කුඩා ළමුන් බොහෝ පිරිසකට බෝවෙන රොටා වෛරසයට (Rotavirus) එරෙහිව මුඛ එන්නතක් හෙවත් වැක්සීනයක් පුළුල් ලෙස භාවිතයට ගැනීම ආරම්භ වූයේ 2006 වසරේ සිටය. එහෙත් දරුණු පාචනය ඇතිකරවන එමගින් ජීවිතයට තර්ජනයක් වන විජලනයට මගපාදන මෙම වයිරසය ‍තවමත් ලොව පුරා ළමුන් 450,000 වැඩියෙන් වසරක් පාසා මරා දමයි. මොවුන්ගෙන් වැඩි පිරිස ආසියාවේ හා අප්‍රිකාවේ ළමුන්ය. මේසා විශාල පිරිසක් තවමත් මිය යාමට හේතුව වැක්සීනය සෑමවිටම ඵලසහිත නොවීමයි. එකී ආසියා – අප්‍රිකානු කලාපවල රටවල්වල වසන බිළිඳුන් අතරේ මෙම වැක්සීනය මෙතරම් අසාර්ථක වන්නේ මන් දැයි සොයා බැලීමට  ඇම්ටඩෑම් විශ්වවිද්‍යාලයෙන් වැනෙසා හැරිස් නමැති පරීක්ෂිකාව අදහස් කළාය. ඇතැම්විට දරුවෙකුගේ මහ බඩවැලේ ජීවත්වන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය බලපාන්නේදෝයි යන සැකය ඇයට ඇති විය. හැරිස් සහ පර්යේෂක කණ්ඩායමකට දකුණු ආසියාවේ පර්යේෂකයන් පිරිසක් ද හවුල් වූහ.

මොවුන් සිය අධ්‍යයනය සඳහා පකිස්ථානයෙන් ළදරුවන් 66 දෙනෙක් සහ නෙදර්ලන්තයෙන් සීහෙන පාලිත කණ්ඩායමක් ලෙස ළදරුවන් 66ක් ද යොදවා ගනු ලැබූහ. ඒ සියලු දෙනාටම මුඛ රොටා වෛරස වැක්සීනය සැපයිණ. මොවුන් අතුෙරන් නෙදර්ලන්ත දරුවන් සියලු දෙනාම බලාපාරොත්තු වූ ප්‍රතිශක්ති ප්‍රතිචාරය ගොඩ නගා ගත් අතර පකිස්තාන ළදරුවන් අතරින් එසේ කිරීමට සමත්වූයේ 10ක් පමණකි. වැක්සීනය ලබාදීමට පෙරාතුව සෑම ළදරුවෙකුගෙන්ම ලබාගත් අසුචී සාම්පලවල ජානමය ස්කෑන් පරීක්ෂාවකින් හෙළි වූයේ වැක්සීනයට ප්‍රතිචාර දැක්වූ ළදරුවන්ගේ ආන්ත්‍රික පථයෙහි ඉහළ විවිධත්වයක ක්‍ෂුද්‍රජීවීන් දැකිය හැකිව තිබූ බවයි. තවද එම ළදරුවන් පිරිසගේ අන්ත්‍රයෙහි ප්‍රෝටීයෝබැක්ටීරියා(Proteobacteria)කාණ්ඩයේ ජීවීන්ද වැඩිපුර ගැවසෙන බවද සොයා ගනු ලැබීය.

gut

බොහෝ ප්‍රෝටීයෝබැක්ටීරියා, ප්‍රවානලනය කරන්නේ (සංචලනය කරන්නේ) වලිග ස්වරූපය ඇති ප්ලැගෙල්ලාවක කශිකයක ආධාරයෙනි. එම වල්ගාවල ප්ලැගෙලින් (flagellin) අඩංගුය. ප්ලැගෙලින්, ප්‍රතිශක්ති සෛල ක්‍රියකාරිත්වය ඉහළ නංවන බව සොයා ගෙන ඇති කරුණකි. එවැනි බැක්ටිරියා බහුලව සිරුර තුළ සිටීමෙන් ස්වාභාවික ප්‍රතිශක්ති ක්‍රම‍යක් ලෙස ක්‍රියාකාරීමේ හේතුවෙන් වැක්සීනයේ සාර්ථකත්වය ඉහළ නංවන බව එමරි සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ රෝග නිරෝධවේදීයෙකුවන පර්යේෂණයට සහභාගි නොවූ බාලි  පුලේන්ද්‍රන් පවසයි. සෙම්ප්‍රතික්ෂා වැක්සිනයේ සාර්ථකභාවයට කශික බැක්ටිරියා ඉටු කරන කාර්යභාරය ප්‍රලේන්ද්‍ර පසුගිය වසරේ දී සිය සගයන් හා එක්ව ප්‍රදර්ශනය කළේය. ජීවානුහරණය කළ පරිසරයක ජීවත් වන්නාවූ, 5E25A630-ABA5-4B37-B5F1B46CDD9B092A_articleඅන්ත්‍රයෙහි බැක්ටීරියා නොමැති එමෙන්ම කශික නොවන බැක්ටීරියා පමණක් එන්නත් කළ මීයන්ට වැක්සීනය ලබාදුන්නද ප්‍රතිදේහ ගොඩ නැංවීමට නොහැකිවීම නිසා වැක්සීනය ඵල රහිත විය. එහෙත් සාමාන්‍ය මීයන් මෙන්ම කශික බැක්ටීරියා එන්නත් කළ මීයන් තුළ අපේක්ෂිත බලගතු ප්‍රතිශක්ති ක්‍රියාකාරීත්වයක් දියත් කෙරිණ.

පසු කටයුත්තක් ලෙස පුළුල් ආවලියක ප්‍රතිජීවක ඖෂධ වර්ග තුනක් ලබාදුන් මිනිසුන් කුඩා කණ්ඩායමක් අතරේ සිදු කෙරෙන පර්යේෂණයකින් මෙම රටාවම දැකිය හැකිදැයි සොයා බැලිය හැකිය.

අනෙකුත් ක්‍ෂුද්‍රජීවමය සාධක ද කිසියම් කාර්ය භාරයක් ඉටුකරනවා විය හැකිය. 2014 වසරේ දී Pediatrics සගරාවෙහි පළ වූ පර්යේෂණ වාර්තාවකින් පිටගැස්මට ක්‍ෂය රෝගයට හා පෝලියෝවට ලබා දෙන මුඛ වැක්සීනවල ප්‍රතිචාර සමග බංග්ලාදේශයේ ළදරුවන්ගේ බඩවැල්වල විවිධ බැක්ටීරියා සහ      සම්බන්ධතාවක් දක්වන අන්දමට පෙන්වා දෙනු ලැබීය. මේ සියලු අධ්‍යයන එකට ගෙන බැලූ කල පැහැදිලි වන්නේ අපේ ශරීරයට සහජ බැක්ටීරියා වැක්සීන සඳහා අප තනිතනිව දක්වන ප්‍රතිශක්ති ප්‍රතිචාරයන් කෙරෙහි බලපාන  අන්දම තීරණය කළ හැකියා යන්නයි. වැක්සීනයක් ලබාදීමට පෙර ක්‍ෂුද්‍ර ජීවි සමුදායන් ඇත් දැයි සොයා බැලීමට හෝ විශේෂයෙන් සැකසූ ප‍්‍රබයෝටික පරිපුරක අතිග්‍රහණය (ingestion) සඳහා ලබා දීමට මග පාදයි ද යන්න අනාගතයට බාරය. අප සිරුර තුළ ජිවත්වන සියලු ක්‍ෂුද්‍ර ජීවින් පිළිබඳ වඩාත් ගැඹුරු අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් ලෙස වැක්සීන වඩාත් ඵලදායි කිරීම සඳහා විද්‍යාඥයන්ට උපකාරී විය හැකිය. එවැනි සරල පියවර ජීවිත දහස් ගණනින් බේරා ගැනීමටද ඉවහල් විය හැකිවේ.

Scientific American හි  Gut Microbes May Help Determine Our Immune Response to Vaccines  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending