දීර්ඝ කාලීන මෙහෙයුම් සඳහා අභ්‍යාවකාශ ගතවන අභ්‍යවකාශගාමීන්  සිය ආහාරය සඳහා මෙන්ම ආශ්වස ප‍්‍රාශ්වාස කිරීම සඳහා ද මතු යම් දිනක ගහකොළ  වගා කරනු ඇති අතර එසේ වගා කෙරෙන ශාකවල කෑමට ගැනීමට නොහැකි කොටස්  ජෛව ඉන්ධන, ආහාර, රසායනික ආදී විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනීමට හැකිවේ.

ශාකවල අහක යන කොටස්  ජෛවනැනෝ තාක්ෂණය (bionanotechnology)නැමැති නව ක‍්‍රමවේදය උපයෝගීකරගෙන ආහාර සහ ඉන්ධන බවට පරිවර්තනය කරගන්නා අන්දම ගැන කැලිෆෝනියාවේ අමෙස් නාසා පර්යේෂණන මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ පර්යේෂණ සිදු කරනවා. කෑමට නොහැකි ශාක කොටස් භාවිත කළ හැකි සීනි ලෙසට බිඳලන ස්විභාවික එන්සයිම සංකීර්ණයක් අනුව යමින් සැකසු බහු කාර්යන් සහිත එන්සයිම ව්‍යුහයන් එම පර්යේෂකයෝ එකලස් කරමින් සිටිති. ‘’ අපතේ යන දෑ සම්පත් බවට හැරවීම අපේ අරමුණයි’’ අමෙස් පර්යේෂණ විද්‍යාඥ චැඩ් පාවෝලා පවසයි ‘’සෙලියුලෝස් සීනි බවට හැරවීමේ ක‍්‍රියාදාමයක අපි නිරතව ඉන්නවා. තිරිගු පිදුරු, ධාන්‍ය නටු, කාෂ්ඨීය ද‍්‍රව්‍ය ඇතුළුව සියළුම ශාක වල සුලබව දක්නට ඇති දෙයක් තමයි  සෙලියුලෝස්. එහි සිනි, ආහාර, ඉන්ධන හෝ රසායන වැනි වෙනත් සම්පත් බවට පරිවර්තනය කළ හැකියි’’.11869_48_pan-am-food

කෙසේවෙතත්, සෙලියුලෝස්වල ඇති සීනි වෙත ප‍්‍රවේශවීම පහසු නැහැ. ඊට හේතුව බිදීමට අපහසු බහුඅවයවයක(polymers) නම් ව්‍යුහයන් ලෙස පිළිවෙළකට ඒවා සකස්වී ඇති නිසයි. ස්වභාව ධර්මයේදී සෙලියුලෝසම (cellulosomes)නම් එන්සයිම සංකීර්ණ තමයි සෙලියුලෝස් ප‍්‍රයෝජනවත් සීනි බවට හැරවිය හැකි වඩාත්ම ඵලදායී ක‍්‍රමයක් ලෙස සැලකෙන්නේ. ඉතින් ස්වභාව ධර්මය අනුපිටපත් කරමින් ස්වයංඑකලස්කිරීමේ පලංචියක් මත බහු එන්සයිම වැලක් ලෙස ගොඩනැගීමේ හැකියාව පෙන්නුම් කිරීමට නාසා විද්‍යාඥයන් දැන් සමත්ව සිටිනවා.  ‘’මෙය අපව ප‍්‍රායෝගික නැනෝ ඉංජිනේරු ශිල්පය වෙත තවත් කුඩා පියවරකින් ලං කිරීමට සමත්වෙලා’’ යනුවෙන් අමෙස් තාරකා ජෛව විද්‍යාඥ ජොනතන් ටෙ‍්‍රන්ට් පවසනවා.

NASA NEWS හි NASA Studies Cellulose for Food and Biofuel Production  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending