අප රටේ වැසියන්ට දෙහි නැතුවම බැරිය. කිරි හොද්දට. සම්බෝලයට අමුතුම රසයක් එක්කරන්නේ දෙහි යුෂය. එපමණක් නොව අත්දුටු අත් බෙහෙතක් හැටියටද දෙහි යුෂ යොදාගැනේ. දෙහි ඇඹුල් රස ඇයි ද කිියලා අහන්නත් දෙයක්යැ, ඒක කවුරුත් දන්න දෙයක්නේ කියලා අපට හිතෙන්න පූළුවනි. ඒකත් ඇත්ත. ඒත් ඔය වගේ ප‍්‍රශ්න ඔය විදිහ තමයි. කිරි සුදු ඇයි? අහස නිල් ඇයි? කවුරුත් දන්න දෙවල්. ප‍්‍රශ්නය තියෙන්නේ ඒක එහෙම තමයි කියලා දැනගත්තාට ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක ගැන හරිහැටි අවබෝධයක් නොමැති කමයි. ඉතින් ඇත්තටම දෙහිවලට ඇඹුල් රසයක් ඇතිවෙන්නේ කොහොමද?
දෙහිවල ඇඹුල් රසය එන්නේ එහි අඩංගු සිට්රික් අම්ලය (citric acid) හේතුවෙනි. ඇඹුල් ගෙඩිවල ඇති අම්ලය වන සිට්රික් ඇත්තටම බොහෝ පළතුරු හා එළවළු වල දක්නට ඇති දුර්වල කාබනික අම්ලයකි(weak organic acid). දෙහි ෙදාඩම් ආදිය අයත්වන සිට්රස්(citrus) පවුලේ පළතුරුවල සිට්රික් අම්ලය බහුලව සාන්ද්‍රගතය. වැඩි පැණි රසයක් සහිත ඒ පවුලේ දොඩම්, සිදරන් ගතහොත් සිට්රික් අම්ලයේ ඉහළ සාන්ද්‍රණයක් ඇත්තේ දෙහි හා ලෙමන්වල ය.
ඉතින් අපට එම සිට්රික් අම්ලය සහිත පළතුරු හා එළවළු පමණක් කනබොන ඔිනෑම ආහාරයක රසය අපට පහදා දෙන්නේ අපේ රසංකූරයි(taste buds). අපේ දිවෙහි මතුපිට රසංකුර 2,000 සිට 5,000 දක්වා ප‍්‍රමාණයක් විසිරී පවතින්නේ පිටිකා (papillae)යනුවෙන් හැඳින්වෙන කුඩා නෙරුම ලෙසටයි. මේ සෑම රසංකූරයකම ප‍්‍රතිග‍්‍රහක ෙසෙල (taste receptor cells) 50 සිට 150 දක්වා ප‍්‍රමාණයක් අඩංගුයි. ප‍්‍රතිග‍්‍රහක ෙසෙල අපේ රසංකූර මුඛය තුළට දමන දෙයහි තොරතුරු රැස්කර අපේ මොළය වෙත යවයි. මෙම ප‍්‍රතිග‍්‍රහක ෙසෙලවලට පැණිරසය, ලුණු රසය, තිත්ත රසය, ඇඹුල් රසය සුවිශේෂීව හඳුනාගැනීමේ හැකියාව ඇත. ආහාරය ප‍්‍රතිග‍්‍රහක ෙසෙල හා ස්පර්ශ වන විට එම ආහරය පැණි රස ද, තිත්ත රස ද, ලූණු රස ද ඇඹුල් රස ද යනුවෙන් මොළයට දන්වයි. දිවෙහි අග්ගිස්ස පැණි රසය හා ලූණු රසය සංවේදනය කරන අතර දිවෙහි පිටු පසින් තිත්ත රසය සංවේදනය කරයි. දෙහි හෝ ලෙමන් වල බහුලව ඇති සිට්රික් අම්ලය අපේ දිවෙහි පැති වල හා මැද රසංකූර සක‍්‍රීය කරයි. එවිට ඒවා මොළයට පණිවුඩයක් යවමින් කියා සිටින්නේ ඇඹුල් රසැති යමක් අප ආහාරයට ගෙන ඇති බවයි. එහෙත් රස මෙලෙස වෙන්කොට සඳුනාගැනිමේ හැකියාව සෑම ප‍්‍රතිග‍්‍රහක ෙසෙලවලටම ඇත යනුවෙන් ද විද්‍යාඥයන් අතර මතයක් ඇත.
රසය සහ ගන්ධය බොහෝදෙනා දන්නා රසායනික සංවේදනයන්ය. කෙසේවෙතත්, ඇතැම් රසයන්ට අදාළ ජාන හා ප්‍රෝටීන තවමත් හරිහැටි හඳුන්වාගෙන නැත.
Taste Receptors – Chemistry Encyclopedia Wonderopolis ඇසුරෙන් තතු මාණඩලිකයෙකු විසින් සකසන ලදී






ප්‍රතිචාරයක් ලබාදෙන්න