බෙහෙවින් ප්‍රාග් පරිණතව (නොමේරු) හෝ අඩුබර ඇතිව උපදින දරුවන් වැඩිහිටිබවට පත්වූවිට සමාජීය වශයෙන් කොන් වූ පෞරුෂත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවෙයි. එක්සත් රාජධානියේ සෑම වසරකම උපදින දරුවන් අතරින් සියයට 12 ක් පමන ප්‍රාග් පරිණතව උපදිති. පිළිසිඳ සති 32 කට කලින් උපදින බෙහෙවින් ප්‍රාග් පරිණත(severely premature) සංඛ්‍යාව සියයට 1-2ක් වේ. වසරකට උපත් හත් ලක්ෂයක් පමණ  සිදුවන එක්සත් රාජධානියෙහි මෙය සැලකිය යුතු සංඛ්‍යාවකි. ඉගෙනීමේ දුබලතා සහ ඇතුළුව ජීවිතයේ පසු කලකදී ගැටලු ගණනාවකට ප්‍රාග් පරිණත උපත් හේතුවන බව ප්‍රකට කරුණකි. දරුවන් ක්‍රමයෙන් වැඩෙද්දී ඔවුන්ගේ පෞරුෂය කෙරෙහි ප්‍රාග් පරිණත උපත් කෙසේ බලපාන්නේ දැයි දැන් වොර්වික සරසවියේ මහාචාර්ය ඩයිටර් වෝක් ඇතුළු සගයන් විසින් සොයා බලා තිබේ. එවැනි අධ්‍යයනයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙවැනි ළමුන් බොහෝ සමාජයීය වශයෙන් නිෂ්කර්ෂණ ස්වීත්වයක් (socially withdrawn personality) ලෙස හඳුන්වන තත්වයට පත්වන බව පර්යේෂක කණ්ඩායමට පෙනී ගොස් ඇත. ප්‍රාග් පරිණත උපත් ලබා වැඩිහිටි භාවයට පත් පුද්ගලයන්, ජීවිතයේ පසුකලෙක ස්වීයත්ව ආබාධ පරාසයක් පෙන්නුම් කරන බව වෝක් ප්‍රමුඛ කණ්ඩායමේ පර්යේෂණවලින් අනාවරණය වෙයි. මේවා අතර කාංසාව හා ස්නායු ව්‍යාකූලතාව වැඩිවීම අවදානම්  දැරීම අඩුවීම, සංවාදයක් පවත්වාගෙන යාමේ අපහසුතාව වැනි වික්ෂිප්ත චින්තන ලක්ෂණ (බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්‍වයක් ෙහවත් ස්වේච්ඡතා) දක්වයි. එවැනි වැඩිහිටියන් සිය වෘත්තිය ගමන් මගෙහි මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතාවලදී බොහෝ විට අත්දකින අපහසුතා මෙමගින් පැහැදි කර ගත ‍හැකිවේ. එවැන්නන්ට ඉහළ වැටුප් සහිත රැකියා ලබාගැනීමේ අවස්ථා හීනවන අතර යාළු මිත්‍රකම්(සහකරුවන්)  ඇතිකර ගැනීමේදී වැඩියෙන් අසීරුතාවලට මුහුණ දෙති.

දකුණු දිග ජර්මනියේ උපත ලද ළමුන් විශාල සංඛ්‍යාවක් ගැන උපතේ සිට වයස අවුරුදු 26 ක් වන තුරු වෝක්  මෙම අධ්‍යයනයේ දී සොයා බැලීය. මොවුන් අතරින් 200 දෙනෙක් බොහෝ සෙයින් අපරිණතව හෝ බොහෝ සෙයින් අඩුබරව උපන් අය වූ අතර  197 දෙනෙක් සාමාන්‍ය උපත් ලාභීහුය. වයස අවුරුදු 26 දී මොවුන් සම්මුඛ පරීක්‍ෂණවලට ලක්කෙරුණේ ප්‍රධාන අංග 5ක් තුළ ඔවුන්ගේ ස්වීයත්වය නැඹුරුකම් (personality traits) නිර්ණය කිරීම පිණිසය. අන්තර්වර්තණය (introversion) හෘදය සාක්ෂිතාව (conscientiousness) මනාපතාව (agreeableness) නියුරෝසිකාව (neuroticism) හා අලුත් දේ අත්විඳීමට ඇති කැමැත්ත ඇතුළුව) අවදානම් දැරීම එම අංග 5යි.

