1996 දී උපතින්ම HIV ආසාදිත බිළිඳියකට ඒඩ්ස් මර්දන ඖෂධ ලබාදීම ඇරඹිණ. එහෙත්, ඇයගේ වයස අවුරුදු හයේ දී ඇගේ පවුලේ අය ඇයට මෙම ප්‍රතිකාර ලබාදීම නතර කළේ වෛද්‍ය උපදෙස් නොතකා හරිමිනි. ඊටත් වසර 12 ක් ගිය තැන මේ ප්‍රංශ යුවතිය ඇගේ ලේවල කිසි වෛරයසයක් නොමැතිව හොඳ සෞඛ්‍යයෙන් පසුවන්නීය. මෙම අසාමාන්‍ය අවස්ථාව ගැන කැනඩාවේ වැන්කුවර් නුවර පැවැති අන්තර්ජාතික ඒඩ්ස් සම්මේලනයට වාර්තා කෙරුණු අතර අනෙකුත් HIV ආසාදිත අයට සිය ආසාදනය ප්‍රතිරෙට්‍රෝ වෛරසය ඖෂධ (ARV) නොමැතිව පාලනය කර ගන්නේ කෙහේද යන්න ගැන යම් උපකාරයක් සැපයීමට මඟ පෑදිය හැකිය. එමෙන්ම ඒඩ්ස් වැක්සීන (එන්නත්) වැඩි දියුණු කරන්නන්ට ඒඩ්ස් රෝගය පිළිබඳව ඇතුළු නුවණ ලබාදීමට ද හැකිය.

‘ප්‍රභූ ප්‍රතිපාදකයන්’ (elite controllers) ලෙස හඳුන්වනු ලබන, කිසිදිනක ප්‍රතිරෙට්‍රො වෛරස ඖෂධ නොගත් එහෙත් ඵලදායි ලෙස සිය ආසාදනය මැඩ පවත්වා ගන්නා අය පිළිබඳව මෙන්ම ‘මිසිසිපි බබා’ වැනි ‘පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපාදකයන් (post treatment controllers)යන ARV  ඖෂධ ගැනීම අතර මග නතර කරන්නන් ගැන කලින් වාර්තාවල සඳහන් විය. CNN_HIV_baby-300x168(‘මිසිසිපි බබා’ ARV ඖෂධ ගැනීම වයස මාස 18 දී නතර කර ඇති අතර වසර දෙකකට වැඩි කාලයක් වෛරසය නොමැතිව ගත කළ බවත් පෙනිණි. 2013 වන විට පර්යේෂකයෝ බොහෝ දෙනෙක් අදහස් කළේ ඒ දරුවා ‘සුවවී’ ඇති බවයි. එහෙත් ප්‍රතිකාර නවතා මාස 27 ක් ගත වූ තැන HIV වෛරසය තදින් ආපසු පැමිණියේ ය.)

ප්‍රංශ යුවතියද සුවය ලබා නොමැති බව දැන් පැහැදිලිය. ඇගේ ප්‍රතිශක්ති සෛලවල HIV DNA  ඇති බවට ප්‍රබල සංඥා ඇති අතර වෛරසය නිපදවීමට ඒවා පොළඹවීමට හැකි බව පැරීසියේ පාස්චර් ආයතනයේ වෛරස ප්‍රතිශක්තිවේදී Asier SáezCirión පවසයි. එහෙත්, ප්‍රතිකාර කිරීමෙන් ඈත්ව මෙපමණ කාලයක් නිදැල්ලේ සිටීමට හැකි වූ එකම තැනැත්තිය එම ප්‍රංශ යුවතියයි. ‘ඒක එහෙම වුණේ ඇයි කියන්න අපි දන්නේ නැහැ’යයි Asier SáezCirión කියයි. වැඩිහිටියන් ලෙස HIV  වැලදී ARV වලින් ඈත්ව සිටි‍යත් වසර ගණනාවක් යන තුරු වෛරසය ආපසු බෝ නොවුණු මෙම මිනිසුන් කණ්ඩායමෙන් යම් හෝඩුවාවක් සොයාගැනීමට ඉඩ තිබේ. මොවුන් හැඳින්වෙන්නේ විස්කොන්ටි සමූහය (VISCONTI cohort) ලෙසිනි. මේ කණ්ඩායමට අයත් වැඩිහිටි 14 දෙනාම ආසාදිත වූ අලුතම රෝග නිර්ණය කරනු ලැබූවන් ය. ඒ සමගම ඔවුහු ARV ලබාගැනීම ආරම්භ කළ අතර සාමාන්‍යය ගතහොත් වසර තුනක කාලයක් එම ඖෂධ දිගටම ගත්හ. එහෙත් Asier SáezCirión සහ සගයන් PLOS සඟරාවට 2013 මාර්තු මාසයේ දී ‍ලිපියක් සපයමින් කියා සිටියේ විස්කොන්ටි සමූහයේ සාමාජිකයන් ඒ වන විට සාමාන්‍යයෙන් වසර 7 ක කාලයක් ARV වලින් ඈත්ව සිටි බවයි.

විස්කොන්ටි සමූහයේ සාමාජිකයන් හා ප්‍රභූ ප්‍රතිපාදකයන් අතර කැපී පෙනෙන වෙනසක් දැකිය හැකිය. කිසිදා ප්‍රතිකාර නොලැබුවත් ප්‍රභූ ප්‍රතිපාදකයන් තුළ ආසාදිත වූ මුල් සති කිහිපයක තුළ වුවද ඉහළ වෛරස මට්ටමක් වර්ධනය නොවෙයි. මේ ‘හැකියාව’ ගැන පැහැදිලි කළ හැකි එක් තනි සාධකයක් නැතත්, ආසාදිත සෛල ඉවත් කරන CD 8 ලිම්පොසයිට (වසා සෛල) ඉහළ මට්ටමකට ගෙන ඒමට බොහෝ දෙනෙක් ජානමය වශයෙන් පෙර නැඹුරුවක් දක්වති.

විස්කොන්ටි සාමාජිකයන් වැනි පශ්චාත්ප්‍රතිකාර ප්‍රතිපාදකයන්ගේ ආසාදිත වූ විගසම වාගේ වෛරස මට්ටම ඉහළ මට්ටමකට යයි. ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ශීස්‍රයෙන් පිරිහෙයි. වෛරසයට දුර්වල මට්ටමක අනුවර්තී ප්‍රතිචාර දැක්වීමට මගපාදන ජානමය පසුබිමක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ පෙර නැඹුරුවක් ඇත. 9D73B8D0-8FE5-4A0F-999F9D3DCF5E315C_articleරෝගී ජනතාව තුළ වෛරස DNA කුඩා සංචිත ඇත්නම් HI වෛරස පැතිරීම වැළැක්වීමට තරම් බලගතු සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන්නන්ගෙන් ඒ වෙනුවට ඔවුන්ට පිහිට ලැබෙනවා විය හැකි යයි Asier SáezCirión පවසයි. මේ කාරණාව විස්කොන්ටි සමූහයට ගැළපෙනවා විය හැක්කේ ඔවුන්ට වෛරසය ආසාදිත වූ විගසම ප්‍රතිකාර ආරම්භ කෙරෙන හෙයිනි.  ඖෂධ ලබාදීම ආරම්භ කිරීමටත් පෙරම සංචිතයේ ප්‍රමාණය සීමා කිරීමට පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපාදකයන් තුළ දුර්වල ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇති කිරීමට ආධාර වීම තවත් හැකියාවකි. මෙය එක්තරා අන්දමට සහජ ඥානයට පටහැනියි. HI වෛරසය වරණාත්මකව ඉලක්ක කරන්නේ සහ ආසාදිත කරන්නේ ආසාදනයන්ට එරෙහිව සටන් වදින ශ්වේතාණු CD 4 ශ‍්වේතාණුය. වෛරයසය වෙත දුර්වල CD 4 ප්‍රතිචාරයක් දක්වන්නේය යන්නෙන් හැගෙන්නේ එම වෛරසයට ආසාදනය කිරීම සදහා ඉලක්ක අඩු යන්නය. සිදුවිය හැකි තුන්වැන්න නම් ඇතැම් පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපාදකයන්ට HI  වෛරස දුර්වල විපරිත රූපයකින් ආසාදිතව ඇත යන්නයි.

ප්‍රංශජාතික තරුණ කාන්තාවගේ රෝග තත්වයත් එමෙන්ම එය මිසිසිපි බබ ගේ කතාව හා ගැළපෙන ආකාරයන් ගැන තමන් කුතුහලයටත් විශ්මයටත් පත්ව ඇතැයි ඇන්තනි ෆොයිඩ් ප්‍රකාශ කරයි.  හෙතෙම එක්සත් ජනපද  අසාත්මිකාතා හා බෝවෙන රෝග ජාතික ආයතනයේ ප්‍රධානියාය. ‘’බාගදා අලුතෙන් ප්‍රංශයෙන් වාර්තාවුණු ආකාරයටම මිසිපි දරුවාද වෛරසය පාලනය කරනගන්නා විය හැකියි. මා ඉන්නේ විවෘත මනසකින්’’ ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

SCIENCE July 24, 2015(American Association for the Advancement of Science) හි  Child fights HIV to a draw ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending