අද ශී‍්‍ර ලංකාවේ වසන අප සැමගේම පාහේ අවධානය යොමුවන්නේ මහා මැතිවරණය වෙතයි. කවුරු වැටෙයි ද, කාගේ ශක්තිය ඉහළ යයි ද කියන්න අපහසුයි. මන්ද, ඡන්දදායකයාගේ හැසිරීම පාලනය හෝ තීරණය කිරීමට බලපාන පිළිගත් නීති, සිද්ධාන්ත නොමැති නිසාවෙනි. එහෙත් විද්‍යාවේ ශක්තිය(energy) මෙන්ම ශක්ති සංරක්ෂණය(energy conversation) ගැන නිශ්චිත නීති ඇත.
සමස්ත විද්‍යාව තුළ ප‍්‍රකාශන අතුරෙන් වඩාත් මූලික ප‍්‍රකාශය වන්නේ ශක්තිය සංරක්ෂණයයි: එක් ස්වරූපයක(form) සිට ශක්තිය අනෙක් ස්වරූපයකට පරිවර්තනය සිදු වන්ෙන් වී නමුත් සියළුම පිටස්තර සාධකයන්ගෙන් හුදකලා කෙරුණු පද්ධතියක් සම්පූර්ණ ශක්ති ප‍්‍රමාණයම පවත්වා ගනු ඇත.
ශක්තිය විවාධාකාරයෙන් ප‍්‍රකටවෙයි(manifest). එහෙත් ඒවා සියල්ල හුදෙක් මූලික ශක්ති වර්ග තුනක පරාවර්තන පමණකි. ඒවා නම් වස්තුවක සිය පිහිටි තැන අනුව අත්වෙන විභව ශක්තිය(potential energy), වස්තුවක සිය චලනය හේතුකොට ගෙන අත්වෙන චාලක ශක්තිය(kinetic energy) සහ වස්තුවක සිය ස්කන්ධය හේතුකොට ගෙන අත්වෙන නිශ්චල ශක්තියයි(rest energy). වැටෙන්න, වැටෙන්න නගින ශක්තිය යන අපේ මාතෘකාව අනුව මෙහිදි අප සලකා බලන්නේ විභව සහ චාලක ශක්ති ගැනයි. ඒ දෙක අතර සම්බන්ධය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ගනිමු.
උස ගොඩනැගිල්ලක් මුදුනේ සිටින අයෙකුගේ අතෙහි බේස් බොල් කී‍්‍රඩාවට ගන්නා බෝලයක් ඇතැයි සිතමු. එක්තරා ප‍්‍රමාණයක විභව ශක්තියක් එම බෝලයෙහි රැුඳී ඇත. බෝලය අත් හැරි වහාම එහි විභව ශක්තිය නැතිවන්නට පටන් ගන්නා අතර එසේ නැතිවන විභව ශක්තියට අනුපාතිකව චාලක ශක්තිය වැඩිවීමට පටන් ගනියි. ඇත්තවශයෙන්ම, මෙම ශක්ති ස්වරූප දෙක අතර සම්බන්ධතාව ප‍්‍රතිලෝමය(inverse): එකක විචල්‍ය වටිනාකම පහත වැටෙන විට එම අනුපාතයෙන්ම අනෙකෙහි විචල්‍ය වටිනාකම ඉහළ යයි.
කෙසේ වෙතත් බේස් බෝලය විභව ශක්තිය අඩු වෙමින් ද චාලක ශක්තිය වැඩිවෙමින් ද දිගටම හෙවත් සදහටම වැටෙමින් පැවතිය නොහැක. ඇත්තටම, ් මුලදීම බේස් බෝලය සතුව තිබූ විභව ශක්තියට වැඩි ප‍්‍රමාණයක චාලක ශක්තියක් එයට කිසිවිටකත ටර්ධනය කර ගත නොහැක. පොළවට පතිත වන්නට පෙර මොහොතෙහි බෝලයෙහි චාලක ශක්තිය, ගොඩනැගිල්ල මුදුනෙහි දී එය සතුව තිබූ විභව ශක්තියට සමානය. අනුරූපව ගත්විට, බෝලයෙහි විභව ශක්තිය ශූන්‍යයය – එනම් බෝලය පතිත කිරීමට පෙර එහි තිබූ චාලක ශක්තියට සමානය.
ඊළගට බෝලය පොළොවෙහි පතිතවත්ම ශක්තිය විසිරෙයි(disperse). ශක්තියෙන් බොහොමයක් පොළොවට යයි. එමෙන්ම බෝලයෙහි සහ බිමෙහි දෘඪතාව අනුව මෙම ශක්තිය බෝලය පොළා පැනීමට(bounce) සලස්වයි. එක්තරා ශක්ති ප‍්‍රමාණයක් බෝලය බිම ගැටෙන විට නැගෙන ශබ්දයේ(sound) ස්වරූපය ගැනීමට ඉඩ ඇත. එමෙන්ම ශක්තියෙන් තවත් කොටසක් තාපය(heat) ලෙස ප‍්‍රකටවෙයි. කෙසේවෙතත්, සම්පූර්ණ ශක්ති ප‍්‍රමාණය නැතිව නොයයි. හුදෙක් එහි ස්වරූපය වෙනස්වනවා පමණකි.
SCIENCE OF EVERYDAY THINGS: volume 2: REAL-LIFE PHYSICS ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න