මුනිදාස කුමාරතුංගයන්ගේ හීන් සැරය කියවු අය නම් අලියට කිවිසුම් ගියේ ඇයි කියලා දන්නවා. හැබැයි ඉතින් හැම අලියෙකුටම කිවිසුම් යන්නේ කටුස්සෙක් නාසයේ(ඔව් හොඩවැල තමයි අලියාගේ නාසය) ගිහිල්ලම නෙවෙයි. අනික සතුන් අතරින් කිවිසුම් අරින්නේ අලි විතරක් නොවෙයි. අප දන්නා බල්ලන්, බළලුන් වැනි ගොඩ බිම සතුන් පමණක් නොවෙයි මුහුදු තලගොයි(marine iguana) පවා කිවිසුම් අරින බව විශේෂඥයෝ කියනවා.

ක්ෂීරපායියන් කහින්න උගුරු මග ද කිවිසුම් සඳහා නාසා මග ද යොදා ගන්නා බව බ‍්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ භෞතවේදී බිල් මිල්සම් පවසනවා. නාසා මාර්ගයේ ඒ කියන්නේ මිනිසුන්ගේ නම් නාසයද අලින්ගේ නම් හොඩවැලෙහි ද උත්කෝපනය ඇති කරවන  යමක් දෙකොනින් කොයි කොනෙන් වුණත්, බැහැරින් යමක් නාස් විවරෙයන්  හෝ අභ්‍යන්තරෙයන් උගුර පිටුපසින්  අතුල් වුවහොත් කිවිසුම් යනවා. දිරවීමට සුදුසු ලෙස මුඛය තුළදි ආහාර සකස් කරන්නේ ක්ෂීරපායීන් පමණක් බව පෙන්වා දෙන මිල්සම් උරගයන් වැනි අනෙක් සතුන් ආහාර කෙලින්ම හෝ හපා ගිලදමන අතර හුස්ම ගැනිම ඒ මොහොතේ තාවකාලිකව නතර කෙරෙන බව කියයි. හැබැයි ක්ෂීරපායින් වන අපි හුස්ම ගන්නා අතරම ආහාර කුස තුළට යවන නිසා ඉන් යමක් ඉඳහිට හෝ උගුර පිටුපසින් නාස්  මාර්ගයට ඇතුල් වුණොත් ඉස්පොල්ලේ යාම  හෝ කටුස්සෙක් නොවුණත් දුවිලි වැනි යමක් හෝ බැහැරින් නාස් මාර්ගයට ඇතුල් වුණොත් එය ඉවත් කිරීමට සිරුරට අවශ්‍යවෙනවා. අන්න ඒ වෙලාවට පෙනහළුවල වාතය නාස් මාර්ගයෙන් තදින් පිටකිරීමෙන් නාස් මාර්ගයට අතුල් වු දේ පිට මං කිරීමට ගන්නා උත්සාහය තමයි දකින්නේ කිවිසුම ලෙස. අලියාගේ නාස් මාර්ගය විශාල නිසා කිවිසුමත් ‘අලි කිවිසුමක්’.

කිවිසුම් යැවීමට පෙළඹෙන්නේ ගොඩබිම සතුන් පමණක් නොවෙයි. නැවත් හුස්ම ගැනීම පිනිස තම වා මගෙන් ජලය ඉවත් කර ගැනීමට කිවිසුම් යැවීමට සමාන ක‍්‍රියාවලියක් සුදුකරනවා. ඒ තබා මත්ස්‍යයන් ද සිය කරමල තුළ හිරවී ඇති දෑ ඉවත් කිරීමට එවැන්නක් සිදු කරනවා. ඒ වුනාට කෘමීන් මෙම කිවිසුම් සමාජයට ඇතුළත් නැතුව ඇති බවයි ලස් වේගාස් හි නෙවාඩා විශ්ව විද්‍යාලයේ කෘමි ඇලන් ගිබ්ස් පෙන්වා දෙනවා. අපෘෂ්ඨවංශයන්ට ද සිය ශ්වසන පද්ධතිය තූළ වාතය එහෙමෙහෙ කිරීමට හැකියාවක් ඇතත් එය ‘කිවිසුම්යාමක්‘ ද කියන්නම බැහැ.

දැන් අන්තිම ප‍්‍රශ්නය: අලියා වතුර බොන්නේ කුමන අවයවයකින් ද?

elephant_no__2_by_superstinkwarriorගඳසුවඳ දැනගැනිමට, ස්පර්ශ කිරීමට, යම් යම් දේ රැුගෙන යාමට මෙන්ම හුස්ම ගැනීමටත්, ඔව් කිවිසුම යැවීමටත් අලි ඇතුන් නාසය – ඔව් හොඩවැල යොදාගත්තාට අලින්ද වතුර බොන්නේ අපි වෙග්ම කටින්ම තමයි!

 

 

National Geographic හි How Do Elephants and Other  Animal’ s Sneeze?  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending