අහස නිල් පාටයි. අහසේ වලාකුළු බොහොමයක් සුදු පාටයි. පොළොවේ ගස්වල පත‍්‍ර බොහොමයක් හරිත වර්ණයි(කොළ පාටයි). කටුස්සෝ ගත්තොත් එක එක වෙලාවට එක එක පාටයි. මේ විදිහට ගහ කොළ, සතා සීපාවන් එක එක පාට ඇයි? මේ වගේ ප‍්‍රශ්න බොහොමයක් සිතට එන්නේ කුඩා අවධියේ දී වුවත්, වැඩිහිටි භාවයට පත්වෙද්දීත් ඒ ප‍්‍රශ්න බොහොමයක්ම ප‍්‍රශ්න හැටියටම ඉතිරිවෙනවා. ඒවාට පොදුවේ ගැලපෙන පිළිතුරු සෙවීම ත් දුෂ්කරයි. නිදසුනක් හැටියට ෆ්ලැමින්ගෝ  හෙවත් සීයක්කාරයන් ගත්තොත්, ඔවුනට ළා රෝස හෙවත් පින්ක් පාට ලැබෙන්නේ ඔවුන් ගන්නා කූනිස්සන් ආහාරයෙහි ඇති කැරටෙනොයිඩ හේතුවෙන්. අද අපි විමසා බලමු තණ හරිත වර්ණ (කොළ පැහැය) ගන්නේ ඇයි කියලා.

තණවලට  හරිත වර්ණය (කොළ පැහැය) ලැබෙන්නේ වර්ණකයක් නිසායි. එම වර්ණකයට කියන්නේ ක්ලොරෆිල් හෙවත් හරිතප‍්‍රද කියලයි. හරිතප‍්‍රද තමයි ශාක පත‍්‍රවල ඇති වර්ණකය. ශාකයක්  හරිතප‍්‍රද භාවිත කරන්නේ ප‍්‍රභා සංශ්ලේෂණයේදීයි. ප‍්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාකයක් සූර්යාලෝකය කාබන් ඩයොක් සයිඞ් CO 2 බවටත් ජලය සීනි බවටත් පරිවර්තනය කරන ක‍්‍රියාදාමයේදී සිදුවන්නකටයි. සතුන් නම් දඩයමින් හෝ වෙනත් මාර්ගයකින් තම ආහාර සොයාගත යුතුයි. ඒත් සූර්යාලෝකය භාවිත කරමින් ශාකවලට තමන්ගේම ආහාර නිපදවා ගත හැකියි. ඇත්තටම අපි ශාකවලට සූර්යාලෝකය ලැබෙන එක නතර කළහොත් ඒවාට ආහාර නිපදවා ගැනීමට නොහැකිව අවසානයේ මියයනවා.

දැන් පැන නගින ප‍්‍රශ්නය තමයි, හරිතප‍්‍රද හෙවත් ක්ලොරෆිල් හරිත වර්ණ වෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? මෙ මහ පොළවෙ ඇති සෑම වස්තුවකටම  ඊටම  ආවේණික වර්ණයක් තියෙනවා. සූර්යයාගෙන් ලැබෙන එළිය අපට සුදු පාටට පෙණුනත් ඇත්තටම එය   යන වර්ණවල එකතුවකින් සෑදුණු වර්ණාවලියක්. ඉතින් සුදු එළිය යම් වස්තුවක් මත පතිත වුණහම ඇතැම් වර්ණ අවශෝෂණය කරගෙන ඒ කියන්නේ උරාගෙන අනික් වර්ණ පරාවර්තනය කරනවා. එහෙම පරාවර්තනය කරන වර්ණය තමයි අපි යම් වස්තුවක් දෙස බලන විට දකින්නේ. අපි නිදසුනකට අහස ගත්තොත් අහස නිල් පාට හැර අනික් සියළුම වර්ණ අවශෝෂණය කරනවා. හොඳට ඉර පායලා තියන දවසක අපට අහස නිල් පැහැයෙන් දිස්වන්නෙ අර කිව් අන්දමට පරාවර්තනය කරන නිල් පාට නිසයි. (අහස නිල් පාට ඇයි කියන එකටත් එක්තරා විදිහකට පිළිතුරක් ඒකෙන් ලැබෙනවා)

AAA 222

ළමුන් කිහිප දෙනෙකු රතු පාට බෝලයක් රැුගෙන පිට්ටනියක ක‍්‍රීඩා කරමින් සිටිනවා ඔබ නිරීක්ෂණය කරමින් සිටිනවා යයි සිතමු. රතු පාට බෝලය, සුදු එළියේ රතු හැර අනෙකුත් සියළුම තරංග ආයාම අවශෝෂණයි කරයි. පිට්ටනියේ එහාට මෙහාට බෝලය යද්දී ඔබගේ ඇසට බෝලයෙන් රතු පාට පරාවර්තනය වනු පෙනෙයි. ඔබගේ ඇස් එම තොරතුර මොළයට යවයි. බෝලය රතු පාට යයි මොළය ඔබට දන්වයි.
එලෙසම, තණ සුදු එළියේ කොළ හැර අනෙකුත් සියළුම තරංග ආයාම අවශෝෂණයි කරයි. තණ කොළ පාට පරාවර්තනය කරයි. කොළ තරංග ආයාමය අපේ ඇස් කරා පැමිණි විට අපපට තණ හරිත වර්ණෙයන් :කොළ පැහැයෙන්* පෙනේ.

 

Wonderopolis හි   Why Is Grass Green? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending