අද පුර පසළොස්වක. අද අපට දිස්වන්නේ පූර්ණ චන්ද‍්‍රයායි. වෙනදා පායනවාට වඩා සඳ පූර්ණව, වටකුරුවට පේනවා. ඒත් සිතිජය අසළ දි අපට සඳ අහසේ දි පේනවාට වඩා විශාලව පේන බව ඔබත් දන්නවා ඇති. අනික් බොහෝ දේවල් වගේ මෙයත් අප කවුරුත් දන්නා කාරණාවක් නිසා ඉන් ඔබ්බට හිතන්න අප පෙළඹෙනවා අඩුයි. ඇත්තටම ක්ෂිතිජය අසළදී චන්ද‍්‍රයා විශාලව පේන්නේ ඇයි? එතැනට පැමිණෙන විට චන්ද‍්‍රයා ඇත්තටම විශාල වෙනවාද? අපි සොයා බලමු.
චන්ද‍්‍රයා ක්ෂිතිජය අසළදී සාමාන්‍යයට වඩා විශාලව පේන බව මානවයන් දන්නේ අනාදිමත් කාලයක සිටයි. අඩු තරමින් ක‍්‍රිස්්තු පූර්ව 4 වැනි සිය වසේ ඇරිස්ටෝටල්ගේ කාලයේදිත් ඒ බව දැන සිටියා කියලා ස්තිරවම කියන්න පුළුවන්. හැබැයි ඒ එක්කම කිව යුත්තේ සඳ අහසේ මුදුන් වෙලා ඉන්න වෙලාවේදිත් ක්ෂිතිජය අසළදීත් ප‍්‍රමාණයෙන් වෙනසක් නැති බවයි. මෙම ද්විධාකරණය(dichotomy)හඳුන්වන්නේ “සඳ මායාව” යනුවෙනුයි.
ටොලමි ප‍්‍රමුඛ සෙසු අය මෙම සංසිද්ධිය ආරෝපණය කළේ වායුගෝලය හේතුවෙන් සිදුවන වර්තනයටයි. එහෙත් ඇත්තටම මෙය වැරදි සහගතයි. මේ සංසිද්ධියට පාදක වන හේතුව ස්තිර සහගතව පැහැදිලි කිරීමට නොහැකි වුණත් පොදුවේ පිළිගෙන ඇති මතය වන්නේ එය හුදෙක් සංජානනයේ බලපෑමක් බවයි. සරලව කල්පනා කරලා බැලුවත් තේරෙන්න ඔ්න එක එක තැනදී සඳේ ප‍්‍රමාණය කොහොමටවත් අඩු වැඩි වෙන්න බෑ කියලා. එහෙම නම් මොකක්ද මේ වෙන්නේ?
විද්‍යාඥයන් බොහෝදෙනෙකු තර්ක කරන්නේ චන්ද‍්‍රයා විශාලව පෙනීම හුදෙක් අපේ මනසින් සිදුවන දෙයක් බවයි. අප දකින දේවල් සංජානනය කරගන්නා ආකාරය අනුව ඇතිවන විකෘතීන් බවයි. වෙනත් අන්දමට කීවොත් මායා සංජානනය(illusions of perception) අනුව මෙය සිදුවෙයි.
ඉහත ඡුායාරූපය දෙස බලන්න. එහි පිටු පස සිටින්නා ඉදිරියෙන් සිටින්නාට වඩා ලොකුවට පේනවා නේද? ඒත් දෙන්නාම ප‍්‍රමාණයෙන් සමානයි. ඒත් කොරිඩෝව දකින ඔබේ මනස තීන්දු කරන්නේ පිටුපස තැනත්තා ඉදිරිපස තැනත්තාට වඩා ඈතින් සිටින බවයි. ඉතින් ඒ වැඩිවන දුරට පිරිමහින්න ඔබේ මනස පිටුපස සිටින තැනත්තාගේ ප‍්‍රමාණය විශාලව පේන ආකාරයට සමායෝගීකරනවා(හරිගස්සනවා). මේ සංසිද්ධිය හoqන්වන්නේ ප‍්‍රමාණ ඒකානුකූලතාව හෙවත් ප‍්‍රමාණ සංගතතාව (size constancy) ලෙසටයි. ඉතින් මනසින් අප දකින්නේ අපේ හිසට උඩින් එක එල්ලේ ඇති අහසට වඩා සිතිජය බොහෝ ඈතින් පිහිටා ඇතැයි කියලයි. එ නිසා ඒ දුරට පිරිමහින්න අපි සඳ සිතිජයේදී වඩා විශාලව දකිනවා යන්නයි මේ සම්බන්දව විද්‍යාඥයන් අතර ඇති එක් මතයක් වන්නේ.
මේ තවත් මතයක්: ආසන්නව තිබෙන විට අපේ දෘෂ්ඨි පථයට ගහ කොළ ගොඩනැගිලි ආදියත් හසුවෙනවා. එ නිසා සඳ හුදකලාව හිස් අහස් තලයේදී පෙනෙනවාට වඩා විශාලව පේනවා විය හැකියි කියලයි ඇතැම් විශෙෂඥයන් අදහස් කරන්නේ.
BBC Knowledge – October 2015 සහ How Stuff Works හි ලිපි අැසුෙරනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න