දේශගුණයෙහි ඇතිවන තෙත් හා වියළි චක්‍ර, වැදගත් රසායනික ක්‍රියාදාමයන්ට   මගපාදන බව පර්යේෂකයෝ සොයා ගනිති.

හිරු පායද්දී වියළි යන දිය කඩිති ඔබ‍ත් දැක ඇතුවාට සැකයක් නැත. එසේ නම් නොදැනුවත්ව හෝ ඔබ දැක ඇත්තේ පෘථිවියේ මුල් කාලයේ ජීවය හට ගැනීමට තීරණාත්මක වූ රසායනික ප්‍රතික්‍රියා මාදිලියක් මෙහෙයවූ පරිසරයකි. ජොර්ජියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල Angewandte Chemie International Edition සඟරාවෙහි පළ වී තිබේ. එයින් දැක්වෙන්නේ, ඇමයිනෝ හා හයිඩ්‍රොක්සි අම්ල මිශ්‍ර කර අනතුරුව තෙත් හා වියළි තත්වයන්ගෙන් යුතු චක්‍රවලට භාජන කිරීමෙන් පොලිපෙප්ටයිඩ්ස් ලෙසින් හඳුන්වන සමකාලීන ජිවිතයේ වැදගත් අණු, පහසුවෙන් සෑදිය හැකි බවයි. පෘථිවියේ මුල් අවස්ථාවේ මෙම අම්ල එකට එක්ව පැවති බව විශ්වාස කෙරේ. හිරු පායා ආ විට වියළී යන පසුව නැවත වැසි ලැබූ විට යළි සෑදෙන දිය කඩිති තුළ මේ සරල ක්‍රියාදාමය සිදුවන්නට ඉඩ කඩ ඇති අතර එම ක්‍රියාදාමය සාර්ථකව වන්නේ එක් සංයෝගයකින් සෑදෙන රසායනික බන්ධන වෙනත් සංයෝගයකින් බන්ධන ඇතිකිරිම පහසුවක් වෙන නිසාවෙනි.

ගොඩ බිම වියලි ප්‍රදේශයක මෙම ලොව ජීවය හට ගත්තේය යන න්‍යායට මෙම පර්යේෂණ සහාය පළ කරයි. සමහර විට, රාත්‍රි කාලයේ සිසිල්වීම සහ පිනි නැතිනම් තුෂර සෑදීමක් අනතුරුව දහවල් රත්වීම හා වාෂ්පීකරණයවීමත් සිදුවන කාන්තාර ප්‍රදේශයක පවා ජීවය හට ගන්නා විය හැකියි. මේ ගැන අධ්‍යයනයෙහි යෙදෙන පර්යේෂණකයන් කියා සිටින්නේ දින විස්සක් පමණ තුළ දිවා රෑ සිදුවන වියළි – තෙත් චක්‍ර මගින් පර්යේෂණාගාරය තුළ සංකීර්ණ පොලිපෙප්ටයිඩ (polypeptides) මිශ්‍රණයක් සෑදීමට ප්‍රමාණවත් වූ බවයි. ජිවය හට ගැනීමට වුවමනා පොලිපෙප්ටයිඩ දම්වැල් සෑදීමට මග පෑදු අහඹු අනුක්‍රමණ සෑදීම පිණිස ඓන්ද්‍රක ද්‍රව්‍ය යළි බිඳ දැමීමට හා එක්තැන් කිරීමට ද මෙම ක්‍රියාදාමය ඉඩ සලසා ඇත.

CKXsJ3VWIAAkZaH‘ජීවය සඳහා වුවමනා වන මාදිලියේ රසායන හට ගැන්වීමට සරිලන විජලන චක්‍ර යොදා ගැනීමේ චාම් ක‍්‍රියාදාමය ඇත්තටම සිත් අලවනවා” යයි ජොර්ජියා තාක්ෂණ ආයතනයේ රසායන විද්‍යා හා ජිව රසායන විද්‍යා පාසලේ මහාචාර්ය නිකලස් හඩ් පවසයි. ඔහු ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ (National Science Foundation-NSF) රසායනික පරිණාමන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ද වෙයි. ‘‍ජීවය හට ගැනීමට අවශ්‍ය රසායනය පිළයෙල කිරීමට වියළි භූමි ඉතා වාසිදායක පරිසරයක් සපයන්නට ඇති බවත් පෙනී යයි.”

සමාන ඇමයිනෝ අම්ල හා හයිඩ්‍රොක්සිල් අම්ල රසායනිකව එකට එක්  කිරීමේ අදහසට මුල්වන්නේ සාමාන්‍යයෙන් කෘතිම රෙදිපිළි කෙඳි වශයෙන් හඳුන්වන පොලියෙස්ටර් (polyesters) පුනාවර්තිත (නැවත නැවතත් සිදුවන) සජලන විජලන චක්‍ර මාර්ගයෙන් පහසුවෙන් සෑදිය හැකි බව ප්‍රදර්ශනය වීමයි. polyesters යන වචනයෙහි “ester” යන්නෙන් දැක්වෙන්නේ අම්ලයක් සම්බන්ධ ප්‍රතිචාරවලින් හටගන්නා රසායනික සංයෝග කාණ්ඩයකි. එකී අම්ලයට, ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයන්ට වැදගත් වන ඇමයිනෝ අම්ල කාණ්ඩයද ඇතුළත් විය හැකිය.

ජීවයේ මුල්ම අවදිවල මේ ප්‍රතිචාරයේ අඩංගු වැදගත්කම උල්කාෂ්ම අධ්‍යයන මගින් ද සනාථ වේ. එවැනි අධ්‍යයනවලින් හෙළිවන්නේ ද පෙරකී සංයෝග දෙකම (හිතකර ක්‍ෂුද්‍ර ජීවීන් ඇතිවීමට ඉඩ සලසන) ප්‍රිබයෝටික පෘථිවිය මත පවතින්නට ඇති බවයි. පොලියෙස්ටර් සෑදීම සඳහා හයිඩ්‍රොක්සි අම්ල සංයෝග වෙයි. එමෙන්ම. එම ප්‍රතිචාරය සඳහා  අවශ්‍ය වන්නේ, ඇමයිනෝ  අම්ලවලින් පෙප්ටයිඩ  නිර්මාණය කිරීමට වුවමනා බන්ධන සෑදීමට අවශ්‍ය බලශක්තියට වඩා අඩු ශක්තියකි. තෙත් වියළි චක්‍ර වලදී පොලියෙස්ටර් සැදීම මුලින් සිදුවෙයි. එවිට, වඩාත් අපහසු කාර්යයක් වන පෙප්ටයිඩ් නිපදවීම එමගින් පහසු කෙරෙන බව පාඩ් පෙන්වා දෙයි.

පොලිපෙප්ටයිඩ පහසුවෙන් සෑදිමට අමතරව, තෙත් වියළි ක්‍රියාදාමයෙහි තවත් වාසි තිබේ. පෙප්ටයිඩ වැනි සංයෝග කඩා බිඳ දමා යළි සැකසීමට එමගින් අවසර ලැබේ. ඉන්, අහඹු ලෙස පිළියෙල කෙරුණු ඇමයිනෝ අම්ල නව ව්‍යුහයන් නිර්මාණය වේ. ඇමයිනෝ අම්ල ප්‍රතිචක්‍රීකරණයට ඇති මෙම හැකියාව, පෘථිවියේ මුල් අවධියේ හිඟව පවතින්නට ඇතැයි සිතන ඓන්ද්‍රීය ද්‍රව්‍ය සංරක්ෂණයට මෙන්ම වඩාත් ඵලදායී සංයෝජන නිර්මාණය කිරීමේ හැකියාවද ලබා දෙයි.

‘පෘථිවියේ මුල අවධියෙහි හයිඩ්‍රොක්සි හා ඇමයිනෝ අම්ල සංයෝජනයක් පී‍්‍රබයෝටික සූපයෙහි තිබෙන්නට ඇත’ හඩ් පැහැදිලි කරයි ‘තනි තනි රසායනිකවලට වඩා සංයෝජන වඩා හොඳින් ක්‍රියා කරන්නට ඇතැයි යන අදහස අපට කා වැදු‍ණා.

(ජීවයේ ආරම්භය ගැන සෙවීමේ දී) පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ දැයි පැහැදිලි කිරීමට අමතරව, තෙත් – වියළි චක්‍ර පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයට නව ක්‍රමයක් ද සපයා දෙයි.

US National Science Foundation වෙබ් අඩවියේ   “Finding the origins of life in a drying puddle” ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending