ඔබ, ඔබේ ජාන කවදා හෝ පරීක්‍ෂා කරවා ගෙන තිබේද? ශ්‍රී ලංකාවේ වෙසෙන අපගේ පමණක් නොවෙයි, බොහෝ රටවල ජනතාව මෙයට දෙන පිළිතුර නැත යන්න විය හැකියි. ඊට හේතුව DNA පරීක්‍ෂාව තාම එතරම් ප්‍රචලිත නොවීමයි. ඒ කෙසේ වෙතත් දැන් දැන් විශේෂයෙන්ම භ‍්‍රෑණයන් (fetuses සති 8 කට වැඩි කාලයක් ඇති කලලය ) සහ නව ජාතයන් (newborns) සම්බන්ධයෙන් ජාන පරීක්‍ෂා කිරීම් එන්ට එන්ට ම සුලබ වෙමින්පවතී. දරුවකු ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමාපියන්, විශේෂයෙන් පවුලේ ජානමය වශයෙන් වැළඳෙන රෝග පිළිබඳ ඉතිහාසයක් සහිත දෙමාපියන් දරුවන් ලැබීමට පෙර ජාන පරීක්‍ෂාවන්ට හා ඒ සම්බන්ධව උපදෙස් පැතීමට පෙළෙඹෙන බව සොයා ගෙන ඇත. sickle cell anemia, Tay-Sachs disease, හෝ cystic fibrosis (කෝෂ්ඨ තන්තුමතාව) වැනි නිලීන, ප්‍රවේණිගත රෝග සහිත දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවදානම ගැන ජාන පරීක්‍ෂණ ඇගැයීමට ලක්කොට ජනතාවට උපදෙස් සැපයීමට ජාන උපදේශකයන්ට පිළිවන.genetic

ගර්භාෂයෙන් සෛල සාම්පලයක් ගෙන පිරික්සීමෙන් භ‍්‍රෑණයා පිළිබඳව ජාන පරීක්‍ෂාව සිදු කළ හැකිය. මේ සඳහා ක්‍රමවේද දෙකක් වේ. ගර්භාෂයේ කලල වාරික තරලය මගින් කලල විකෘතිතා විමසා බැලීමේ ක්‍රියාවලිය (amniocentesis) ඉන් එකකි. කලලය වසා ඇති පටලය තුළින් කලල බන්ධනයට සෑදීමට දායක වන නෙරූ නියැදීම අනෙක් ක්‍රමවේදයයි. මොංගල්තාව ලෙස සමහරු හඳුන්වන ඩවුන්ගේ සහලක්‍ෂණය (Down’s syndrome) එනම් අතිරේක ක්‍රෝමසෝමයක් තිබීමෙන් ඇතිවන තත්ත්‍වය පරීක්‍ෂා‍ කෙරෙන්නේ මේ ආකාරයෙන්ය. උපතින් පසු නවජාතයන්ගේ (අලුත උපන් බිළිඳුන්ගේ) එක්තරා ලේ පරීක්‍ෂාවක් සිදු කෙරේ. ඒ රෝග නිර්ණය කිරීමට අපොහොසත් වුවහොත් පසුව මානසික මන්දනය ඇති කරවන රෝගයක් වන,  phenylketonuria යනුවෙන් හඳුන්වනු ලබන රෝගය පරීක්‍ෂා කිරීමටය..

ජාන පරීක්‍ෂාව සියල්ලම යොමු වී ඇත්තේ ළමුන් සම්බන්ධයෙන්ම පමණක් නොවේ. අවයව ප්‍රදානය කරන අය හා ඒවා ලබන්නන් සැසදීම, මාර්‍තෘත්ව හෝ පීර්‍තෘත්වය නිර්ණය කිරීම පිණිස ද පරීක්‍ෂා සිදු කරනු ලැබේ. කෙනෙකු වැඩිහිටි බවට පත්වීමෙන් පසුව හන්ටින්ටන් රෝගය (Huntington’s disease) වැනි ප්‍රවේණිගත රෝග පටන් ගැන්ම (adult-onset) නිර්ණය කිරීමේදී මෙම පරීක්‍ෂා උපකාරී වේ.

පිළිකා රෝග පරාසයක් සම්බන්ධයෙන් ද මේ පරීක්‍ෂණ කරවා ගත හැකිය. මේ පරීක්‍ෂණ මගින් ඍජුවම පිළිකාව ගැන පරික්‍ෂණ සිදු නොකෙරේ. එහෙත් ඒ වෙනුවට පිළිකාවක් වර්ධනය වීමේ හැකියාව වැඩිවීමක් ඒ මගින් දැක්වේ. හැකියාව යනු නිසැකතාවට වඩා අඩු දෙයක් වන අතර අතිරේක විකෘතීන් මගින් පුරනය කරනු ලැබිය යුතු නිසා පිළිකාව වර්ධනය වෙන්නටත් නොවන්නටත් පුළුවන. මේ අතර පිළිකා බොහොමයක් ඊනියා පිළිකා ජාන නොමැතිව කෙනෙකුගේ සිරුර තුළ වර්ධනය වෙයි. නිදසුනක් ‍දක්වතොත්, පියයුරු පිළිකාවට ඈඳී ඇති BRCA 1 සහ BRCA 2  යනුවෙන් හැඳින්වෙන ජාන ප්‍රභේද දෙක සම්බන්ධ පියයුරු පිළිකා අවස්ථා 5%කට පමණක්ය.

ජාන පරීක්‍ෂාව් සිදුකිරීමට තීරණය කිරීමේදී තවත් අරුත්ද එකතුවිය හැකිය. වයස අවුරුදු 40 දී පමණ මාංශපේශී පාලනය ගිලිහීගොස් ජීවිත කාලය කෙටි වන බවක් ජාන පරීක්‍ෂණයක් මගින් කෙනෙකුට හෙළි කරා යයි සිතමු. ප්‍රතිකාරයක් නොමැති හන්ටින්ටන් රෝගයේදී සිදුවන්නේ මෙයයි. බාගදා එම තැනැත්තා එය නොදැන සිටින එක හොඳ විය හැකියි. අනෙක් අතට, දරුවන් හදනවාද එසේ නම් ඒ කොයි කාලයේ දී ද වැනි ජීවිතයට අදාළ තීරණවලට මෙම තොරතුරු වැදගත් විය හැකිය.

ජීව චිපය (Biochips)BC

DNA පෙළ (DNA arrays or microarrays) යනුවෙන් ද හැඳින්වෙන ජීව චිප ජාන පරීක්‍ෂණ පුළුල් පරාසයක් සරලව සිදු කිරිමට මෙන්ම කඩිනමින් සිදු කිරීමට මගපෑදෙතැයි විශ්වාස කෙරෙන නව තාක්ෂණයකි. සෑම කුඩා කදාවකම DNA සෙවුම් උපකරණ පේළි, පේළි ඇති අතර ඒවා මගින් විශේෂිත DNA අනුක්‍රම නිර්ණ හෝ විකුර්තින් ඇත්දැයි සොයා බැලේ. ජීව චිපයකින් එකවර විකෘතීන් දහස් ගණනක් පරීක්‍ෂාවට ලක් කළ හැකිය. ජානමය හැඳුනුම්පත් සැකසීමේ ප්‍රථම පියවර ජීව චිප විය හැකිය. සාමාන්‍යයෙන් අද බහුලව භාවිත කරන ණය පත් ගැන සිතන්න. මෙයත් ණය පතක් බඳු වුවත් එහි ඇත්තේ ඔබේ ජානමය තොරතුරු සියල්ලයි. වෛද්‍යවරයෙකුට එම DNA දත්ත උපයෝගී කර ගනිමින් ඔබට සැපයෙන වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම වඩාත්ම යෝග්‍ය ඖෂධය සහ මාත්‍රාව තීරණය කිරීමට හැකිවේ.

Understanding Genetics Project of The Tech Museum of Innovation, Department of Genetics, Stanford School of Medicine හි Genetic Testing  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending