බත් ඉක්මණින් තැම්බෙන්නේ කන්දක් මුදුනෙහිදී ද? මුහුද යටදී ද?
ප‍්‍රශ්නයට පීළිතුරු වශයෙන් කියන්න තියෙන්නේ කන්දක් මුදුනෙහිදී කියලයි ඒ මොකද මුහුද යටදී කිසිම දෙයක් පිසීමට නොහකි බව අප කවුරුත් පාහේ දන්නා කාරණයක් නිසයි. ඒත් ෙසෙදාන්තික වශයෙන් ගත්තොත් බත් ඉක්මනට තැම්බෙන්නේ මුහුද යටදීයි. එහෙම වෙන්නේ ඇයි බත් හෝ වෙනත් දෙයක් තැම්බෙන්න යන වෙලාව තැන අනුව වෙනස් වෙනවාද? ඊට බලපාන විද ්‍යාතමක හේතුව නුමක්ද? මේවාට පිලිතුරු ලබා ගන්න නම් අපට මුලින්ම තාප අංකය ගැන අවබෝධයක් ලබාගන්න වුවමනාවෙනවා.
තාප අංකය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ජලය නටන උෂ්ණත්වය ලෙසටයි. ඇයි එක එක තැන දි ජලය නටන උෂ්ණත්වය වෙනස්ද කියලා අප සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඊට හේතුව එදිනෙදා ජීවිතයේදී මේ ගැන අප බොහෝදෙනෙකුට වැඩි අවධානයක් යොමු නොවන නිසයි. ඔව් මුහුද මතුපිට ජලය නටන උෂ්ණත්වයත් මීටර් 5, 000කදි ජලය ද්‍රව නටන උෂ්ණත්වයත් වෙනස් . තාප අංකය උස හෝ ගැඹුර අනුව වෙනස්වෙනවා. ඊට බලපාන්නේ පිඩනයයි.
මුහුදු මට්ටමේ දී (මුහුදු මට්ටමේ මධ්‍යන්‍ය වායුපීඩනයට සමාන) වායුගෝල පීඩන ඒකක එකක් (one atmosphere) එනම් වර්ග අගලකට රාත්තල් 14.69 ක්. එහෙත් දිය යටට කිමිදෙන සෑම මීටර 10කටම පීඩනය වායුගෝල පීඩන ඒකක එකකින් ඉහළ යනවා ඉතින් නිදසුනක් ලෙස ඔබ මුහුද යට මීටර 250ක් කිමිදුනොත් පීඩනය වායුගෝල පීඩන ඒකක 25ක් වෙනවා එනම් වර්ග අගලකට රාත්තල් 367. 25 ක්.
ඒත් දැන් ප‍්‍රශ්නය පීඩනය වැඩිවෙන විට ජලය නටන උෂ්ණත්වය වැඩිවෙන්නේ ඇයි? ජලය නටන්නේ එය වායුවක් බවට පත්වන විටයි. එම වෙනස ඇතිවීමට තාපය හැටියට ශක්තිය අවශ්‍යයි. පීඩනය ඉහල යනකොට ජල අණුවලට වාෂ්පීකරණයවී නටන්න වැඩියෙන් තාපය ඕනවෙනවා. එලෙසම පීඩනය අඩුවත්ම තාප අංකයත් අඩුවෙනවා. නිදසුනක් දක්වතොත් ඔබ ජීවත්වෙන්නේ වායුගෝල පීඩන ඒකක එකකට අඩු මුහුදු මට්ටමින් බෙහෙවින් උස තැනක නම් ඔබට බත් තම්බන්න වැඩිවේලාවක් යනවා. ඒකට හේතුව ජලය අඩු උෂ්ණත්වයකදී නටන නිසා ආහාර පිසිම සඳහා මුහුදු මටිටමේදී තරම් ඉක්මණින් රත් නොවන නිසයි.
මේ කාරණාව බත් ඉක්මණින් තැම්බෙන්නේ කන්දක් මුදුනෙහිදී ද? මුහුද යටදී ද? යන්නට පමණක් නොවෙයි ෙවනත් විද්‍යාත්මක ගවේෂණවලදී ද ප‍්‍රයෝජනවත් වෙනවා. ඉදිරියේදී තතු මුහුද යට ජලතාප කවුළු(Hydrothermal Vents) ගැන පළ කරන ලිපියකදීත් මේ ගැන කතාකරන්න අදහස් කරනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.
Dive and Discover, Hydrothermal Vents හි Vent basics ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න