නිවසට ගෙනෙන කොයි දේටත් වගේ බෑග් පාවිච්චිවෙනවා. බෑග් එක්කෝ අපි අරගෙන යනවා. නැතිනම් වෙළඳ සල් හිමියන් අපට දෙනවා. ඉතින් අප පාවිච්චිි කළ යුත්තේ කඩදාසි බෑග් ද? ප්ලාස්ටක් බෑග් ද? කියලා ඇහුවොත්…?
මේ ප‍්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් විය හැකි ද? ඒ ගැන හිතන්න කලින් අපි මීට අදාල කරුණු කාරණා ටිකක් සලකා බලමු.
කඩදාසි බෑගය සෑදීමට අනෙක් කඩදාසිවලට මෙන්ම දායකවන්නේ ගස්ය. ගස්? ඔව් ගස් කපා අඹරා සාදා ගන්නා පල්පයෙන් තමයි කඩදාසි නිපදවන්නේ. ඒත් පරිසරය සුරැුකීමට නම් ඉතින් ගස් කැපීම සිමා කරන්න ඔන. මොකද අප ආශ්වාස කරන ඔක්සිජන් සපයා ගැනීමට උපකාරී වෙන්නේ ගස් තමයි. ඒ වගේම සතුන්ට ජීවත් වීම සඳහා නිවහන හා ආහාරත් ගස් මගින් සැපයෙනවා.
ගස් කපන්නේ නැතුවත් කඩදාසි බෑග් නිපදවිය හැකියි. ඒ ප‍්‍රතිචක‍්‍රීකරණය ලද කඩදාසිවලිනි. ඒ කියන්නේ වරකට වඩා පාවිච්චි කළ කඩදාසියි. එහෙම වෙනකොට නම් තව ගස් කපන්න ඔ්න වෙන්නේ නැතිවෙයි. ඒ වුණාට ප‍්‍රතිචක‍්‍රීකරන ක‍්‍රියාවලියටත් බලශක්තිය වැයවෙනවා. ි පරණ කඩදාසි ප‍්‍රවාහනය කරන්නත් බලශක්තිය ඹ්න.
ඔය කියන හැටියට නම් කඩදාසි බෑග් එපා කියන්න වෙනවා.
එතෙකාට අනෙක් විකල්පය තමයි ප්ලාස්ටික්. ප්ලාස්ටික් කඩදාසි මෙන් සජිවි දෙයකින් තනන්නක් නොවෙයි. ප්ලාස්ටික් මිනිසුන් විසින් තනනු ලබන දෙයක්. මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබන තුරු ප්ලාස්ටික් මේ ලෝකයේ කිබුණෙත් නැහැ. ඒවා නිපදවන්න ගස් කපන්නත් ඔනෑ නැත්නම් බෑග් සඳහා හොඳම විකල්පය ප්ලාස්ටික් නේද?
නැහැ, ඒෙහම නැහැ.
ප්ලාස්ටික් ගැන තියෙන ප‍්‍රශ්නය එය ස්වාභවික දෙයක් නොවීමයි. එය කිසිම පාරිසරික පද්ධතියකට අයත් නැහැ. ඒවා කිසිවෙකුත් ආහාරයට ගන්නේ නැහැ. වසර සිය ගණනක් නොවෙයි දහස් ගනණක් පවා විනාශ නොවි පවතිනවා. වීසි කළත් නැතිවී යන්නේ නැහැ.ප්ලාස්ටික් බෑග් බරෙන් අඩු නිසා සුළගේ පාවි නොයා යුතු තැන් වල ගොස් නවතිනවා වැඩි ප5මාණයක් නතර වන්නේ මහා මුහුදෙන් ඉතින් එහෙම වෙනවාට කවුද කැමති.
ඒ විදිහට බලන කොට ප්ලාස්ටික් බෑග ගන්නත් බැහැ. එහෙම නම් මොකද කරන්නේ?
දැන් ඔන්න ප‍්‍රශ්නයට පිළිතුර: ගෙදරින් අරගෙත යන නැවත පාචිව්වි කළ හැකි බෑගය. එවැන්නක් ඔබ කැමති වාරයක් නැවත නැවත පාචිව්වි කළ හැකියි. අහක දමන්න ඔ්නත් නැහැ. ගෙදරට බඩු ගේන බෑගයක් ගෙදර දීම හදා ගන්නත් පුඵුවන්. පරණ ටී ෂර්ට් එකකින් වුණත් ( ඒවැන්නක් හදන අන්දම ෙමතැනින් http://climatekids.nasa.gov/tshirt-bag/ )
NASA Climate Kids හි Paper or Plastic? ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න