මේක ටිකක් ප‍්‍රවේණි විද්‍යාත්මක” පාෂාණීධාතු විද්‍යාත්මක රහස් පරීක්ෂක කතාවක් වගේ දැනේවි. ජිරාෆ් සත්වයාට ඔය තරම් දිග බෙල්ලක් (ඔව්, දිග ඉදිරි පාද) ලැබුනේ කොහොමද? පුරාතන ජන ප‍්‍රවාද වල පමණක් නොව විද්‍යා ප්‍රජාව අතරෙ ද ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඇසූ, තවමත් ඇසෙන ප‍්‍රශ්නයක් යන්න අවිවාදිත යයි කිව හැකියි. ඒ වගේම පිළිතුරුත් අපමණයි. ඒත් ඔන්න දැන් ජිරාෆ් ආදිතමයන්ගේ ෆොසිල අධයයනයකට පින්සිදු වෙන්නට පර්යේෂකයන් අවසානයේ සොයා ගෙන තියනවා ජිරාෆ් ගෙල ඔය තරම් දික්වුණේ කොහොමද කියලා.
ජිරාෆ්ට ලකයක් නැති, ලීලාවක් නැති ඔය තරම් දිග ගෙලක් ඇත්තේ මොකද යන්න දිගු කාලයක් තිසසේ විද්‍යාඥයන්ට ගැඩළුවක්ව පැවතුණා. ඒ මොකද ජිරාෆ් පවුලේ දැනට ජීවත්වන එකම සාමාජිකයා වන ඔකාපිට ඇත්තේ කෙටි ගෙලක් වන අතර පොළවට ආසන්නයේ කොළ, පත‍්‍ර කා තමයි ජීවිතේ රැුකගන්නේ. ඉතින්, නිව් යෝක් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් මේ අභිරහස විසඳන්න ඉදිරිපත්වුණා.
ඔවුන්ගේ මේ පරීකෂණයේදී එකිනෙකට වෙනස් විශේෂ 11ක විවිධ සතුන් 71 දෙනෙකුගේ කශේරු ඒ කියන්නේ කොඳු නාරටි පරීක්ෂාවට ලක් කළා. ඔව්, ්ඇත්තටම වර්තමානයේ ජීවත්වන විශේෂයත් ඊට සම්භන්ද කර ගැනුනා. මෙසිදි මෙලින්ඩා ප‍්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට අනාවරණය කර ගැනිමට ලැබුණා ජිරාෆ් ආදිතමයන්ටත් බලාපොරොත්තුවුණාට වඩා මදක් දිග බෙල්ලක් තිබුණ බව. ඉන් අදහස් වුනේ බෙල්ල දික් වීම ආරම්භවුණේ වසර මිලියන 16 කටත් වඩා ඉස්සර ගිරාෆ්ඩේ උප කණ්ඩායම අනෙකුත් ද්වි පා ඇගිලි සතුන්ගෙන් බෙදී වෙන්විමට ප‍්‍රථමය.
මේ බෙදීමෙන් අනතුරුව කාලය ගතවත්ම එක පැත්තකින් කශේරු හැකිළෙන්න පටන් ගත් අතර අනෙක් පැත්තෙන් දික්වෙන්න පටන් අරන්ග මෙ නිසා තමයි වර්තමාන ජිරාෆ් ගේ බෙල්ලත් ඔකාපි බෙල්ලත් අතර උසෙහි මෙපමණ වෙනසක් දකින්නට ඇත්තේ. මේ අනුව, ‘සැබෑ දිගු-ගෙල’ ජිරාෆ් මතු වූයේ මෙයට වසර මිලියන 7.5 ක් වැනි කාලයකදීය. එයත් කෙටිකාලීන ක‍්‍රියාදාමයක් වුණෙ නැහැ. පරම්පරාවකට පසු තවත් පරම්පරාවක් වශයෙන් ජිරාෆ් ආදිතමයන්ගේ ගෙල අස්ථි මුදුනේ හො පහළ සිට දික්වෙන්නට පටන් ගත් බව පර්යේෂකයන් කියා සිටිනවා. එහෙත් නූතන ජිරාෆ් ගේ පමණයි කශේරු දෙපැත්තට දික්වීම සිදුවී ඔවුනව අද අපි සත්ව උද්‍යානයකදී දකින ආකාරයේ දිගු බෙල්ලක් බවට ජිරාෆ් බෙල්ල පත්වුණේ. උනන්දු දනවන තවත් කාරණයක් තමයි ඔවුන්ගේ ගෙල දික්වීම එක දිගට සුමට ආකාරයකට නොව අපිළිවෙලකට, කඩින් කඩයි සිදුවී ඇත්තේය යන්න. එය එක්තරා ඉලක්ක ගත කාරණාවක් නොව සම්පාතයක් ලෙස අවසන් වී තිබෙනවා. පරිණාමිය වශයෙන් ගත් කළ අහඔු ලෙස අත්වු වාසියකින් ජිරාෆ් ගෙල දික්වි ඇති බවයි මෙම පරීක්ෂකයන්ගේ නිගමනය.
SMITHSONIAN Smart News හි How the Giraffe Got Its Long Neck: It Happened in Spurts ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න