පංච මහා නෂ්ටප්‍රාප්තවීම පිළිබඳව හැඳින්වෙන ලිපියක් ජුනි 25 තතු කලාපයෙහි පළ වූවා ඔබට මතක ඇති. (එය බලන්න මෙතැන ක්ලික් කරන්න) මේ මහා නෂ්ටප්‍රාප්ත වීම් ඇති වූයේ ඇයි? ඒවා ඇතිවීමට බලපෑ හේතු මොනවාද? මේ පිළිබඳව විවිධ සිද්ධාන්ත ඉදිරිපත් වී ඇති අතර ඒ ඒ විද්‍යාඥයන් දරණ මත ඒවායින් පිළිබිඹු වේ. මෙම ලිපියෙන් බලාපාරොත්තු වන්නේ පොදු වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ප්‍රධාන සිද්ධාන්ත ගැන හැඳින්වීමක් ගෙන ඒමටයි. ක්‍රිටේසීය මහා නෂ්ටප්‍රාප්තවීම වැනි සිද්ධියක දී මෙකී සිද්ධාන්ත අතුරෙන් එකකට වැඩි ප්‍රමාණයක් හේතු වශයෙන් බල පෑ බව ද අප සිහිතබා ගත යුතුය නම් වශයෙන් ගත හොත් මහා නෂ්ටප්‍රාප්තීන්ට බලපෑ ප්‍රධාන සිද්ධාන්ත මෙසේ යි.
- ව්‍යසනසම්පන්න මීතේන් මුදා හැරීම
2.පිටාර බැසෝල්ට් විදාරණ
- දේශගුණික විපර්යාස සහ
- සංඝට්ටන සිද්ධීන්
දැන් අපි මේවා ගැන වෙන වෙනම සංක්ෂිප්තව සලකා බලමු.
1 ව්‍යසනසම්පන්න මීතේන් මුදාහැරීම (Catastrophic methane release)
මහා නෂ්ටප්‍රාප්තවීමට බලපාන්නට ඇතැයි සැලකෙන හේතුවක් ලෙස ව්‍යසනසම්පන්න මීතේන් මුදාහැරීම දක්වා ඇත. මීතේන් ආක්ටික් විල්, මුහුදු පතුල හා නිත්‍ය තුහීනවල ජලයෙන් සහ මීතේන්වලින් සෑදෙන අයිස් වැනි ද්‍රව්‍යයකි. උෂ්ණත්වය හිමායනයට හෝ ඊට මදක් වැඩි වශයෙන් පවතින විට සහ වැසී තිබෙන ජලය සහ අවසාදිත මගින් යෝග්‍ය තත්ත්වයන් නිර්මණය කරනු ලැබූ විට මිතේන් සෑදේ. ක්ලැත්ෙර්ට්ස්(Clathrates මේ ගැන පහත ඇති තතු සටහන බලන්න)වල ඇති මීතෙන්, උෂ්ණත්වයේ වෙනසකින් වායු ලෙස මුදා හැරේ. එහි එවිට ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසුම්වීම සිදුවන අතර එය තවදුරටත් රත්වීමට හා මීතෙන් මුදාහැරීමට හේතු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස උෂ්ණත්වය ඉහළ නැඟීම හේතුවෙන් ශාක හා සත්ත්වයන් මත කොපමණ නම් ආතතියක් හෝ ප‍්‍රත්‍යාබලයක් ඇති කරන්නේ ද යත් අනතුරුව මහා නෂ්ටප්‍රාප්තිය සිදුවේ.
- පිටාර බැසෝල්ට් විදාරණ (Flood basalt eruptions)
පිටාර බැසෝල්ට් (ලාවා ඝනවීමෙන් සෑදුණු තද පැහැති අග්නේය පාෂාණයක්) විදාරණ යනු පැතිරෙන ප්‍රමාණයෙන් සහ පවතින කාල සීමාව යන දෙඅංශයෙන්ම ගත් කල සාගර පත්ලෙහි හෝ භූමිය මත ඇති විය හැකි විශාල පරිමාණයේ යමහල් ක්‍රියාකාරකම් වර්ගයකි. පිටාර බැසෝල්ට් විදාරණ වසර දස දහස් ගනන් බාගදා මිලියන ගණනක් තිස්සේ දිගටම පැවතිය හැකි අතර ලාවා වලින් කිලෝමීටර සියක් දහස් ප්‍රමාණයක් වැසී යා හැකිය. අලුතින් මතුපිටට ආ අතිවිශාල පාෂාන මගින් විශාල සානු සහ කඳු ඇති විය හැකිය. ලාවා විශාල ප්‍රමාණය සමග සල්ෆර් ඩයොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් වැනි වායු ඒ හා සමාන විශාල ප්‍රමාණයක් මුදා හැරේ. මේවා දේශගුණයට බලපාන අතර අම්ල වැස්සට මග පාදයි. එහෙයින් පිටාර බැසෝල්ට් විදාරණ මහා නෂ්ටප්‍රාප්තීන්ට හේතු වන්නේ යයි සැලකේ.
- දේශගුණ විපර්යාස (Climate change)
පෘථිවියේ දේශගුණය එක සේ පවතින්නක් නොවේ. භූ විද්‍යාත්මක කාලය ඔස්සේ පෘථිවියේ ප්‍රමුඛ කාලගුණය අයිස් සමයේ සිට නිවර්තන උෂ්ණ සමයකටත් වනාන්තරවල සිට වියළි කාන්තාර දක්වාත් වෙනස් වී ඇත. ගෝලීය උණුසුම්වීමක් හෝ සිසිල්වීමක් ලෙස එවැනි ගෝලීය කාලගුණ විපර්යාස එකවරම සිදුවන විට සත්වයන්ට හා ශාකවලට ඒවාට අනුගතවීමට ප්‍රමාණවත් කාලයක් නැති හෙයින් මහා නෂ්ටප්‍රාප්තිය ඇති විය හැකිය.
- සංඝට්ටන සිද්ධීන් (Impact events)
ලෝකය පුරාවටම අති දැවැන්ත කම්පන තරංග නිර්මාණය කිරීමට ප්‍රමාණවත් විශාලත්වයක් ඇති උල්කාවක් (meteor) හෝ ධූමකේතුවක් (වල්ගා තරුවක්) ග්‍රහයා මත කඩා වැටුණු විට ඇතිවන සංඝට්ටන සිද්ධි ද මහා නෂ්ටප්‍රාප්තවීම්වලට හේතු වශයෙන් සැලකේ. බොහෝ පැතිරුණු ප්‍රදේශයක් පුරා අහසින් පතිත වන ධූවිලි හා සුන්බුන් දේශගුණය අවුල්කරමින් කලාපීය මට්ටමින් නොව ගෝලීය මට්ටමින් මහා නෂ්ටප්‍රාප්තියට මග පාදයි. කලක් මිහිතලය මත වැජැඹුනු ඩයිනසෝරයන් වඳවී යාම මැක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ මුහුදු පත්ලෙහි ආවාටයක් ඉතිරි කරමින් සිදු වූ සංඝට්ටනයකට සම්බන්ධ කෙරේ. වෙනත් නෂ්ටප්‍රාප්තීන්ට ද මෙවැනි සංඝට්ටන වග කිව යුතු යයි පැවසේ. කෙසේ වෙතත්, මේවායේ හේතු ඵල අතර කාලනිර්ණය හා සම්බන්ධතා ගැන විද්‍යාඥයන් අතර මතභේද ඇත.
ක්ලැත්රේට්ස්: තතු සටහන
ක්ලැත්ෙර්ට්ස්(Clathrates) යන ලතින් වචනෙය් ෙත්රුම “කූඩුෙකොට සිර කරන ලද” යන්නයි. කැලැත්ෙර්ට්ස් යන ෙයදුම විදාෙව්දී භාවිතාකරනු ලබන්ෙන් අයිස් කැට තුළ මීෙත්න් වායු අණු සිරවී පැවතීම විස් තර කිරීම සඳහාය. “දැවෙන අයිස් ” යන අන්‍ය ෙත්රුමක්ද ක්ලැත්ෙර්ට්ස් යන ෙයදුෙමන් නිරූපණය ෙව්. ෙමයට ෙහේ තුව අගාධ සාගරෙයන් ක් ලැතෙර්ට්ස් සහිත අයිස් කැට ෙගොඩට ගත් විට එම අයිස් කැටවල අධිපීඩනය යටෙත් ගැබ්ව ඇති මීෙත්න් වායුව සු හඬ නගමින් නිකුත්වීමත් දහනය කලවිට අයිස් කැටය එහි අඩංගු මීෙත්න් වායුව නිසා මුළු මනින්ම දැවී යාමත්ය.
අති විශාල ක්ලැත්ෙර්ට්ස් සංඛාවක් ෙලොව වටා ඇති අගාධ සාගර පත්ෙල් දැඩි ශීතල අතර තැන්පත්ව ඇත. ෙම් ක්ලැතෙර්ට්ස් තුළ සිරවී ඇති මීෙත්න් පමාණය ෙකතරම් විශාලදැයි කිවෙහොත් එහි සමස්ත පරිමාව ෙලොව පුරා ඇති අනිකුත් සියළුම ඛනිජ ඉන්ධන පමාණෙය් එකතුව ෙමන් ෙදගුණයක් ෙවතැයි සැලෙක්. ෙමෙසේ ඝණ ක්ලැත්ෙර්ට්ස් මුහුදු පත්ෙල් රැඳී පැවැතීමට ෙහේ තුව දැඩි ශීතල ගැඹුරු ජලස් කන්ධය මගින් ක්ලැතෙර්ට අයිස් කැට මත ඇති කරනු ලබන අධික පීඩනයයි. උෂ් ණත්වය ඉතා පහළ මට්ටමක පවතින ආක්ටික් සාගරෙය් පත්ෙල් ෙමන්ම සාගර මතුපිටට නුදුරින්ද අති විශාල ක්ලැත්ෙර්ට්ස් ප‍්‍රමාණයක් ස්ථායීව රැඳී පවතී.
දේශගුණය අපේ නිපැයුමකි(විජයානන්ද ජයවීර පරිවර්තනය) කෘතියෙනි
BBC Nature හි Mass extinction theories ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න