවය දැකිය හැකිය. ෆොසිල සහ වංශ ප්‍රවේණික (phylogenic) වාර්තා උපයෝගී කරගනිමින් කාලය හරහා ආපසු බලද්දී, අද ජීවත් වෙනවාට වඩා ජීවි විශේෂ විශාල සංඛ්‍යාවකට මේ මහ පොළොව වාසස්ථානය වී තිබූ බව පෙනී යයි. ඓතිහාසික පර්යාලෝකයකින් බලන විට විවිධ ජීවි කණ්ඩායම්වල සාර්ථකත්වය හා බලපරාක්‍රමය කාලයාගේ ඇවෑමෙන් මෝරනු හා ක්‍ෂිණ වන බව පෙනී යයි.
BBC Nature හි The major kingdoms of life ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න