‘පෙමින් වෙළීමෙන්’ සීබ්‍රා ෆින්චි පක්‍ෂීන් වඩාත් සාර්ථක දෙමාපියන් බවට පත්වන බව ජර්මානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙති. තම සහකරුවන් තෝරා ගනනා ෆින්චි පක්‍ෂීන්ගේ පැටව් ජිවත්වීමේ ශක්‍යතාව අනෙක් අයට වඩා 37% වැඩි බව PLOS Biology සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වෙයි. මිනිස් අප ආලයේ අනුසරණ යාම ගැන කිසියම් අදහසක් මේ අධ්‍යයනය මාර්ගයෙන් මතුකර ගත හැකිවෙතැයි ද අපේක්ෂිතයි. ඉදිරි ජීවිතය ගත කිරීම පිණිස ඉතාමත් පරිපූර්ණ පුද්ගලයා සොයමින් ජනයා වසර ගණනාවක් ගත කිරීමට ඉඩ ඇත. හුදු ආලයේ අනුසරණ යන අතරවාරයේ නොයෙකුත් අකරතැබ්බයන්ට, සිත් කඩාවැටීම්වලට, වෙන්වීම්වලට ද ඔවුහු යොමුවෙති. එහෙත් මේ ව්‍යායාමයේ අරුත කිම? එ්කායන අරමුණ වන්නේ අවසානයේ වර්ගයා බෝකිරීම නම් ආලයෙන් වෙළීමට වෙහෙස ගන්නේ කුමකට ද?
සුවිශේෂී කුඩා කුරුල්ලෙකුගේ ආධාරය ඇතිව ආලයෙහි සැබෑ අභිප්‍රායවන්නේ කුමක්ද යන්න සොයා ගැනීමට ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පක්‍ෂී විද්‍යා ආයතනයේ(Max Planck Institute for Ornithology ) විද්‍යඥයෝ දැන් සමත්ව සිටිති. අපේ රටේ සුලබ නොවුණත් බටහිර රටවල තරුණ තරුණියන් අතර විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු පෙම්වතුන් ලෙස හමුවීම ගමන්බිමන් යාම, සාදවලට සහභාගිවීම ආදී ‘ප්‍රේම චර්යා’ (‘dating’) හෝ පුරුදු සුලබය. මිනිස් අපගේ මේ ප්‍රේම චර්යාවන්ට සමාන චර්යාවන් බොහොමයක් සීබ්‍රා ෆින්චියන් අතරේ ද පොදුවේ දක්නට ලැබෙන බව පර්යේෂකයන්ගේ මතයයි.ඔවුහු ජීවන කාලය පුරාවට ඒක විවාහික සබඳතා(monogamous relationships) පවත්වති. දෙමාපියන් වශයෙන් වගකීම් බෙදා හදා ගන්නා අතර සහකාරියක හෝ සහකරුවෙකු තෝරා ගැනීම කලින් නිගමනය කළ හැකි ආකාරයකට හැමවිටම සිදුවන්නේ නැත. ඒ වගේ ම මිනිස් අප අතරේ සිදුවන්නාක් මෙන්ම, පරිපූර්ණ සහකරු කෙබඳු ද යන්න ගැන ගැහැනු ෆින්චියන් හැම විටමත් එකඟතාවයකට එළඹෙන්නේ ද නැත. එසේ කරනු වෙනුවට, ජීවිත කාලයම ගතකරන සහකරු තෝරා ගැනීම සිදුකෙරෙන්නේ ඔවුන්ගේ ජානවල අනුරූපතාවට වඩා චර්යාමය අනුරූපතාව පදනම් කර ගනිමිනි.
මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ලෙස ක්‍රියා කළේ මලිනා ඉහ්ලේය. අධ්‍යයනයට සීබ්‍රා ෆින්ච් 162 ක් තෝරා ගැනුණු අතර ඔවුන්ට රිසිසේ ජෝඩුවීමට ඉඩ හැරිණ. සිය ‘වේගවත් ප්‍රේම චර්යා’ (‘speed dating’) අවස්ථාවේදී ෆින්ච් පක්‍ෂීන්ට තමුන් කැමැති සහකරුවන් තෝරා ගැනීමට හැකියාව ලැබිණ. මොවුන් අතරින් හවුල්කාරකම් හෙවත් හවුල් සබඳතා (partnerships) ඇති කරගත් පක්‍ෂීන්ගෙන් භාගයක් වෙන් කරගත් ඉහලේ පිරිමි ‘සහකරුවන්’ වෙනස් කළේ ජෝඩු අතරින් භාගයක ස්ත්‍රී පක්‍ෂීන් තමන් විසින් තෝරා ගනු නොලැබූ සහකරුවෙකු සමහ ජෝඩුවන ආකාරයටය. අනතුරුව කණ්ඩායම් දෙකේම පක්‍ෂීන්ට නිදැල්ලේ සම්භෝගයෙහි යෙදීමට ඉඩ හරින ලද අතර විද්‍යාඥයෝ එම පක්‍ෂීන්ගේ හැසිරීම හෙවත් චර්යාව මෙන්ම ඔවුන්ගේ බිත්තරවල ඉරණම නිරීක්‍ෂණය කළෝය.
“පැවරුණු ජෝඩු (assigned pairs කපුකමින් ජෝඩු කළ) ආලවන්ත කමින් හීන විය. ඔවුන් එකිනෙකාට එතරම් සමීප බවක් නොදැක්වීය. පැවරුණු ජෝඩුවල ස්ත්‍රී පක්‍ෂය තමන්ට පැවරුණු සහකරු සමග සම්භෝගයේ යෙදීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.” යනුනේ ඉහ්ලේ කියයි. පැවරුණු ජෝඩුවල පිරිමි පක්‍ෂයේ පක්‍ෂීහුද වෙනස් අන්දමට හැසිරුණාහ. ඔවුන් වැඩිකොට ව්‍යාභි සංවාසයට(more promiscuous) නැඹුරු වු අතර තම කැදැල්ල ගැන එතරම්ම සැලකිල්ලක් දැක්වූයේ නැත. මෙහිදී වඩාත් කැපී පෙනෙන ප්‍රතිඵලය වුණේ තම කැමැත්තෙන් ජෝඩුවීමට අවස්ථාව ලද ජෝඩුවල දෙමාපියන්ගේ පැටව් ජිවත්වීමේ ශක්‍යතාව 37% කින් වැඩියි. ෆින්ච් පක්‍ෂීන් ජානමය අනුරූපතාව අනුව නොව චර්යාමය අනුරූපතාව අනුව සිය සහකරුවන් තෝරා ගත් බවට නිගමනය කිරීමට එය ඉහලේට මග පෑදීය.
මෙයට හේතුව කලල නොනැසී පැවතීමේ අනුපාතය අනිත් කණ්ඩායම් දෙක අතර වෙනසක් නොදැක්වීමයි. නමුත් ෆින්ච් පැටව් නොනැසී පැවතීම සිය කැමැත්තෙන් සහකරුවන් තෝරා ගත් කණ්ඩායම අතර බෙහෙවින් වැඩිවීමය. මීට ඉහත කරන ලද අධ්‍යයනවලින් පෙන්නුම් කළේ කලල මර්ත්‍යතාව ජානමය නොගැළපීම් (අසංගත බව) නිසා බවයි. පැටව් මර්ත්‍යතාව ඇතිවන්නේ දෙමාපියන් සතුව අසංගත චර්යාවන් තිබීමයි. මෙයින් හැඟවෙන්නේ, එකිනෙකා තෝරාගත් ෆිංචි පක්‍ෂීන් එසේ කළේ චර්යාමය අනුරූපතාව සලකා බවයි. වෙනත් වචනවලින් දක්වතොත් ඔවුන් එකිනෙකාව තෝරා ගන්නට ඇත්තේ ‘ප්‍රේමය’ පදනම් කරගෙනය. අවසානයේ දී ඔවුන් සාර්ථක දෙමාපියන් බවට පත්කිරීමට එය මග පෑදීය.
The Naked Scientists, Science News හි The Evolution of Love ලිපිය අැසුෙරනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න