april_2008_preemies_ACA1898නිසි කල උපත ලද අයට වඩා ප්‍රාග් පරිණතව උපත ලබා වැඩිහිටියන් බවට පත්වූවන් වඩාත් තමා තුළටම යොමුවන බවත්,  ස්නායු විපරිත බවින් යුක්ත බවත් පෙනී ගොස් ඇත. ඔවුන්ගේ උද්‍යෝගය හා (යමකට ඇති) මනාපය අඩුය. අවදානම් දැරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලිංගිකත්වය, සමාජ ආර්ථික තත්ත්වය හා බුද්ධිඵලය යන අංගවලින්  ස්වාධීනය. ස්වීයත්වය කෙරෙහි ඇති මෙම බලපෑම් ඇතිවීමට තුඩු දෙන හේතු ගණනාවක් තිබිය හැකිය. ප්‍රාග් පරිණත උපත නිසා සහ කිරිකැටි වියේ උපස්ථානය(neonatal care) හේතුකොටගෙන ඇතිවන  මොළයේ ව්‍යුහයේ වෙනස්කම් සම්බන්ධ විය හැකිය. ඉතා අඩු මාස ගණනකදී (ඒ කියන්ෙන්, බොහෝ ‍සේ ප්‍රාග් පරිණතව(severely premature)) උපත ලද විට ‘එම බිළිඳු දරුවාට’ හුස්ම ගැනීම වැනි (එවැනි අඩුවයස් අවස්ථාවකදී) ‘’සාමාන්‍යයෙන් නොකරන දේ කිරීමට මොවුන්ගේ අවයවවලට බලකෙරේ’’ යනුවෙන් වෝක් පවසයි. මෙය මොළය කෙරෙහි ව්‍යුහාත්මක බලපෑමක් ඇතිකරන අතර නෛසර්ගික වෝල්නට් ගෙඩි හැඩය ගැනීමට බලපාන බාහිකයේ නැමීම අඩුවීමට හේතු වේ.

මීට අමතරව තවත් හේතු තිබිය හැකිය. ප්‍රාග් පරිණත ළමුන් උපතින් පසු ආපසු නිවසට ඒමට පෙර රෝහලක දැඩි සත්කාර ඒකකයක සැලකිය යුතු කාලයක් ගත කිරීමට සිදුවේ. මෙම කාලසීමාවේදී මොවුන් බොහේ විට ඉන්කියුබේටරයක තබන අතර දෙමාපියන්ගේ තුරුලේ උණුසුම ඔවුනට අහිමි වේ. බිළිඳුන්ට බොහෝ විට අහර සැපයිය යුත්තේ නැහැයෙන් ආමාශයට ලබාදෙන (naso-gastric නාස් ආමාශයික හෙවත් නාසික ජඨරීය) ටියුබයක හෝ ඇතැම් විට කෙළින්ම රුධිර වාහිනිය හරහා පවා විය හැකියි. එමෙන්ම ශ්වසනයේදී ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ඔවුනට උපකාර අවශ්‍ය වේ. මේ සඳහා ඔවුන්ගේ අත්වලට හෝ නාසයට ටියුබ  සවිකළ යුතු අතර එය නව ජාත දරුවාට අතිශය පීඩනයකි.

මෙය දෙමාපියන්ට ද මානසිකව පීඩාකාරී අවධියකි. මෙනිසා දෙමාපියන් තම දරුවන් වැඩිවියට පත්වෙද්දී වුවමනාවට වඩා ආරක්ෂා කිරීම  පෙළඹියහැකි යයි වෝක් කියයි.  එහි ප්‍රතිඵලය වන්නේ ස්වීයතා(පෞරුෂය) ගැටලු වඩා සංකීර්ණ වීමයි. නිර්කර්ෂණ ස්වීයත්වයක් (withdrawn personality) තිබීම යන්නෙන් අදහස් වන්නේ එම දරුවන් පාසලේ දී ද වඩා නිහඬ, කුළෑටි (තමන්ගේ පාඩුවේ ඉන්නා) අය වීමය. එවිට ඔවුන්ට ගුරුවරැන්ගේ සැලකිල්ල යොමු නොවීමේ හැකියාව, නැඹුරුව වැඩියි. එමෙන්ම එම ළමුන් නොමනා විහිළු තහළුවලට හිරිහැරවලට ද ලක්වීමේ හැකියාව ද වැඩිය. එය විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරමින් එම ළමයින් තව තවත් හුදකලා වීමට බලපායි.

ඉතින් මේ ගැන අපට කළ හැක්කේ කුමක්ද?  ප්‍රාග් පරිණත උපත් සහිත ළමුන් සිටින දෙමාපියන් සමාජ සම්බන්ධතා ගොඩනැගීමට අවකාශ සැලසෙන පරිදි මිතුරු මිතුරියන් ඇසුරට වඩාත් ඔවුන්ව යොමු කළ යුතුය. මෙවැනි ළමුන් ගැන ගුරුවරැද සැලකිල්ලෙන් සිට ඔවුන් කොන් කිරීම හා හිරිහැරවලට බඳුන්වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතුය.

Naked Scientists හි Premature birth affects personality ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending